
(අංජුල මහික වීරරත්න)
කොලොන්නාවේ ගංවතුර පාලන ව්‍යාපෘති කඩිනම් කිරීම සඳහා ඒකාබද්ධ ආයතනික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය වී තිබේ.
ජලාපවහන පද්ධති නවීකරණය මගින් නාගරික ජල ගැලීම් සහ සුළු ගංවතුර තත්ත්වයන් වැලැක්වීමටත් පූර්ව අනතුරු ඇඟවීම් හා ඉක්මන් ජල බැසයාම් පහසුකම් වැඩිදියුණු කිරීමෙන් ගංවතුර හානි අවම කිරීමට මෙම විශේෂ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇත.
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක සමස්ත ව්‍යාපෘතියට රුපියල් මිලියන 10700 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබේ. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් පාලන ආයතන වල අධීක්ෂණයෙන් ජල පාලන ව්‍යාපාතිය ක්‍රියාත්මක කෙරේ.
කොලොන්නාවේ වැසි ජල අපවහන හා පරිසරය වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක සැළලිහිණි මාවත ඇල සංවර්ධනය හා ඒ ආශ්‍රිත පාලම්, බෝක්කු, ජල රඳවන තටාක, වැව් සහ කුඩා ඇල මාර්ග පද්ධතිවල ප්‍රතිසංස්කරණ කටයුතු සොයා බැලීම සඳහා නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා ඇතුළු නිලධාරීහු ක්ෂේත්‍ර පරීක්ෂාවක් ද කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd