IMG-LOGO

2025 දෙසැම්බර් මස 10 වන බදාදා


කොල්මලේ ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය තහනම් කරයි

(රංජිත් රාජපක්ෂ )

කොත්මලේ  ජලාශයේ  වේල්ල මතින් බර වාහන ධාවනය කිරිම සම්පූර්ණයෙන්ම තහනම් කළ බවත්, අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් වන තෙක් සැහැල්ලු වාහන පමණක් ජලාශ වේල්ල මතින් ධාවනය කිරිමට අවසර දෙන බවත්  මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් ජෙනරාල් එච්.එම්.ජේ. හේරත් මහතා පැවසීය.

එමෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම සම්බන්ධයෙන් මේ දිනවල පැතිරෙන කටකථා අසත්‍ය බවත්, විද්‍යාත්මක සහ දත්ත පදනම් කර ගනිමින් ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට කොත්මලේ ජලාශභාර ඉංජිනේරුවන් පියවර ගෙන ඇති බවත් අධ්‍යක්ෂක ජනරාල්වරයා පැවසීය.

අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඊයේ  (09) දින පස්වරුවේ කොත්මලේ ජලාශ වේල්ල නිරික්ෂණය කිරිමෙන් අනතුරුව කොත්මලේ මහවැලි සංවර්ධන අධිකාරියේ ශ්‍රවණාගාරයේ පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ඒ බැව් පැවසීය.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ මහවැලි සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ ඉදිරියෙදි කොත්මලේ ජලාශෆය් වාන් දොරටු විවෘත කිරිමට ප්‍රථම ජනතාව දැනුවත් කිරිමට දැනට ක්‍රියාත්මක කරන ක්‍රමවේදයට වඩා වෙනත් ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට කටයුතු කරන බවයි.

 

 



අදහස් (0)

කොල්මලේ ජලාශ වේල්ල මතින් බර වාහන ධාවනය තහනම් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 465 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 463 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 415 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site