IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

(මනෝප්‍රිය ගුණසේකර)

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට බෙදා හැරීම සඳහා ලබාදුන් ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන 'ඉමියුනෝග්ලෝබින්' සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහාතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මිය ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අද (14) පත් කළාය.

සමාජයේ මහත් කැළඹීමක් ඇති කළ මෙන්ම ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවු මෙම සිද්ධියට අදාළ නඩුව නොපමාව විභාග කර තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති පාරින්ද රණසිංහ මහතා ලිපියක් මඟින් අගවිනිසුරු මෘර්දු ප්‍රනාන්දු මහත්මියගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙලෙස ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කළාය.

මහාධිකරණ විනිසුරුවරුන් වන මහේෂ් වීරමන් මහතාගේ සභාපතීත්වයෙන් යුත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් ලෙස අමාලි රණවීර සහ ප්‍රදීප් අබේරත්න යන මහත්ම මහත්මීන් පත්කර ඇත.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය තුළින් ශ්‍රී ලංකාවට විශාල ආර්ථික පාඩුවක් සිදුවී ඇති බව අනාවරණය වී ඇති හෙයින් අධිකරණ සංවිධාන පණතේ 2018 අංක 9 දරණ විශේෂ සංශෝධනයේ 12 වැනි වගන්තිය අනුව රාජ්‍යයට සිදුවී ඇති ආර්ථික පාඩුව සහ මහජනයාට සිදුවූ හානිය යන කරුණු සැලකිල්ලට ගෙන මෙම සිද්ධිය විශේෂ නඩුවක් ලෙස සලකා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනීමට නියෝගයක් නිකුත් කරන්නැයි නීතිපතිවරයා, අගවිනිසුරුවරිය වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙනන් විමර්ශනයක් කරන්නැයි ඉල්ලමින් ‘අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බළය සංවිධානයේ සභාපති කාමන්ත තුෂාර මහතා සහ සිවිල් සංවිධාන එකතුමුතුව’ කළ පැමිණීල්ලකට අනුව රහස් පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කෙරිණී.

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ දුන් ණය මුදල් වලින් ව්‍යාජ ලේඛන සකස් කොට රජයේ රෝහල්වලට ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘හියුමන් ඉමියුනෝග්ලෝබින්” සහ පිළිකා රෝගීන් සඳහා භාවිතා කරන ‘රිටොක්සි මැප්’ නමැති ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් බෙදා හැරීම සම්බන්ධයෙන් වු පැමිණිල්ලට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමෙන් අනතුරුව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතු`ථ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කිරීම සඳහා කටයුතු කරමින් සිටී.

අධි චෝදනා ගොනු කිරීම සඳහා මෙලෙස කටයුතු කරමින් සිටින්නේ බාල ඖෂධ ගෙන්වු බව කියන ‘අයුසුලේට් බයෝටෙක් ෆාර්මා’ සමාගමේ හිමිකරුු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකධිකාරී (සැපයුම්) නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර, සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රිියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය, සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක සහ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන නමැත්තන්ට එරෙහිවය.



අදහස් (2)

කෙහෙළියගේ නඩුවට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

පිටිගල මිලානෝ Wednesday, 14 May 2025 07:09 PM

ආත්ම කීපයකටම අහුවෙන විධියට බරසාර අවුරුදු ගාණක් හම්බවෙයි වගේ… වැලිකඩ පුංචි පාර්ලිමේන්තුව මේ පාර පොහොට්ටුවට ජය නියතයි. අපි අත් දෙකෙන්ම පොහොට්ටුවට කතිරේ ගහත්වා...

:       2       12

Perera Thursday, 15 May 2025 06:40 AM

ජූරි සභාවක් හිටියානම් මූ අනිවාර්යයෙන් කම්බස්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 825 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site