
(රුක්මන් රත්නායක)
තිස්සමහාරාම කිරින්ද පාර, සුදුවැලි පැලැස්ස ශ්‍රී සම්බුද්ධ මහා විහාරස්ථානයේ ඉදි කෙරෙන බුද්ධ ප්‍රතිමාවේ වැඩ කටයුතු නතර කරන ලෙසට තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් එවූ ලිපියට විරෝධය පාමින් විහාරස්ථ භික්‍ෂූන්වහන්සේලා අද පෙරවරුවේ සත්‍යග්‍රහයක නිරත වූහ.
විහාර භූමියේ අභිනවයෙන් ඉදි කෙරෙන සම්බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බවත්, රාජ්‍ය නිලධාරීන්ගේ අත්තනෝමතික තීරණයක් නිසා එම ඉදිකිරීම් කටයුතු මේ වනවිට නතර කරලීමට කටයුතු කිරීම,රාජ්‍ය ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදය මගින්, ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුඛස්ථානය දිය යුතු බව සඳහන් වගන්තිය මුළුමනින්ම උල්ලංඝනය කිරීමක් බව,ශ්‍රී සම්බුද්ධ මහා විහාරාධිපති රාජකීය පණ්ඩිත බළන්ගොඩ නාලක නාහිමියෝ පවසා සිටියහ,
තිස්සමහාරාම ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ඓතිහාසික යටාල රාජමහා විහාරය සහ මැණික් රාජමහා විහාරය යන උභය විහාරාධිපති, මීගහ ඇල පඤ්ඤාසීහ නාහිමියන් මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර සිටියේ, අදාළ විහාරස්ථානයේ බුදුපිළිම වහන්සේ ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් පෙනෙනා හැටියට විහාර පාර්ශවය තුළින් කිසිදුු වරදක් සිදුව නොමැති බවයි.
අප භික්ෂූන් වහන්සේලාගේ වගකීම සම්බුදු ශාසනය සුරැකීම බවත් එනිසා මෙවැනි දේ ඉදිකිරීමෙන් කිසිම වරදක් සිදුවන්නේ නොමැති බව නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.
අදාළ කරුණ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් මහ ලේකම් බිමල් ඉන්ද්‍රජිත් ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී මෙසේ පැවසීය.
මෙහි පැන නැගී ඇති තත්ත්වය පිළිබඳව අදාළ පාර්ශවයන් සමග මා වට දෙකක් සාකච්ඡා කළා.
දැනට බුදු පිළිමය ඉදිකරමින් පවතින භූමිය පිළිබඳව ගැටලු කිහිපයක් තිබෙනවා.ඒ අසල පෙර පාසලක සහ ගමේ විරෝධයක්ද ඇති බව කියැවෙනවා.
එහෙත් මේ සම්බන්ධයෙන් යෝජනා සහ සැලසුම් ඉදිරිපත් කිරීමට එම විහාරාධිපති හිමියන්ට අවශ්‍ය කරුණු දන්වා තිබෙනවා.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද මේ පින්තූරයේ කොණ්ඩේ වවාගත් සාමණේර හාමුදුරුවෝ ලොඩක් ඉන්නේ?
මේ සල්ලි අහිංසක, දුප්පත් ගම්වාසීන්ගේ කුසගිනි නිවන්නට යොදවන්න. බුදුපිළිම හැදූ පමණින් මිනිස්සු ධාර්මික වෙන්නේ නෑ. අපේ පුංචි රටේ තියෙන පන්සල්, වෙහෙර විහාර, බුදුපිළිම හොදටම ඇති.
මේ පරිසර විනාශය... වහාම නවත්වන්න... !!!
පිළිම හදපුවාම ශාසනේ රැකෙනවා කියලා තියෙනවා...
බුදුපිළිම හැදුවා කියලා බුද්ධ ශාසනය රකින්න බෑ. පන්සල්වල සීමාව නැතිව කරන ඉදිකිරීම් නවතන්නට ඕනෑ.
බුදුන් වහන්සේ වක්කලී භික්ෂුවට මෙසේ වදාළ සේක, "ධර්මය අවබෝධ කරගන්නා තැනැත්තා බුදුන් දකී" එම අවබෝධය යනු අත්දැකීම් සහිත අවබෝධය හෙවත් භාවනාමය ප්රඥාවයි. කිසිවෙකුට පිළිමයකින් බුදුන් දැකිය නොහැක. ඇත්ත වශයෙන්ම ඔබ පිළිමයක් දුටු විට ලැබෙන්නේ රූප-සංජානනයයි. සංජානනය මිරිඟුවක් වැනිය. ඔබට මිරිඟුවකින් බුදුන් දැකිය නොහැක.