(අංජුල මහික වීරරත්න)

ළමයි 46000ක් හිංසනයට ලක් වී ඇති අතර ඔවුන්ට කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

ළමා හිංසනයට, අපයෝජනයට ලක්වූ 46000ක් නීතිය ක්‍රියාත්මක වී යුක්තිය ඉටුවන තෙක් බලාගෙන සිටින බවද විපක්ෂ නායකවරයා කීය.

මේ පැමිණිලි විභාගයට ගැනීම ප්‍රමාද නොකර හිරිහැරවලට ලක්වූ දරුවන් වෙනුවෙන් නිසි සාධාරණයක් ඉටු කිරීමට රජය කඩිනමින් කටයුතු කළ යුතු බව විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විපක්ෂ නායක කාර්යාලයේ දී ළමා ආරක්ෂාව සම්බන්ධයෙන් වර්තමානයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවකදී ය.