
(රෝෂන් තුෂාර)
කොළඹ කොටුව ට්‍රාන්ස්වර්ක් චතුරශ්‍රයේ අක්කර 4.3 ක ඉඩම වසර 99කට බදු දීමේ ගනුදෙනුව නොහොත් ක්‍රිෂ් ගනු දෙනුවේදී මුල්‍ය වංචා සිදු කිරීමට මුල් වූයේ යැයි කියන බැංකු ගිණුම් විවෘත කිරීමට කටයුතු කළේ කවුරුන්ද යන්න අනාවරණය කරගැනීම සඳහා රහස් පොලිසිය ආරම්භ කළ විමර්ශනය සම්බන්ධයෙන් අද දින අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කරමින් නියෝග කර ඇත.
ක්‍රිෂ් ගනුදෙනුවේදී මුදල් සංසරණය වූයේ යැයි කියන සම්පත් බැංකු ගිණුම, එච් එස් බී සි බැංකු ගිණුමක් , එම ගිණුම් විවෘත කිරීමට මුල් වූ පුද්ගලයින් සහ එම සමාගම් සම්බන්ධයෙන් රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයේ ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු විමසීමට මෙම නොකී සිය නිකුත් කළේය.
අදාල ගනුදෙනුවේදී ජර්මන් බැංකුවකින් යුරෝ 1200 000ක් සහ ඕස්ට්‍රේලියානු බැංකුවකින් යුරෝ 1497446 ක් මෙරට බැංකු ගිණුම් වෙත සම්ප්‍රේෂණය වී ඇති බවට ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි වාර්තා විශ්ලේෂණයේදී අනාවරණය වීම අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති අතර , මුදල් ගනුදෙනු සිදුවූයේ යැයි කියන බැංකු ගිණුම් විවෘත කිරීමට සම්බන්ධ වී යැයි කියන පුද්ගලයින්ගේ නිවෙස් සෝදිසි කිරීමට රහස් පොලිසිය අධිකරණ නියෝග මත සිදුකර ඇත.
අදාළ ගනුදෙනුවේදී ශ්‍රී ලංකාවේ හම්බන්තොට සහ නුවර එළිය දිස්ත්‍රික්කවල රෝහල් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මුදල් හුවමාරු වී ඇති බවට රහස් පොලීසිය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇති අතර , හුවමාරු වූ මුදල් වලින් රුපියල් මිලියන 188ක් යොදවා මෙරට දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් ද විමර්ශන සිදු කරන බවද රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd