IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


ගං වතුර නඩුව කල් දමයි

 22 හැවිරිදි මෙහෙකාරියක අතවර කර පහර දුන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘට එරෙහි නඩුව සැප්තැම්බර 14 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

ඔහුගේ නීතීඥවරයා ගං වතුරට අසුවී උසාවියට පැමිණීමට නොහැකිවීම ඊට හේතුවයි. ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්දගේ නිවස තද බල ලෙස ගංවතුරෙන් යටවී ඇතැයි ඔහුගේ කණිෂ්ඨ නීතීඥවරු මහාධිකරණ විනිසුරු නිශ්ශංඛ බන්දුල කරුණාසේන මහතාට දැන්වූහ.



අදහස් (0)

ගං වතුර නඩුව කල් දමයි

උපාලි Monday, 23 May 2016 11:49 AM

අනේ ගං වතුරත් හරියට වැඩක් කරන්න දන්නේ නැති හැටි.(බ)

:       0       0

කෝනාර Monday, 23 May 2016 10:52 PM

වැරදි කළවුන් නඩු කල්යනවාට කැමති වෙති. සාධාරණ මිනිස්සු තම නඩුව ඉක්මනින් අසා නිමකිරීමට කැමති වෙති (නි)

:       0       0

අසංක Monday, 23 May 2016 10:52 PM

නඩු ඇද අැද මොනතරම් කාලයක්, සල්ලියක්, මිනිස් ජීවිත වල වටිනාකම් නිකරුනේ නාස්ති කරලා දානවද? (නි)

:       0       0

මනීෂා Tuesday, 24 May 2016 02:29 AM

විත්තිය අසනිප වුණත්, පැමිණිල්ල අසනිප වුණත්, විත්තියේ නිතිඥතුමා අසනිප වුණත්, පැමිණිල්ලේ නිතිඥතුමා අසනිප වුණත්, විනිසුරුවරයා අසනිප වුණත් නඩු කල්යනවා මාස 3 -4 කටම. අනේ මේවා අහලා ඉවර වෙන්නේ කවදාද? නිවැරදි මනුස්සයා ඉක්මනට තීන්දුවක් ගන්න බලාගෙනයි ඉන්නේ (නි)

:       0       0

ඉසංක Tuesday, 24 May 2016 02:33 AM

ගංවතුර පවා කරන්නේ අවුරුදු ගණන් ඇදෙන නඩු තව තවත් කල්යැවීමයි. අනේ කාලගුණය, ඔබත් අකාරුණාවන්ත ඇයි මේතරම්? (නි)

:       0       0

සේපාලිකා Tuesday, 24 May 2016 02:35 AM

බොරුවට නඩු කල්අදින අයව උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනෑ, කරන කලට පව් මිහිරිය මී සේ. විදින කලට පව් දැඩිවෙයි ගිනිසේ කියන එක මතක් කරගෙනම මිනිසුන්ව රස්තියාදු කරන්න. (නි)

:       0       0

ඉලංගකෝන් Tuesday, 24 May 2016 02:50 AM

නඩුවක් කල්ගියයි කියලා නිතිඥවරු ගන්න ගානෙ නම් අඩුවක් නැහැ. කිසි ලැජ්ජාවක් නැතුව සල්ලි ගන්නවා. අන්තිමේ බැලුවම අපි එච්චර ගෙවලා තියෙන්නේ දිනයක් ගන්නවට විතරයි. (නි)

:       0       0

ගල්ගමුව Tuesday, 24 May 2016 02:52 AM

අධිකරණ ඇමතිතුමනි, අපරාධ නඩු නොව සිවිල් නඩුවත් ඉක්මනින් අවසන් කිරිමට විධිමත් ක්‍රමවේදයක් ඉක්මනින් හදුන්වා දෙන්න. මෙම අනවශ්‍ය සහ සිතාමතාම කරන කල් ඇදිම නිසා අසරණ වන්නේ සාධාරණ මනුෂ්‍යයයි. සාධාරණ කෙනාට සාධාරණය ඉටුකරන්න ප්‍රමාද වන්නේ ඇයි? (බ)

:       0       0

අමල් Monday, 23 May 2016 01:26 PM

වැරදි නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 153 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 775 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 377 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site