22 හැවිරිදි මෙහෙකාරියක අතවර කර පහර දුන්නැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිසුරු සරත් ද ආබෘට එරෙහි නඩුව සැප්තැම්බර 14 දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.
ඔහුගේ නීතීඥවරයා ගං වතුරට අසුවී උසාවියට පැමිණීමට නොහැකිවීම ඊට හේතුවයි. ජනාධිපති නීතීඥ ටිරන්ත වරලියද්දගේ නිවස තද බල ලෙස ගංවතුරෙන් යටවී ඇතැයි ඔහුගේ කණිෂ්ඨ නීතීඥවරු මහාධිකරණ විනිසුරු නිශ්ශංඛ බන්දුල කරුණාසේන මහතාට දැන්වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ගං වතුරත් හරියට වැඩක් කරන්න දන්නේ නැති හැටි.(බ)
වැරදි කළවුන් නඩු කල්යනවාට කැමති වෙති. සාධාරණ මිනිස්සු තම නඩුව ඉක්මනින් අසා නිමකිරීමට කැමති වෙති (නි)
නඩු ඇද අැද මොනතරම් කාලයක්, සල්ලියක්, මිනිස් ජීවිත වල වටිනාකම් නිකරුනේ නාස්ති කරලා දානවද? (නි)
විත්තිය අසනිප වුණත්, පැමිණිල්ල අසනිප වුණත්, විත්තියේ නිතිඥතුමා අසනිප වුණත්, පැමිණිල්ලේ නිතිඥතුමා අසනිප වුණත්, විනිසුරුවරයා අසනිප වුණත් නඩු කල්යනවා මාස 3 -4 කටම. අනේ මේවා අහලා ඉවර වෙන්නේ කවදාද? නිවැරදි මනුස්සයා ඉක්මනට තීන්දුවක් ගන්න බලාගෙනයි ඉන්නේ (නි)
ගංවතුර පවා කරන්නේ අවුරුදු ගණන් ඇදෙන නඩු තව තවත් කල්යැවීමයි. අනේ කාලගුණය, ඔබත් අකාරුණාවන්ත ඇයි මේතරම්? (නි)
බොරුවට නඩු කල්අදින අයව උඩ ඉන්න දෙවියොම බලාගන්න ඕනෑ, කරන කලට පව් මිහිරිය මී සේ. විදින කලට පව් දැඩිවෙයි ගිනිසේ කියන එක මතක් කරගෙනම මිනිසුන්ව රස්තියාදු කරන්න. (නි)
නඩුවක් කල්ගියයි කියලා නිතිඥවරු ගන්න ගානෙ නම් අඩුවක් නැහැ. කිසි ලැජ්ජාවක් නැතුව සල්ලි ගන්නවා. අන්තිමේ බැලුවම අපි එච්චර ගෙවලා තියෙන්නේ දිනයක් ගන්නවට විතරයි. (නි)
අධිකරණ ඇමතිතුමනි, අපරාධ නඩු නොව සිවිල් නඩුවත් ඉක්මනින් අවසන් කිරිමට විධිමත් ක්‍රමවේදයක් ඉක්මනින් හදුන්වා දෙන්න. මෙම අනවශ්‍ය සහ සිතාමතාම කරන කල් ඇදිම නිසා අසරණ වන්නේ සාධාරණ මනුෂ්‍යයයි. සාධාරණ කෙනාට සාධාරණය ඉටුකරන්න ප්‍රමාද වන්නේ ඇයි? (බ)
වැරදි නැත්නම් බයවෙන්න දෙයක් නැහැ. (ර)