
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
විදේශගතව සැඟව සිට මෙරට සංවිධානාත්මක අපරාධ සහ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත ජාවාරම්කරුවකුට අයත් මත්ද්‍රවය සන්තකයේ තබාගෙන තොග වශයෙන් බෙදා හැරීමේ නිරතව සිටි පුද්ගලයකු රුපියල් කෝටි පහකට අධික වටිනා මත්ද්‍රවය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.
එම සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රවය කිලෝ ගෑම් 03 කට අධික ප්‍රමාණයක් සහ හොරයින් මත්ද්‍රව්‍ය කිලෝ 01 කට අධික ප්‍රමාණයක් පොලිස් භාරයට ගෙන ඇත.
පිටකෝට්ටේ, මාදිවෙල, ඔබහේන පාරේ නිවසක පදිංචි පුද්ගලයකු සංවිධානාත්මක අපරාධකරුවකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කළුබෝවිල බෝධිය වත්තේ අවිශ්ක හේෂාන් ගුණවර්ධන නොහොත් බෝධිය වත්තේ අවිශ්ක නැමැත්තාටඅයත් මත්ද්‍රවය තොග වශයෙන් බෙදා හරින බවට බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසයේ පොලිස් සැරයන් 40730 ධනුෂ්ක නිලධාරියාට ලද තොරතුරකට අනුව වැටලීම සිදුකළ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd