
(අංජුල මහික වීරරත්න)
කොළඹ 1 සිට කොළඹ 15 දක්වා සහ තවත් ප්‍රදේශ කිහිපයකට හෙට (4)පෙරවරු 9 සිට රාත්‍රී 9 තෙක් පැය 12ක ජල කප්පාදුවක් කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
විදුලිබල සැපයුම් පද්ධතියේ මුල්ලේරියාව උපපොළ ආශ්‍රිත අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් අඹතලේ ජල පවිත්‍රාගාරයට සැපයෙන විදුලිබලය තාවකාලිකව අත්හිටුවීම සහ දෙහිවල ජල පොම්පාගාරය සහ මාලිගාවත්ත එලි හවුස් පොම්පාගාරය ආශ්‍රිත විදුලිබල පද්ධතියේ වැඩිදියුණු කිරීමේ කටයුතු නිසා මෙම ජල අත්හිටුවීම සිදුකෙරෙන බව කළ සම්පාදන මණ්ඩලය කියයි
ඒ අනුව, කොළඹ 01 සිට 15 දක්වා මෙන්ම බත්තරමුල්ල, පැලවත්ත, හෝකන්දර, කොස්වත්ත, තලවතුගොඩ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, රාජගිරිය, මිරිහාන, මාදිවෙල, නුගේගොඩ, නාවල, කොළොන්නාව, IDH, කොටිකාවත්ත, අංගොඩ, වැල්ලම්පිටිය, ඔරුගොඩවත්ත, කඩුවෙල, මහරගම, බොරලැස්ගමුව සහ පිළියන්දල යන ප්‍රදේශවලට ජල සැපයුම තාවකාලිකව අත්හිටුවනු ලැබේ. එම කාලසීමාව සඳහා අවශ්‍ය ජලය කල්තබා රැස් කර තබා ගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd