IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කොටුව විරෝධය අවසන්

(යොහාන් භාසුර)

ආණ්ඩුවේ නව උපයන විට බදු ක්‍රමයට විරුද්ධය දක්වමින් රාජ්‍ය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධ වෘත්තිකයන් ක්‍රියාත්මක කළ විරෝධතාව හේතුවෙන් කොළඹ කොටුව ප්‍රදේශය අද (8) මධ්‍යහනයේ දැඩි උණුසුම් තත්වයක් ඇතිවිය.

එහිදී විරෝධතාකරුවෝ පැයක පමණ කාලයක් විරෝධතාවයේ නිරතව සිට සාමකාමීව විසිර ගියහ.

කොළඹ කොටුව දුම්රිය ස්ථානයට වෘත්තිකයන් දහසක පමණ සංඛ්‍යාවක් එකතු වීමත් සමඟ පොලිසිය දුම්රිය ස්ථානය අසළට ළගාවිය හැකි සියලුම මාර්ග වසා මාර්ගයේ දෙපසින් පොලිස් නිලධාරී ආරක්‍ෂක වළල්ලක් යෙදවා එම ස්ථානයෙන් ඉවත්වන ලෙස විරෝධතාකරුවන්ට සුපුරුදු පරිදි දැනුම් දුන්නේය.

විරෝධතාකරුවෝ එම නිවේදනයත් සමඟ ‘හූ’ හඩ නඟා විරෝධතය දැක්වූ අතර විරෝධතාකරුවන් සංඛය්‍යාව වැඩිවෙත්ම යුද හමුදාව කැඳවූ අතර යුද හමුදාව දෙවැනි ආරක්‍ෂක වළල්ල ලෙස විරෝධතාව වටකර රැදී සිටියේය.

මෙරට ප්‍රධානතම සහ පිරිස් බලයෙන් වැඩිම වෘත්තිය සමිතිවලින් සමන්විත වරාය අධිකාරිය, ලංකා විදුලිබල මණ්ඩල සහ සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා යන ආයතන තුනේ වෘත්තිය සමිති ඇතුළු වෘත්තීය සමිති 100 කට ආසන්න සංඛ්‍යාවක් එම විරෝධතාවට සහභාගි වූ බවත් එයට වෘත්තිය සමිති නියෝජිතයන් පමණක් සහභාගි වූ බවත් වෘත්තිය සමිති නියෝජිතයෙක් පැවසීය.

 



අදහස් (6)

කොටුව විරෝධය අවසන්

Rohana Wednesday, 08 February 2023 03:22 PM

අවසන් වුනාද? අවසන් කලාද ?

:       3       12

Comuter Wednesday, 08 February 2023 03:56 PM

දෙවියන්ට ස්තුතිවේවා !!!

:       1       12

dasun Wednesday, 08 February 2023 04:23 PM

පාදෙනියලාගේ ඩබල් ගේම් දැන් පේනවා නේද

:       3       8

sugath Wednesday, 08 February 2023 05:53 PM

නිදහස් අධ්‍යාපනය, මහපොළ, සෞඛ්‍ය සේවා, පොහොර සහනාධාර "නොමිලේ" ලැබෙන දේවල් නොවේ. ඒවාට බදු ගෙවන්ට පුරුදු වෙයල්ලා...

:       6       8

Athula Wednesday, 08 February 2023 09:32 PM

හමුදාව දැක්කම මුන්ගේ ඔක්කෝම උණු උනා. හින් සැරේ පල්ලම් බැස්සා

:       1       0

Gayan Wednesday, 08 February 2023 09:56 PM

අනිත් මිනිසුන්ගේ නිලයට හෝ පඩියට ඊර්ශ්‍යානොකර පුලුවන් නම් මහන්සි වෙලා වෘත්තිකයෙක් (Professional) වෙන්න උත්සාහ කරල බලන්න, එතකොට තේරෙයි ඒ කරන කැපකිරීම් වලට සාපේක්ශව උපයන මුදල සාදාරන ද නැද්ද කියල, ඒ තරම් කැපකිරීම් කරල උපයන මුදලින් නිවහල් මිනිසෙකු ලෙස තමන් කැමති දෙයක් අදින්න, පලදින්න, පරිහරණය කරන්න බැරිනම් මේ තරම් කැපකිරීම් කරල වෘත්තිකයෙක් වෙලා වැඩ්ක් තියනවද ?, මේකේ කොමෙන්ට්ස් කොටන අයට අමතකවෙලාද දන්නේ නෑ වෘත්තිකයන් මේ අසාදාරන බදු වැඩි කිරීමට පෙර සිටම සැලකිය මුදලක් බදු ලෙස රජයට ගෙවන බව. මේ රටේ දේශපාලකයන් මහජන මුදල්, දේපල අසීමිතව අවභාවිතා කරමින් විදේශ ආධාර, ණය සහ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලින්, බෙහත් පෙත්තෙන් පවා කොමිස් උපයමින් මේ රට බංකොලොත් කරන බව නොපෙනෙන, එහෙත් තමන්ට වඩා උසස් ජීවිතයක් ගත කරන එකාට කෙලවන කම් බලන් ඉන්න අමන ජාතියක්.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මත්ද්‍රව්‍ය සමග ඇල්ලූ නාවික හමුදා ලොක්කා රිමාන්ඩ්
2024 අප්‍රේල් මස 26 75 0

මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩෝවරුන් දෙදෙනා ඇතුළු සැකකරුවන් සිව් දෙනා මැයි මස 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ක


මෛත්‍රි සමයේ අගතියට පත්වූවන් ගැන සොයන්න කමිටුවක්
2024 අප්‍රේල් මස 26 122 0

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරසේන මහතාගේ සභාපතිත්වය යටතේ පැවති සමයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසාධාරණයට ලක්වූ පිරිස් සම්බන්ධයෙන් සොයා බැලීමට පස්දෙ


සජිත්-අනුර විවාදයට නීතිඥ සංගමයේ සහාය පතයි
2024 අප්‍රේල් මස 26 306 1

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර යෝජිත විවාදය සඳහා මැදිහත් පාර්ශවයක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජන බලවේගයේ මෙහෙයුම් ප්‍රධානී නලින් බණ්ඩාර මහතා ශ්


කෝටි 30ක වංචාකරු අල්ලන්නැයි විරෝධයක්
2024 අප්‍රේල් මස 26 349 2

පුද්ගලයන් 200 කට ආසන්න සංඛ්‍යාවක් විදේශ රැකියාවලට පිටත්කර යවන බවට පොරොන්දු වෙමින් රුපියල් කෝටි 30 කට ආසන්න මුදලක් වංචා කළේ යැයි කියන මහරගම ප්‍රදේශයේ විද


ගාසා ළමා අරමුදලට සල්ලි ගලයි
2024 අප්‍රේල් මස 26 652 0

ගාසා හි ගැටුම්වලින් විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආරම්භ කරනු ලැබූ ගාසා හි ළමා අරමුදල (Children of Gaza Fund) සඳහා ස


සමීක්ෂණ ප්‍රතිඵල සාපෙළට කලින්
2024 අප්‍රේල් මස 26 213 1

අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 340 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1727 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1564 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site