(සුජිත් හේවාජුලිගේ)
කාලගුණ විපතින් අපනයන ක්ෂේත්‍රයේ ඇඟලුම් ඇතුළු විවිධ ආයතන සහ කර්මාන්තශාලා 121 කට නොයෙක් ආකාරයේ හානි සිදුව ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැවසීය.
මින් 38කට පූර්ණ හානිද 48කට අර්ධ හානිද සිදුව ඇති බව හෙතෙම සඳහන් කළේය.
ඇඟලුම් ආයතන හයකටද කුළුබඩු නිෂ්පාදන ආයතන පහකටද තේ සම්බන්ධ ආයතන අටකටද රබර් ආශ්‍රිත කර්මාන්ත තුනකටද ආහාරපාන ආශ්‍රිත කර්මාන්තශාලාවකටද පොල් ආශ්‍රිත කර්මාන්ත ශාලා පහළොවකටද මැණික් ආශ්‍රිත කර්මාන්තශාලා හතරකට ද ඉලෙක්ට්‍රොනික ආශ්‍රිත කර්මාන්තශාලා දෙකකටද මත්ස්‍ය ආශ්‍රිත කර්මාන්තාලා අටකට මෙලෙස හානි සිදුව ඇත.
ඇඟලුම් කර්මාන්තශාලා අතුරින් කර්මාන්ත ශාලාවකට දැඩි හානිද තවත් කර්මාන්තශාලා පහකට අර්ධ හානිද සිදුව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.
කර්මාන්තශාලාවලට සිදුවුණු හානි පිළිබඳ දැනුම් දෙන ලෙස මණ්ඩලය කළ ඉල්ලීම අනුව අපනයනකරුවන් 121 දෙනෙකු ඒ සඳහා ඉදිරිපත් වුණු බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
මේ අතර රටපුරා නිෂ්පාදන ආයතන වලට වූ හානිය මෙන්ම පාඩුව තක්සේරු කිරීමේ වැඩපිළිවෙළක්ද රජය ආරම්භ කර තිබේ.
2025 දෙසැම්බර් මස 04
506
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
474
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගංවතුරෙන් අපනයන ආයතන 38ක් සුන්
Saman Monday, 08 December 2025 01:27 PM
අර එක්කෙනෙක් කිව්වා වගේ නවීන තාක්ෂණයෙන් ගංවතුර පාලනය කළා නම් මේ දේවල් වෙන්නේ නෑ නේ...
How Sad Monday, 08 December 2025 02:54 PM
කරන්න තිබ්බ මිනිහාට කවුරුත් කියලා නෑ නේ. කියලා තිබ්බා නම් එක මිටට අරන් කරන්නේ