
(ප්‍රියාණි මංගලිකා )
නැබඩවැව වැවට කඩා වැටී තිබූ සරුංගල් නූලක පැටලී දඟලමින් සිටි කොකෙකු බේරා ගැණීමට ,ගැඹුරු දියට ගිය හතලිස් හතර වියැති පුද්ගලයකු දියේ ගිලීමෙන් මරණයට පත්ව ඇති බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ නිකවැරටිය පොලිස් වසමේ ,කොනිත්තේගම ,දිවුල්ලෑගොඩ ,නිකවැරටිය ලිපිනයේ පදිංචි කේ.පී.සෙනවිරත්න (44) නැමති අවිවාහක පුද්ගලයකු බවද පොලිසිය සඳහන් කරයි.
මෙම පුද්ගලයා දෛනික වැඩ වල නිරත වන අයකු වන අතර , මෙදින සවස හයට පමණ නැබඩවැවට දිය නෑමට ගිය අවස්ථාවේ සරුංගල් නූලක පැටලී ඉගිලීමට නොහැකිව කොකෙකු ගැඹුරු දියේ දඟලමින් සිටිනු දැක , එම පක්ෂියා බේරා ගැණීමට ගැඹුරු දියට පිහිනා ගිය අවස්ථාවේ මොහු මෙම දිය අනතුරට ලක්ව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd