‘සුද්දා මගේ නහය කැඩෙන්න ගැසූ බව ගෝඨාභය රාජපක්ෂ රූපවාහිනී සාකච්ඡාවකදී කියා තිබුණා. මං අහන්නේ මම නහය කැඩෙන්න ගැහුවා කියන්නේ මට බරපතල තුවාලනේ. ගුටුකාපු මා මාසයක් විතර ඇතුළේ (හිරේ) හිටියා. ගහපු සුද්දා ඇයි දවසක්වත් ඇතුළේ දැම්මේ නැත්තේ?‘ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා මාධ්‍යයට පැවසීය.
‘මම රෝහලේ හිටපු ෆොටෝ බලන්න. මගේ නහය හතර පස් සැරයක් කැඩිලා තියෙනවා. මේවා රබර් වගේ. මට ගුටිකන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නොවෙයි. මේ සුද්දා ගැහුවේ මං අනිත් පැත්ත බලාගෙන ඉන්දි. මම ඇතුළට ගියා. මට ගහපු සුද්දා තවම එළියේ.
මගේ ප්‍රශ්නයක් තියෙනවා නම් තිබිලා තියෙන්නේ නයිට් ක්ලබ්ස්වල. මං දේශපාලන වේදිකා කුඩු කරලා නෑ. දේශපාලනඥයන් එක්ක ගහගෙන නෑ. මට වෙන පක්ෂයක් එක්ක කිසි ප්‍රශ්නයක් නෑ. ‘
ඔබට නාමයෝජනා ලැබේදැයි මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් මාලක කීවේ තමා ඡන්දය ඉල්ලන බවයි.
‘මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියටයි මං ගරු කරනවා. ඔවුන් මට සෑහෙන්න උදව් කර තිබෙනවා.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දකුණේ අනාගත නායකයෙක්. උණුසුම් සුබපැතුම්.(බ)
රටම ගඳගස්සන වැඩ කරන්න නහයක් කුමටද. (ස)
නහය නොකැඩි බේරුනොත් ඇති දේශපාලනයට ඇවිත්.(හේ)
ඡන්දෙ දෙන අපිටයි ගහන්න ඕනේ (දී)
දේශපාලනය නම් ඕනේ නැහැ (දී)
කිසිම මාධ්‍යකින් මැරයන වීරයන් නොකළ යුතුයි (දිල්)
නහය කැඩිලා බේරුණා ඇති (නි)
මෙයා වගේ අය දේශපාලනයට ආවොත්, මේ වගේ අයට ඡන්දය දෙන්නෙත් නහයක් නැති අයම තමයි. මෙවැනි අයට නාමයෝජනා දුන්නොත්, ඒ ගැනත් ජනතාව තීන්දු කරාවි. (නි)
මේ වගේ අය එක්ක අපිට නම් හවුලේ කැඳවත් ඕනෑ නැහැ (නි)
ලංකාවේ කෙනෙකුට උගන්වන්න බැරි වුන පාඩම ඉගැන්වූ සුද්දා මොකටද හිරේ දාන්නේ (ම)
අපි බලන් ඉන්නේ දේශපාලනයට එනකම් තමයි . (ත)
ගේකට හොරෙන් පැනල අහුවෙලා ගුටි කෑවම හිරේට දාන්නේ හොරාව තමයි. ගෙදර අයිතිකාරයව නෙවෙයි. (ස)
තාත්ත කළ දේ පුතා නොකොළොත් එයා කවුද කියා කතාවකුත් තියෙනවානේ. (ත)
කවුද අප්පේ මේ අහිංසකයට ගැහුවේ? (ත)
ඔන්න මර්වින්ට සලකන්න හොඳ අවස්තාවක්. (ත)
මෙයාලට ඡන්දෙ දෙන්නේ ඉතින් බත් කන හරක් තමයි. අනික ඒ සුද්දා ඉංජිනේරුවෙක් නේ. මොනා උනත් එයා මෙයාට වඩා උගත් මිනිහෙක්. මෙයාගේ සහ මෙයාගේ තාත්තගේ පැටිකිරිය හැමෝම දන්නවනේ. මෙයාල වගේ අය තියාගෙන හිටි නිසා තමයි රාජපක්ෂ ලට උන් හිටි තැන් අහිමි උනේ. (ස)
තොත්ත බබා. අනේ පව් මෙයාට සුද්දෙක් ගහල. සුද්දෝන්න්ට පිස්සු නැහැ වෙන රටවලට ඇවිල්ල වලි දාගෙන නඩු කියන්න. මේ වගේ අයට ඡන්දෙ දෙන උන්ට ගහන්න ඕන. (ස)
මෙයාගේ නහය තියෙන්නේ ඔලුව පිටිපස්සේ ද කොහෙද . ගහල තියෙන්නේ අනිත් පැත්ත බලන් ඉද්දිලුනේ . ගොන් මර්වින්ගේ ගොන් පුතා . (ස)
ගහේ කටු උල්කරන්න ඕනෑ නැහැ කියනවනේ! (නි)
මේ වගේ අයටත් ඡන්දෙ දෙන්න තරම් මෝඩ මිනිස්සු ලංකාවේ ඉන්න නිසා තමයි ලංකාවට කවදාවත් වගතුවක් නැත්තේ. (නි)
මෙයා සුද්දගෙන් ගුටිකෑවේ ඇයි කියලා දන්නෙම නැතුව ඇති. (නි)
ගහල මදි. ඇඟිලි ගහන්ට ගියාට .. ඔඩෙල් එකෙන් කාපු විශිෂ්ට කෑම අමතක වෙලා. (ස)
අනේ අහිංසක මාලක පුතා! (නි)
අපිටයි ගහන්න ඕනෑ, හරිනම් (නි)
උගතෙක් උනාට ඒ සුද්දත් මහා මැට්ටෙක්. දෙන එක දෙන්න තිබ්බේ ආයිත් ඈනුමකට වත් සදාකල් කට අරින්න බැරිවෙන්න සහ තාත්තට උන ගන්න. බලමුකෝ ඔය යහ පාලනේ කට්ටිය මෙයාලට නොමිනේෂන් දෙයි ද කියල. (ස)
මේ දරුවත් හොඳ පුරවැසියෙක් වෙන්න නම් තිබුනා?? (නි)
චමිලා, ඔබේ කතාවට නම් හිනානොවී ඉන්නම බැහැ (නි)
ඉතින් ඒකතමයි වෙන්න ඕනෑ. සුද්දා මොනවටද ඇතුළට දාන්නේ? (නි)
දේශපාලකයොත් එක්ක ගහගන්නේ මොකටද? නහය නෙමෙයි කඩන්න තිබුණේ (නි)
චමිලා, නිකන් පැනලා දෙන්න එපා. සදාචාරය රකිමින් ප්‍රතිචාර දමමු නේද? (නි)
දැන් සුද්දවත් ඇතුළට දාන්නද මෙයා කියන්නේ? (නි)
ඇත්තටම චමිලා මම ඔයා ගැන ගොඩාක් අබම්බරයි වගේම ගොඩක් හිනා ආවා. මොකද අපි මේක කියෙව්වට ඒ ගැන එපමණ හිතුවේ නැහැ. ඔයාගේ අදහස කියවද්දී ඇත්තම නේන්නම් ඔයා කියන්නේ කියලා හිතුනා (නි)
අර සුද්දාට ජය වේවා!! (නි)
කාන්තාවන්ට කරදර කරනකොට අපේ ගමේ අය නම් හොඳ පාඩම් උගන්වනවා ආයේ නොකරන්නම (නි)
පරණ දේවල් එහෙම තවම කරගෙන යනවද? (නි)
කොන්ද පණ ඇති සුද්දෙක්.දේශපාලන හයිය තිබෙන පුතාලා කරන දේවල් වලට ලංකාවේ පිරිමි කරබාගෙන හිටියට කොන්ද පණ තිබෙන සුද්දා නහය කඩලා නිකන් හිටියා ඇති. (නි)
චමිලා හරි. (නි)
මේ රටේ අනාගතය බාරගන්න ඉන්න දරුවෝ. මඩගහලා දැන්මම මේ අය යටපත් කරන්න හදන්නේ (නි)
සමහරවිට 225 වන ඇමතිතුමා වෙන්නත් පුලුවන්. සුභ පැතුම් ! (නි)
ලංකාවේ දැන් තිබෙන්නේ යහපාලනය නිසා ප්‍රශ්නයක් වෙන එකක් නැහැ (නි)
නදිනි, ඔයත් මමත් බලාගෙන ඉන්නේ "මෙයාලා වගේ අයට " ජනතාව සළකනතුරු තමයි. නමුත් ඔයාට පෙන්නන්න පුලුවන්ද මේ අපේ ඉතිහාසයේ මෙයා වගේ කෙනෙක් ඡන්දයකින් පැරදුන අවස්ථාවක්? මොනවද ඔට්ටු? ඉල්ලුවොත් වැඩිම මනාපයෙන් ඒවි. (නි)
මොනවද චමිල, ඔයාටයි මටයි තියෙන්නේ කෑගගහා බලා ඉන්න විතරයි. හෙට අනිද්දා ඇමතිකමක් දුන්නත් පුදුම වෙන්න එපා! (නි)
දේශපාලකයන්ගේ දරුවන් ආදර්ශවත්ව හැසිරියයුතු නොවේද? (නි)
එතකොට පසුගිය රජයේ හොටියේ හොඳ බෝපැල වගේ ආදර්ශවත් දේශපාලකයෝද? මොනවා කරන්නද හැමදේම පාට කණ්ණාඩියෙන් බලා සමහරු අදහස් දමනකොට. (නි)
අනේ පවු. තාත්තාගේ කටින් වැරදි වචනයක් පිටවුණාලු. පුතාගේ කටත් හොඳට හැදීගෙන එනවා වගේ. ඔහොම යමු. (නි)
අනේ චමිලා, මෝඩ කෙල්ලේ, අනිත් පැත්ත බලාගෙන ඉන්නවා කියන්නේ අංශක 180 ට හැරිලා ඉන්නවා කියන එක නෙමෙයි. (නි)
සුද්දාව පැත්තකට තියලා අර සුද්දී ගැන පොඩ්ඩක් කියමුද බලන්න. (නි)
රටේ දියුණ සැදුම ඔබට බාරයි මගේ පුතේ ...// බාරයි මගේ පුතේ....// තරුණ සවිය රට රැකුමට යොදනු සොදින් සිතා .....// ඔබේ උපන් බිම කවදත් ඔබටයි මගේ පුතා....// ඔබටයි මගේ පුතා..// මෙතුමා දේශපාලනයට එන බවට ප්‍රකාශයක් කර තිබෙනවා නේද? අනාගත නායකතුමන්ට ජයවේවා...!! දකුණේ අපේ උපහාරය! (නි)
මොවුන්ට ඡන්දය දෙන්නේ නහය නැති අය තමයි (නි)
ඔක්කොම ඉන්න ඕනෑ ඇතුළේ (නි)
දුක කියන්නේ මේවා අහලත් බලලත්, මෙවැනි අයට අපේ අය ඡන්දෙත් දෙන එක. (නි)
කව්ද මේ වගේ අයට ඡන්දේ දෙන්නේ? (ම)
මෙයාගේ නහය තියෙන්නේ අපේ වගේ මූහුණේ නෙමෙයි වෙන්න ඇති. මොකද මූහුණ තියෙන්නේ ඔලුවේ ඉස්සරහනේ! (නි)
ඔයාලට ඡන්දෙ දෙන්න අපි මඟබලාගෙන ඉන්නේ. ඔයයි අප්පච්චියි දෙන්නම එන්නකෝ (නි)
අපි සුද්දගේ සපත්තු දෙක ලස්සනට පොලිෂ් කරලා දෙමු (නි)
සුද්දාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා! (නි)
මොවුන්ට නාමයෝජනා දෙන අයත් එකයි. ඡන්දය දෙන අයත් එකයි (නි)
අනේ අසරණයා! (නි)