යහපාලන ස්ටෝර්ස් එකෙන් බඩු ලාබ කරල මාස දෙකක් විතර වෙන නිසා බජට් බුවාට ඕන වුණා ජනම්ස්ල බඩු කන බොන හැටි හොයල බලන්න. බඩු ඉම්පෝට් කරන බූවාල සේරම ගෙන්න ගෙන බජට් බූවා පොඩි චෙකප් එකක් දැම්මා. ජනම්ස්ලගෙ සාමිය කොහොමද? බජට් බුවා වැඬේට එන්ටර් වුණේ එහෙමයි.
ජනම්ස්ලට දැන් හාල්මැස්සොයි, කොත්තමල්ලියි දෑහට පෙන්නන්න බෑ කියනවා. හාල්මැස්සො කාලම කොත්තමල්ලි බීලම එපා වෙලා කියලයි කියන්නෙ. උම්බලකඩ කනවා කියල කොච්චර කන්නද? හොඳි හදලත් කන්න බෑ කියල තමයි ජනම්ස්ලගෙ ටෝක් එක. ඉම්පෝට් බුවාල සේරම ටික කිව්වෙ එහෙමය.
ජනම්ස්ල බස්සපු බඩු ගන්නවද බජට් බුවා තව බෝලයක් දැම්මේය. පිස්සු පීකුදු බොස්! බඩු යන්නෙ හරියට පිටකොටුවේ ට‍්‍රැපික් ජෑම් එක වගේ. අපේ ගතම් එක දැන් ගල්ටික් වෙලා තියෙන්නේ. ඉම්පෝට් බුවාල දුක කීවේ පුල් අප්සෙට් පිටය. හරි හරි ඕකට පොඩි පාරක් දාන එකයි තියෙන්නේ. සිම්පල් නේ මං දෙන්නම් ගුඞ් ඇඞ්වයිස් එකක් කියූ බජට් බුවා ඇඞ්වයිස් පාර ඉම්පෝට් බුවාලට දුන්නේය. යන්නෙම නැති කොත්තමල්ලි සීයේ පැකට් ගහල ඔය පේමන්ට් බුවාල ටිකක්, අරගෙන උන්ට බාර දුන්නම උන් බඩු ටික සේල් කරයි හරියට වාෂ්ප වුණා වගේ. තව ඕක කරන ගමන් කොත්තමල්ලි පාරකුත් ජනම්ස්ලට ප‍්‍රී එකේ දුන්න නම් බඩු බනිස්ම තමයි. බජට් බුවා ඇඞ්වයිස් පාර දැම්මේය. කොත්තමල්ලි පාර දෙන්නෙ කොහොමද බොස් ඉම්පෝට් බුවෙක් ඇසීය.
ඔය උදේට කොළ කැඳ විකුණන කරත්තයක් හයර් කරලා පේමන්ට් බුවාල ළඟින්ම තියාගෙන තම්බල දෙන්න පුළුවන් ජනම්ස්ලට ප‍්‍රී එකෙන් දෙනව නම් තමයි ජනම්ස්ලට ආතල් එක හම්බවෙන්නේ. මම ඔය බස්සපු බඩු දෙන සින්දුවක් හදල ටී.වී. එකෙයි රේඩියෝ එකෙයි දාන්න ඇඞ් පොරකට බාර දීල තියෙන්නේ බජට් බුවා ඇඞ්වයිස් එක දුන්නේ එහෙමය.
ඉම්පෝට් බුවාලත් ගල්ටික් වෙලා තියෙන ගතම් එක බේරගන්න බජට් බුවා කියපු විදියට කොත්තමල්ලි සීයේ පැකට් ගහල පේමන්ට් බුවාලට වැඬේ බාර දුන්න. කොළ කැඳ කරත්තයකුත් හයර් කරල කොත්තමල්ලි හැලි දෙකකුත් සෙට් කරල පේමන්ට් බුවාලත් දැන් වැඬේට එන්ටර් වෙලා.
බඩු සේල් කරන හැටි පේමන්ට් බුවාලට සිම්පල් මාකටින් ප‍්‍රමෝෂන් වලට පේමන්ට් බුවාල ඔස්තාර්ල තියල ඉම්පෝට් බුවාලට තේරුනේ බඩු පුල් ස්පීඞ් එකේ යන විදිය බැලූවාමය.
පකිස් පෙට්ටියක් උඩට නැග්ග පේමන්ට් බුවෙක් ජනම්ස්ලට ඇහෙන්න මරහඬ දෙන්න පටන් ගත්්ත.
අලි ආවා x බඩු ආවා
පොඩි පුතාගේ ඖෂදේ
ලොකු සීයගෙ ඖෂදේ
හෙම්බිරිස්සා මාරයා
පේමන්ට් බුවාල ළඟම කොත්තමල්ලි වතුර බෙදිල්ලත් ස්ටාට් කරල. ජනම්ස්ල පෝලිමේ එන්ටර් වෙලා කොත්තමල්ලි පාර දානවා. පෝලිමේ සිටි වයසක පොරක් තව පොරක් ගෙන් ඇහුවෙ කොත්තමල්ලි පාරට ගතම් එක ගන්නවද කියලය. පිස්සු ඩබල් ප‍්‍රී එකේ තමයි දෙන්නේ පොර කීවේය. එතකොට මේක අර අරලිය දන්සල ද? වයසක පොර ආයිත් පාරක් හොට දැම්මේය. බණ ටෝකින්! ඒක ක්ලෝස් කරල දැන් දාල තියෙන්නේ යහපාලන දන්සල පොර රිප්ලයි එක දුන්නේය. පේමන්ට් බුවාලත් මාර්කටින් ප‍්‍රමෝෂන් එක සැරින් සැරේ වෙනස් කරනවාය.
අපේ මල්ලි x කොත්තමල්ලි
අලි ආවොත් බඩුම තමයි
හැමදාම නෑ x හැම තැනම නෑ
පේමන්ට් බුවාලගේ වැඬේ නැගලාම යනවාය. ජනම්ස්ල පෝලිමේ ඇවිත් කොත්තමල්ලි පාර දාගෙන පේමන්ට් බුවාගෙන් සීයේ පැකට් එකත් අරගෙන මාරු වෙයි.
බඩු ඉවර වෙන කොට තව පේමන්ට් බුවෙක් කොත්තමල්ලි පැකට් ගෝනි දෙක තුනක් ගලයි. පැය දෙකක් යනකොට බඩු බනිස්ම වෙලා. පේමන්ට් බුවාලට පුල් සැටිස්ය. ගතම් එක කාලෙන් කාලෙ ඉම්පෝට් බුවාලගෙ ගතම් බේරලා පේමන්ට් බුවාලටත් දැන් සම්තිං ලැබිලායි.
ඉම්පෝට් බුවාලටත් දැන් පුල් හැපිය. ගල්ටික් වෙලා තිබුණු ගතම් එක රිලැක්ස් වීම නිසාය.
පහුවදාටත් කොත්තමල්ලියි හාල්මැස්සොයි ඩබල සිල් ඇරන් ඇගි‍්‍ර වෙච්ච පේමන්ට් බුවාල මාරු වුණා.
පහුවදාත් දැන් වැඬේට පේමන්ට් බුවාල එන්ටර් වෙලාය. අම්මට සිරි ආතල් සින්දුවක් යනවනේ. කියූ පේමන්ට් බුවත් ඉනේ ගහගෙන තිබු පොකට් රේඩියෝ එකේ සද්දෙ වැඩි කළේය.
ලාබ කලා x දැන් කාල බලන්
හොඳ නංගි වරෙන් හොඳ මල්ලි වරෙන්
පන්සල x පල්ලිය x කෝවිල දන්සල
ගේ දොර කුස්සිය x යහමින් බඩු ඇත.
කාල බලන්.......
හොඳ නංගි වරෙන් x හොඳ මල්ලි වරෙන්
හාල්මැස්සො x උම්බලකඩ
කොත්තමල්ලි උඳු මුං ඇට
බස්සපු ගානට අරගෙන
උයලා බලන් x දැන් කාල බලන්
හොඳ නංගි වරෙන් x හොඳ මල්ලි වරෙන්
රේඩියෝ එකෙයි, ටී.වී. එකෙයි දැන් සින්දුවට පුල් පබ්ලිසිටි. පේමන්ට් බුවාලටත් දැන් වැඬේ ඊසිිය. කොත්තමල්ලි හාල්මැස්සො ඩබල දැන් යන්නේ හයිවේ ස්පීඞ් එකටය. කොත්තමල්ලි දන්සල් පානේ නැගලම යනවාය.
දැන් ඉම්පෝට් බුවාලගෙ බඩු සේරම පිනිස්ය. ඉම්පෝට් බුවාල හැපී මූඞ් එකෙන්ම බජට් බුවා මීට් වෙන්න ගියා.
බජට් බුවාත් එක්ක දැන් ටෝක් එකට එන්ටර්ය.
කොහොමද දැන් බජට් බුවා ඇසූවේය. පිස්සු ඩබල් බොස් ! සෙවල තිවල නෑ. පේමන්ට් බුවාල ටික තිතටම වැඬේ දුන්න. බඩු ටික වාෂ්ප වුණා නිකන් හයිවේ එකේ ගියා වගේ. බජට් බුවාගේ සින්දුවත් මාර හෙල්ප් එකක් වුණා. ඉම්පෝට් බුවාල කීවේ ජොලි මූඞ් එකෙන්ය.
ඔය සමුප, සතොස සුපර්මාර්කට්වල බස්සපු බඩු යන්නෙ නැද්ද බජට් බුවා හරහට ප‍්‍රශ්නයක් දැම්මේය.
බොස් බණ ටෝකින් ! පේමන්ට් බුවාලට ගහන්න බිස්නස් පොරවල් නෑ. උන් මාර පබිලිසිටි පාරක්නේ දාන්නෙ බඩුවලට. ඕන කුණු ගොඩක් ජනම්ස්ලගෙ ඇෙඟ් ගහන්නෙ පුල් සීරියල් පිටනේ. ඉම්පෝට් බූවාල කීවේය.
පේමන්ට් බුවාලගෙ වැඩ කිඩ ගැන ස්ටඩි පාරක් දාල මගේ ඊළඟ බජට් එකේදි පේමන්ට් බුවාලගෙ බිස්නස් පාර අස් කරන්න වැඩක් සෙට් කරනවා. බජට් බුවා කීය.
රටේ තොටේ ජනම්ස්ලගෙ අයිඩියාස් දැන ගන්නත් බජට් බුවාට මේ ටෝක් එකේදි ඕන වුණා. ඒ හින්දා බජට් බුවා ඉම්පෝට් බුවාලගෙන් ඇහුවෙ ජනම්ස්ල අපේ යහ පාලනය ගැන සැටිස් ද කියලය. ඉම්පෝට් බුවෙක් බජට් බුවාට රියල් රිප්ලයි එකක් දුන්නේ මේ විදියටය.
පිස්සු පීකුදු බොස්! ජනම්ස්ල කියන්නෙ යහපාලන බොසා මාසෙට එක ගානේ පොරින් ටුවර් ගහනවා කියලය. කලින් බොසා මාසෙට එක ගානේ පොරින් ටුවර් ගැහුවෙ නෑ කියලත් කියනවා ඉම්පෝට් බුවා කීය.
තව ඉම්පෝට් බුවෙක් මේකට හොට දැම්මෙ මෙහෙමය. පටන් ගන්නකොට නඩය 12යි. දැන් 40යි. ඊළඟට සීය පනියි. මේකත් හරියට බජට් බූවලගෙ බජාර් එක 30න් පටන් අරගෙන 77ට නැග්ග විදියටම වැඩි වෙයි කියල ජනම්ස්ල කියනවා කියලය.
තව ඉම්පෝට් බුවෙක් කිව්වෙ, යහපාලනයෙන් ලැබුණු එකම සොමිය ආප්පයයි ප්ලේන්ටියයි රුපයල් 10ට ලැබුණු එක විතරයි කියලය.
මේවා ඇහිච්ච ගමන්ම බජට් බුවාට නහුතෙට නැග්ගේය. ඇයි ඕයි පැට‍්‍රල්, ඞීසල්, භූමිතෙල් අඩු කරපු එක එතකොට වැඩ කරන පොරවල්වලට දීපු රු. 5000 පෝෂණ මල්ල ජනම්ස්ලට මතක නැද්ද? අපේ එවුන්ට කොච්චර දුන්නත් මදිම කියලම තමයි කියන්නේ බජට් බුවා කීවේ කේන්තියෙන්ය.
එතකොට ඉම්පෝට් බුවාල කිව්වේ අමුතුම ජාතියේම කතාවකි.
ජනම්ස්ල පරණ බොසාගෙ කාලයේදී කිව්වෙ කන්ඩ නැතත් නෝ ප්‍රොබ්ලම් යුද්ධෙ ඉවර කරන්ඩ කියල වගේ. ජනම්ස්ල දැන් කියන්නේ කන්ඩ නැතත් හොර අල්ලනවා නම් කමක් නෑ කියල. ......... යහපාලන බොස් කරන්නේ හොරු ඇති කරන එක කියල ජනම්ස්ලා කියනවා කියලය. කොහොමද ඕයි හොරු ඇති කරන්නෙ? බජට් බුවා ඇහුවෙ මාර ජුවල් එකේය.
‘‘හාල්මැස්සො ටිකනේ අල්ලලා මාර්කට් එකට දානව. ඒත් තෝරු මෝරු ගෙවල්වලට මාළු ටැංකිවල දාගෙන ඇති කරනවා කියල තමයි ජනම්ස්ල කියන්නේ ” තව ඉම්පෝට් බුවෙක් කීය.
පිස්සු පීකුදු තෝරු මෝරු ගෙවල්වල මාළු ටැංකිවල දාල ඇති කරනවා කියල කියන එවුන්ගේ කටවල් කපන්න ඕනේ. බජට් බුවා කීය. ”අපිත් ඕකම ඇහුවා ජනම්ස්ලගෙන් එතකොට ජනම්ස්ල කිව්වෙ ඇයි අර ළඟදි ඔය මහ බැංකුවට ගතම් එක ඕන වෙලා දාපු මැජික් පාර මතකද? තෝරු මෝරු ඔක්කොම මාළු ටැංකිවල ඇති කරන වානේ කියල ජනම්ස්ල රිප්ලයි එක දුන්නා” ඉම්පෝට් බුවෙක් කීය. ”ඒක අහපු ගමන් අපිත් මඤ්ඤං වෙල ගියා කියල ඉම්පෝට් බුවාලා බජට් බුවාට රිටන් එක දුන්නේය.
බජට් බුවා සද්දෙ වහලා වැඬේ ක්ලෝස් කරල සයිලන්ස් එකේම ජිරාමාර්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංවර්ධනය වෙලා ආර්ථිකය ස්ථාවර වුනා නම් කොහොමද ඩොලර් එකක් මෙච්චර උඩට ගියේ? එක පුද්ගලයෙක්ගේ ණය ප්‍රමාණය ලක්ෂ ගණන් වලින් ඉහල ගියේ? යුද්දෙන් පස්සේ අපු සල්ලි වලට මොකද උනේ ? නොදන්නා ආර්ථිකේ කතා නොකර ඉන්න මල්ලි...(ම)
සුමුදු නම් හොඳටම කඩේ යන කෙනෙක් වගේ. කලින් ආණ්ඩුව ගෙදර ගිය හින්දා සෑහෙන පාඩු වෙලා වගේ. අජිත් කරුණාරත්න, නියම අදහස. (ස)
මුලින් කිව්වේ යහපාලනේ කියලයි එත් දැන් ඒ බ්‍රෑන්ඩ් එකෙන් එන්නේ යහ දූෂණයයි යහ භීෂණයයි යම පාලනයයි විතරයි. කලින් ආණ්ඩුවෙන් බයක් නැතිව ඉන්න සාමය උදා කරලා දුන්න. ලෝකයම ආර්ථික අවපාතයක ගිලෙද්දීත් අපේ ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වුණා. ලොකු ලොකු රටවල බුරුතු පිටින් රැකියාවලින් දොට්ට දාද්දි ගිය ආණ්ඩුව කාලේ මෙහෙ එහෙම වුනේ නෑ. එත් අද යහපාලනය නිසා සංවර්ධන ව්‍යපෘති නවත්තලා ආර්ථිකය කඩා වැටිලා හුඟ දෙනෙක්ගේ කටේ පස්. ඒ මදිවට කොටි අපේ කරට නැගල ඔලුවට අත හෝදන්න එනවා. අල්ලපු රටේ ලොකු අයියා පාර්ලිමේන්තුවටම ඇවිත් රට බෙදන්න උපදෙස් දීලා ගියා. හැබැයි ඉස්සර නංගිලාට මල්ලිලට බ්‍රේස්ලට් බෙදපු බුවා දැන් එයාලට බඩ පිරෙන්න නොමිලේ වයි ෆයි දෙනවලු. කාපල්ලා වයි ෆයි. බීපල්ලා කොත්තමල්ලි. (බ)
ලෝකෙට ණයවෙලා කොටසක් යටි මඩි ගහල බිල්ඩින් හැදීම නෙමෙයි සංවර්ධනය කියන්නේ. රටේ වරප්‍රසාද තියෙන්නේ කොටසකට විතරයි. දේශපාලකයෙක් පස්සේ යන්නේ නැතිව ව්‍යාපාරයක් පවත්වාගෙන යන්න බෑ. දුෂණය අව නිතිය රජ උනා. මේ තත්වයේ වෙනසක් තමයි බලාපොරොත්තු වෙන්නේ. පැවතුන තත්වය නිසා එකපාරටම වෙනසක් කරන්න අමාරු බව පේනවා. (ස)
සුමුදු හේවා වගේ අය ඉන්න තුරු රටක් නගාලන්න බැහැ. කුඩු, එතනෝල්, ස්ත්‍රී දුෂණ , වලට බලපත් ලබාගෙන කරපු ජරා පාලනය නැතිව අඩුපාඩු වෙලාද? (බ)
නියම වචන ටික සුමුදු (නි)
ඇත්තටම මට නම් හොඳටම හිනාගියා (නි)
ඉස්සල්ලම පත්තරේට මගේ ප්‍රණාමය. අපේ භාෂාවෙන් බොක්කට වදින විදියට පත්තරේට දාපු එක ගැන. වැඩක් නෑ බොස් ජනවාරි 9 වෙනිදයින් පස්සේ රට චාටර් කරලා දැම්මනේ මේ යහපාලන කට්ටිය. අර හැමතිස්සෙම කටේ සිනි බෝලයක් දාගෙන කතා කරනවා වගේ පේන ලොක්ක නම් කිව්වේ මේක අර ඉස්සර හිටපු ගේම් කාරයෙකුගේ අය වැයක් කියල. එකනම් ඇත්ත. ගෙමක්ම තමයි .අනික දැන් ඉන්න යහපාලන ලොක්කත් ඉස්සර අපේ බෝසා වගේ නෙමයි පොරින් ටුවර් එක්කක් ගහිල්ල ආවාම ගහන පම්පෝරිය අහන් ඉන්න ගිහාම කොහමද කොත්තමල්ලි වතුරට හාල්මැස්සෝ කුඩුකරලා බිව්වාම තියන අාතල් එක. තෝරු, මෝරු ගැනනම් කියල වැඩක් නෑ උන් ඔක්කොටම පොරින් ටුවර් කැන්සල් කරලා ලේබල් ගහල අයෙත් පාර්ලිමේන්තුවට එන්ටර් කරනවා කියලා පංගුවක් බුවාලා බෙරිහන් දෙනවා. එත් වැඩක් වෙන්නේ නැ දැන් අයෙත් දේශය පාලනය කරන්නේ අර ඇහැක් නැති බයානක පෙනුමක් තියන ලේඩිස් කෙනෙක් කියලා එයාට ගොට්ට අල්ලුවනම් ගොඩම තමයි .එළියේ ස්ටෝරි එක යන්නේ යහපාලන ලොක්කත් එයාගේ සෝන්ග් එකට තමයි ඩාන්ස් කරන්නේ කියලා.කොහොම හරි ගැන්සියම එකතුවෙලා රට අබිලික් දුපතක් කරා කියලා තමයි කියන්න තියෙන්නේෙ. (ස)
සුමුදු හේවාගේ කටේ මසුරන් දාන්න වටිනවා. අපේ රටේ සමහරුන්ට ඔය ටික තේරෙන්නේ නැහැනේ. (නි)
නැතුව නැතුව...! (නි)
නියම ලිපියක් (නි)
පුදුමයි ඒත් ඇත්තයි! හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු (නි)
අපිට සුදුරු පොඩිකරන්න එපා හොඳේ (නි)
කොහොම නමුත් මම විශ්වාස කරනවා, අනිත් පාලකයොත් එක්ක හිටියට වඩා අඟලක් හරි අපි ඉස්සරහින් කියලා. බොරු ආශ්වාදය ඔස්සේ දුවන අයට ඇත්ත කවදාවත් වැටහෙන්නේ නැහැ.තමන්ගේ යහපත ගැන පමණක් සිතන අය දේශපාලනය ගැන කතාකිරීමෙන්ද අනෙකාට අවැඩක් වියහැකි බැවින්, ගවේෂණයෙන් සත්‍ය පසක්කොට අවබෝධයෙන් සියලු දෙනා කටයුතු කරත්වා යනු මගේ එකම පැතුමයි... (නි)
අපේ රටට වුණ දේ ගැන මට දුකයි.මම බලාසිටියේ සංවර්ධනය ගැන. (නි)
අනේ ලකී, අපි නම් කොයි ආණ්ඩුවකින්වත් සත පහකවත් පෞද්ගලික ලාභ ප්‍රයෝජන අරගෙන නැහැ. ඕනෑත් නැහැ. හැබැයි අපේ රට වෙනුවෙන් කඩේ යායුත්තෙකුට කඩේ යාමටවත් ඒ බව එළිපිට කියන්නවත් මම නම් පැකිළෙන්නේ නැහැ (නි)
අජිත්, අපි නම් ගෙදරමයි පහේ හදන්නේ. ඒත් තුනපහ කියන්නේ එක අමුද්‍රව්‍යයක් විතරයිනේ. ඒක අඩුකළා කියලා ඔයාකාර ලාභයක් නම් වුණේ නැහැ. රටේ ආර්ථික තත්ත්වයට පටහැනිව කෘත්‍රිමව අයිතම කීපයක මිල අඩුකළාට ජීවන තත්ත්වයේ කල්පවතින වර්ධනයක් වෙන්නේ නැහැ. ඇරත් බඩට මුල්තැන නොදී රට ගැනත් හිතන්න ඕනෑ නේද? (නි)
අනේ අපේ රටට යන කල! දැන් ඉතින් වෙන මොනවා කියන්නද? (නි)
පද්මිණි, ලිබියාවෙත් මේකම වුණා. කලින් ස්ථාවර සශ්‍රීක රටක් වුණු එය අද අන්ත දුක්ඛිත රටක්. තරුණ පරපුර මේවා ගැන දැනුවත් නොකිරීම නම් ගිය ආණ්ඩුවෙන් වගේම වැඩිහිටි පරපුරෙනුත් සිදුවුණු වරදකි. (නි)
මහින්ද පැරදුනාට දුකයි. නමුත් මේ රජය හොර වංචා නවත්වාගෙන යන බව පෙනෙනවා (නි)
විකි, ඔයාට බෑ සුමුදු තරම් හොඳට එක පැහැදිලි කරන්න, උත්සාහය අසාර්ථකයි! (ස)
සමහර කුහක බුවා ලට පේන්නෙම කොත්තමල්ලි විතරයි, කිරිපිටි රුපියල් 61කින් අඩු වෙලා. සීනි රු: 105/- ට තිබුන කිලෝව දැන් 78/- යි 80/- යි. සැමන් 135/- යි. සහල් සම්බා දැන් 84/- ට බැහැල. ගෑස් මිල රු: 300/- කින් අඩු කළා. අඩු කල පාන් පිටි, පාන්, පෙට්‍රල්, ඩීසල්, බුමිතෙල් මිල ගැන කතා කරන්නෙම නැහැ. ඒවා ගැන කතා කරන්න ලැජ්ජා ඇති. ඔය කතා කරන බුවාලා දන්නවද? අපි හැමදාම හැම වේලටම කෑමට සකස් කරන හොදි මාළුවලට කුළු බඩු එකතු කරනවා කියල. කුළු බඩුවල වැඩියෙන් තියෙන්නේ කොත්ත මල්ලි බව බත් කන මිනිස්සු නම් දන්නවා. පසුගිය ආණ්ඩුව මෙම කුළු බඩුවලට අයකරපු අසාධාරණ බද්ද ගැන කවුරුත් කතා කරන්නේ නැහැ.උත්පතියෙන් එන පුරුද්ද අත් අරින්න බැරුව වගේ හැම එකටම අපහාස කරනවා.මේ කට්ටිය තප්පුලන්නේ මේ ආණ්ඩුව පුන්නක්කු මිල අඩු නොකළ නිසා වෙන්න ඕනේ කියල තමයි හිතන්න වෙන්නේ. (ස)
සුමුදු ඔයාගේ දැක්ම පැහැදිලියි .(ම)
අවුරුදු ගණනක් තිබුන හොරකම්, වංචා, දුෂණ, මානව අයිතිවාසිකම් බිඳ වැටීම් වගේ දේවල් ගැන ගණන් නොගන්න මිනිසුන් නොවේය කියලයි මට හිතෙන්නේ. කොපමණ හොඳ කලත් - දුදනෝ නොවෙති යහපත්.(ම)
ලුම්බිණිගේ කතාව ඇත්ත මිනිස්සු කෙලෙහි ගුණ දන්නවානම් තවමත් මහින්ද මහත්තයා ජනපති. මේ ආණ්ඩුව දින 100 යන්නත් ඉස්සේල්ලා හොරකම භීෂණය පටන් අරගෙන ඉවරයි. ගිය ආණ්ඩුව ඔය කියන තරම් වංචාකළානම් රට කොහොමද සංවර්ධනය වෙලා ආර්ථිකය ස්ථාවර වුණේ. සුමුදු වගේ අය ඉන්නවානම් රට ඉදිරියට යන එක එතරම් අපහසු නැහැ. (ස)
සැමන්-කොත්තමල්ලි සංවර්ධනය -දින 100 විප්ලවය ...(ම)
නිදහස් කල රට විනාශ කරන ,කුමන්ත්‍රණ පාලනයක් කරන ,ස්ත්‍රී දුශිකයෝ ඉන්න,77 සිට රට අඝාධයට යවපු,වධකාඝාර පවත්වාගෙනගිය,රට කොටියාට ලියා දීපු යහපාලනයක් නැති පිරිසක් තමයි මේ ආණ්ඩුව කරන්නේ.(ස)
ලිපියේ අදහස් බැලුව. හිතට සතුටක් දැනුන.සුමුදුට මල් මිටක්. (ස)
ලෝකේ උතුම් රට කියන මේ දුප්පත් අපගේ රටට මොකද?මේ වෙලා තියෙන්නේ.අයි මේක මේ අයට තේරුම් ගන්න බැරි. (ස)
හැමදාම හැමෝම වැරදි කියන්නේ තියෙන ආණ්ඩුවට තමයි... එහෙම නැතුව විපක්ෂයට බනින්නේ නෑ.. පරාද වෙලා ගියපු අයට බනින්නෙත් නෑ... එක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ වැරැද්ද.. අර කතාවක් තියෙනවා ගියපු හකුරට නඩන්නේ තියෙන හකුර රැකගන්න කියල. (ස)