
(ගයාන් සූරිය ආරච්චි)
විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් හා සංවිධානත්මක අපරාධකරුවන් දෙදෙනකු වන පොඩි සුරේෂ් සහ සංඛ සමීර යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ සාමාජිකයකු රුපියල් කොටි 10කට ආසන්න වටිනාකමක් ඇති අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
විශේෂ කාර්ය බළකාය ගෝනහේන විශේෂ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව එම ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) වන දින රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගනේමුල්ල කැන්දලියද්ද පාළුව ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 06, ග්‍රෑම් 288 ක්, විද්‍යුත් තරාදියක්, ජාවාරමින් උපයාගත් මුදල්ද පොලිස් විශේෂ කාර්ය බලකාය සොයාගෙනෙන ඇත.
සැකකරු මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ ත්‍රිරෝද රථයක් ද පොලිසිය භාවයට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd