
(රංජිත් රාජපක්ෂ)
කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ මඩ සොරොව්ව විනාඩි 30ක පමණ කාලයක් විවෘත කළ බව එම ජලාශ කාර්යභාර ඉංජිනේරුවරයා පැවසීය.
දිට්වා සුලි කුණාටුවෙන් පසු ගාමිණි දිසානායක ජලාශයට විශාල වශයෙන් රොන් මඩ තැම්පත් වී තිබූ බව බව ද ඉංජිනේරුවරයා කීය.
ජලාශ වේල්ලට පහළින් කොත්මලා ඔයේ දෙපස පදිංචිකරුවන් සහ අදාළ රාජ්ය ආයතන දැනුවත් කර, ජලාශයේ මඩ සොරොව්ව විවෘත කළ බවත්, අවසන් වරට 2024 වසරේ ජලාශයේ මඩ සොරොව්ව විවෘත කල බවයි ඉංජිනේරුවරයා කියා සිටියේ.
ඉන් තත්පරයට ජලය ඝණ මීටර් 90ක් තරම් සුළු ජලධාරිතාවක් පිට වූ බවත්, මේ දිනවල කොත්මලේ ජල පෝෂක ප්රදේශවලට පවතින අධික වියලි කාලගුණය හේතුවෙන් ජලාශයේ ජලධාරිතාවය 27.7% දක්වා පහළ බැසි ඇති බව කාර්යභාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd