(නයනජිව බන්ඩාර)
මහියංගන කෙසෙල්පොත ප්‍රදේශයේදි ගංජා වැටලිමකට ගිය සුරාබදු නිලධාරින් පිරිසකට අද (10) කෙසෙල්පොත ගම්මානයේ වැසියන් පිරිසක් පහර දී තිබේ. සුරාබදු පරික්ෂකවරයකු හා සුරාබදු නියාමකවරයකු තුවාල ලබා මහියංගන මුලික රෝහලට ඇතුළත් කර ඇතැයි ද මහියංගන පොලිසිය පවසයි.
සුරාබදු නිලධාරින් පහරදුන්බව කියමින් ප්‍රදේශවාසීන් දෙදෙනකුද මහියංගන රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචි මාර්ග කියයි. සුරාබදු නිළධාරින්ගේ රාජකාරියට බාධා කිරිම සම්බන්ධයෙන් ප්රදේශවාසියෙක් පොලිසිය විසින් අත් අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය පණ නැහැ කියල පෙනුනොත් කිසිම කෙනෙකුට නීතිය ක්‍රියාත්මක කරන්න බැරිවෙයි. වැටලීම්වලට යන පොලිස් නිලධාරීන් මරා දමන්න, සුරාබදු නිලධාරීන්ට පහර දෙන්න, වන නිලධාරීන්ට වෙඩි තියන්න අපරාධකාරයෝ සුදානම් නම් නීතිය පණ නැහැ කියලයි මට හිතෙන්නේ.
තමන්ට පහර දීමට පැමිණි මැරයන්ට පහර දුන් නිලදරින්ට ස්තුතියි. ඔවුන් රැක ගැනීම උසස් නිලදාරීන්ගේ යුතුකම. එදා මා රජයේ සේවකයෙක්ව සිටියදී නගරයේ කානු වලට මාළු කුණු අපවිත්‍ර ද්‍රව්‍ය දැමීමට විරුද්ධවු අවස්ථාවේ මාව මාළු සේ කපන බවට මාළු වෙළදුන් තර්ජනය කළා. එතනට එදා පැමිණි උපදිසාපතිවරයා හැකිනම් කපන ලෙසට තර්ජනය කලා ..මාළු කුණු දැමීම එතනින් අවසන්. වරක් පදික වෙළදුන් මට පහර දුන්න. එදා මගේ උසස්ම නිලදාරිය වටකර පහර දෙන ලෙසට පැවසුවා. ආපසු ආයතන සේවකයන්ට පහර දුන්නේ නැහැ. පිස්සු බල්ලන්ව බලය යොදා විනාස කරනවා මිස පිරිත් නුල් බැදීමෙන් ඔවුන් හැදෙන්නේ නැහැ.
දැඩි දඬුවම් දෙන්න
සුරාබදු නිලධාරීන්ගේ විෂය පථය තුල ගංජා අල්ලන්න හැකියාවක් නැහැ . රජයට අයවිය යුතු (සුරා )බදු නොගෙවා, මත්පැන් නිපදවීම හෝ විකිණීම වරදක් උනාට ගංජා වලට බදු අය කරන්නේ නැහැනේ . ඒක අයිති පොලිසියටයි