පේරාදෙණිය රෝහලේ ළමා රෝග වෛද්‍යවරියකගේ කටුගස්තොට උඩුවාවල නිවෙසෙට ඇතුළු වූ සොරුන් පිරිසක් වෛද්‍යවරියගේ 76 හැවිරිදි මව ඝාතනය කර නිවසේ තිබූ විදේශ මුදල් රැගෙන ගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය කියයි. වෛද්‍යවරියත් අගේ සැමියාත් සේවයට ගොස් ඇති අතර ඇය පමණක් නිවසේ තනිවම සිට ඇත. මියගිය මව තරප්පුපෙළ අසල ලේ ගලමින් සිටියදී සොයාගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට හිතාගන්න බැහැ ලංකාවේ මෙච්චර අපරාද වෙද්දී ජනාදිපතිතුමා කොහමද ඇස් සහ කන් වසාගන ඉන්නේ කියල . (ස)
දැන් කට්ටිය කියන්න පටන් ගනී ජීවන වියදම දරාගන්න බැරි මිනිස්සු හොරකමට පෙලබිලා කියල. දුප්පත් මිනිස්සුන්ගේ ආදායම් වියදම් වාර්තාව ගෙනෙයි මෙතෙන්ට. අරපරිස්සමෙන් ජීවත් වෙනවා නම් ජීවිතේ ගැටගහගන්න පුළුවන්. හොරකමේ යන්න ඕනේ නැහැ. (නදී)
තව ටිකක් වැඩියෙන් අපරාද වාර්තා උනහම ඕවා ටිකක් අඩුවෙලා යයි (නදී)
ඉතාම කනගාටුදායක සිද්ධියක්. නමුත් දේශපාලුවන්ගේ බලය හොඳටම අඩු කරන තුරු මෙවැනි සිදුවීම් ශීග්‍රයෙන් වැඩි වේවි. අපරාධ කරුවන්ට වෙඩි තියන්න ඕන කියලා කිව්වට වැඩක් වෙන්නෙත් නැහැ. මූලික හේතුව නැති කරන්න නම් පක්ෂ දේශපාලනය ඉවත් කල යුතුයි. ජනතාවගේ නියම හතුරෝ නම් එක එක දේශපාලන පක්ෂයට ආවඩන, ඡන්දෙට වැඩ කරන, කාලකන්නි මිනිස්සු. උන් සේරම කරන්නේ පුද්ගලික වාසි වෙනුවෙන්. එම වාසි උන්ට ලබා දීමේදී ජනතාවගේ අයිතීන් පාවා දීමක් වෙනවා. (ස)
ලංකාවේ සිදුවන අපරාද නැවත්වීමට ජනාදිපති තුමා සහ රජය යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත උතු වෙනවා. (අ)
දැන් නම් කියක් ගියත් කමක් නැහැ කියලා, හොද සැර බල්ලෝ දෙතුන් දෙනෙක් ගෙදර ඇති කරන්න ඕනේ. ලොකු බෝඩ් එකකුත් " බල්ලන්ගෙන් ප්‍රවේසම් වෙනු " කියලා ගේට්ටුවේ ගහලා,සි.සි.ටි.වී.කැමරා ටිකකුත් හයි කරන්න ඕනේ.ලංකාවේ තත්වය, එතරම්ම භයන්කාරයි. (අ)
ලංකාවට දැන් මේවා සාමාන්‍ය දේවල්...... සුබ අනාගතයක්.(අ)
ලංකාව දැන් කොච්චර සංවර්ධනය ගැන උදම් ඇනුවත් මිනිස්සු ධාමරික වෙලා අපරාධ වැඩි වෙලා. මේ මවට නිවන් සුව. පවුලේ අයට මාගේ බලවත් ශෝකය. (අ)
මගේ මවුබිම අද ජීවත්වෙන්න ඉතාම භයානක රටක් බවට පත්වී ඇත මගේ දේශය දුෂණය මිනිමරුන්, මංකොල්ල කම්, අපචාරය රජයන දේශයක් බවට පත්වී ඇත මෙයට වග කිවුත්තේ රට පාලනය කරන අයගේ නොමන කම්, ආත්මාර්ථකාමී, නිතිය බල්දුකොට කරන ක්‍රියාවන් යයි ම විස්වාස කරමි. මගේ මවුද තනිවම අත්වුදව් කාරියක් සමග ජිවත් වුනෙමි අයටද වරක් හොරුන්ට මුහුණ දෙන්න සිදු වුන ජීවිතය රැකුනත් වින්ද මානසික දුක දරාගත නොහැක්යි (අ)
කොයි වෙලාවක බැලුවත් සංවර්ධනය ගැන පම්පෝරි ඇහෙනවා. වයසක බවලතෙකුට ගෙදර තනියම ඉන්න බැහැ. කටුගස්තොට කියන්නේ ජනාකීර්න නගරයක්. අනේ දෙවියනේ ඒ දුවට මොනවා හිතෙන්න ඇද්ද හවස ගෙදර ඇවිත් මේ අපරාධය දැක්කම. හරිම කනගාටුයි. (ස)
කවුරුත් කලබල වෙන්න එපා දැන්ම. ඡන්දෙ ලංවෙන කොට කුඩු අල්ලයි,එතනෝල් අල්ලයි. සමහර විට මරණ දඩුවමත් ක්‍රියාත්මක වෙයි. ඉන් පසු, ඒවා දැකලා, අහලා, අපේ බුද්ධිමත් ජනතාව මොකද කරන්නේ ? (නදී)
මේ නරුමයන්ට නම් යහතින් ඉන්න දෙන්න එපා දෙවියනේ. මුන් මව් කුසකින් ඉපදුනු අය නෙවෙයි (නදී)
චමින්ද සොයුර..., දැන් සි.සි.ටි.වී.හයි කලත් වැඩක් නැහැ, මොකද දන්නවද ., වරදකරු නිදහස් වෙනවා මොන වරද කරත්. (නදී)
මේ අයට වෙඩි තියන්න ඕන අනිවාර්යෙන්ම. හොරකන් කරනවා මදිවට අහිංසක අම්ම කෙනෙක් වත් නැති කරලා - ඇත්තටම එල්ලුම් ගහ ඕනේ නැහැ - එක වැඩි වියදමක් නැතුව ඔය අපරාධ කාරයන්න්ට කලාම අපේ සල්ලිත් ඉතුරු වෙනවා. (ස)
ඇයි කාලකන්නියනේ අම්මව මැරුවේ. සල්ලි අරන් යමල්ලා අම්මගේ ජිවිතේ ආයෙත් ගන්න පුලුවන්ද ?මොන හිතකින් අම්ම කෙනෙක්ව මැරුවද. උබලට ජාති ජාතිත් හෙන ගහනවා. (නදී)