(ගයාන් සූරියආරච්චි)

හෙරොයින් ජාවාරමෙන් උපයාගත් රුපියල් නව කෝටි තිස් හත්ලක්ෂ හැට දෙදහසක් නවසිය තිස්නවයක මුදලක් බැංකු ගිණුම් දෙකක තැන්පත් කරගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම් කාරියක අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාතර්මේන්තුව පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පිලියන්දල ප්‍ර දේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවකි.

එක් ගිණුමක රුපියල් 7,37,62, 939.95 ක් සහ තවත් ගිණුමක 20,000,000 මුදලක් ද තැන්පත් කර තිබූ බව පෙලිසිය පවසයි.

සැකකාරිය මුදල් විශුද්ධිකරණ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.