ලබන 31 වැනිදා සීගිරියේ යොවුන් පුරයේ තරුණයෝ 5000ක් ඉදිරියේ ගූගල් බැලූනයක් ප්‍රදර්ශනය කිරීමට බලාපොරොත්තුවන බවත් ගියවර කඩාගෙන වැටුණද ගොඩබෑවද කියන එක සම්බන්ධයෙන් විවිධ කථා පැතිර ගිය බවත් ඒ අනුව ගූගල් ලූන් බැලූන සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් සිදුකිරීමට බලාපොරොත්තුවන බවත් විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (29) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
වත්තල ඇවිදින මංතීරු කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ හරීන් ප්‍රනාන්දු ඇමැතිවරයා කියා සිටියේ ගමට යන්න තිබූ පාර අවහිර කර ඇවිදින මංතීරු දෙකක් සකස් කර තිබූ බවත් මෙම පාර පුළුල් කර සකස් කිරීමට අවශ්‍ය කටයුතු යෙදුවා හැර පළිගැනීමේ චේතනාවෙන් ගල් ගලවා මෙය කඩා ඉවත් කිරීමට උපදෙස් නොදුන් බවත් ජෝන් අමරතුංග මහතා තමාට පැවසූ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට ගියාමයි දැක්කේ බුදු අම්මෝ රට හැම තැනම.. වයිෆයි.. ගූගල්. හරීන් මහත්තයාත් දකින්න ඇති මයේ හිතේ. ඒ වුනාටමට නම් වයිෆයි හම්බුණේ නෑ (බ)
මොනවා කියන්න බැරිද? මෙයා හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න ඔක්කොම මෝඩයි කියල වෙන්න ඇති. (බ)
වයි ෆයි නොමිලේ දෙනවා කියල දුරකථන ගාස්තුත් වැඩි කරපු එකේ බැලුම් වත් පෙන්නමු. (ර)
අන්න රුපියලත් පාවෙනවා (නි)