(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අරවින්ද සෙනරත් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන කෝපා කමිටුවේ සභාපති ධූරය සදහා ජන බලවේගයේ කබීර් හෂිම් පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා) සභාපති ධූරයෙන් ඊයේ(6) ඉල්ලා අස්විය.
ඔහු මෙසේ ඉල්ලා අස්වූයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමිනි.
ආණ්ඩුව කෝපා කමිටුවේ සභාපති ධූරය විපක්ෂයට ලබාදීමට එකඟතාව පළ කර ඇති හෙයින් ඒ සඳහා ඉඩකඩ සලසා දීමට තමා මෙම තීරණය ගත් බව අරවින්ද සෙනරත් මහතා ප්‍රකාශ කළේය.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පාර්ලිමේන්තුවේ ප්‍රධාන කමිටු අතර පවතින්නකි. රජයේ ආයතනවල දූෂණ වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමර්ශන පැවැත්වීම සහ ඊට අදාල නිර්දේශ ඉදිරිපත් කිරීම එම කමිටුවට පැවරී ඇති වගකීමයි.
අරවින්ද සෙනරත් මහතා කෝපා කමිටුවේ සභාපති ධුරයට පත්වූයේ ජනවාරි මස 24 වැනිදාය. ඒ අනුව ඔහු මාස හතකට ආසන්න කාලයක් එම ධූරයේ කටයුතු කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කෝපා මහා පුටුව කබීර් හෂිම්ට
Bunny Preena Thursday, 07 August 2025 10:30 AM
දූෂණ වංචා සොරකම් මඩින්න හැම පක්ෂයකම කිසිම බේදයකින් තොරව සමගියෙන් වැඩ කරනවා නම් මහජනයාට හැටියට අපිට සතුටක්
අරවින්ද මොණරවිල Thursday, 07 August 2025 11:05 AM
ආණ්ඩුව ඕනවට වඩා මේ අබ්බ ගොබ්බ විපක්ෂයට ප්‍රජාතන්ත්‍රවාදය පෙන්වන්න යන්න හොද නැහැ. මොකද මේ ගොල්ලෝ දන්න ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ මර්ධනය තර්ජනය හා ඝාතනය හැර.