IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කෝටි 11200ක සීනි කාලා

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

රුපියල් කෝටි 11200 ක් වැයකර සීනි කිලෝ කෝටි 56 ක් 2024 අවුරුද්දේ ආනයනය කර ඇතැයි කර්මාන්ත සහ ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති  මහතා පාර්ලිමේන්තුවේදී අද (6)  පැවසීය.

2025 ජනවාරි පෙබරවාරි මාස දෙකේදී පමණක් සීනි කිලෝ කෝටි දාහතරක් ආනයනය කර ඇතැයි පැවසු  අමාත්‍යවරයා ඊට දෙකෝටි හතළිස් ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇතැයිද සඳහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ  මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සීනි මෙට්‍රික් ටොන් 23600ක් සහ එතනෝල් ලීටර්  2350000ක්  ආයතනවල  පවතින බවද ඔහු සඳහන් කළේය.

රජය සතු  සීනි සමාගම් හතරක් පවතින බවත්  සීමාසහිත ලංකා සීනි පුද්ගලික සමාගම, ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම, සීමාසහිත හිඟුරාණ සීනි කර්මාන්ත  සමාගම,  කන්තලේ සීනි සමාගම එම ආයතන බවත් ඔහු සඳහන් කළේය.

හිඟුරාණ සීනි කර්මාන්ත සමාගම සහ කන්තලේ සීනි සමාගම දැනට ක්‍රියාත්මක තත්වයේ නොපවතින බවද අමාත්‍යවරයා පැවසීය.

"මීට පස්සේ  සුදු සීනි අස්සේ දුඹුරු සීනි ගේන්නත් බෑ. හාල් අස්සේ සීනි ගේන්නක් බැහැ" යැයිද ඔහු සඳහන් කළේය



අදහස් (4)

කෝටි 11200ක සීනි කාලා

Nihal Friday, 06 June 2025 05:27 PM

අරක්කු හදන්න ගන්නවානේ...

:       0       11

ගුණරත්න Friday, 06 June 2025 05:40 PM

වැඩිම සීනි කන්නේ අපේ රට නොවෙයි, ඔය වැඩි පරිභෝජනයක් පෙන්නුම් කරන්නේ කසිප්පු හැදිල්ල නිසා, මෙහෙ නීතියානුකූල මත්පැන් ඉතා මිල අධිකයි, ඉතින් මිනිස්සු වැඩියෙන් පාවිච්චි කරන්නේ කසිප්පු. ආණ්ඩුව සීනි වලට ඒකාධිකාරයක් හදාගන්න උත්සහ කරන්නේ නැතිව පෞද්ගලික අංශයට ඔය ආයතන පවරනවා නම් මහජනයාට බරක් නැතිව වැඩෙත් කෙරෙයි...

:       1       12

විපරමා Friday, 06 June 2025 05:57 PM

සීනී කාලා නෙවෙයි, හිටපු දූෂිත දේශපාලුවෝ සීනී වලින් ගසා කාලා...?

:       8       13

රුවන් Friday, 06 June 2025 06:28 PM

හිටපු කැබිනට් ඇමැති ජොන්ස්ටන් නම් දන්නවා ඕවා ගැන. එයාගෙන් අහන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 715 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site