
(අංජුල මහික වීරරත්න)
කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් කෝටි 3ට ආසන්න මුදලක් වංචාකළ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය පවසයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි නවයක් සම්බන්ධයෙන් විමර්ශනය කර මොවුන් අත්අඩංගුවට ගෙන තිබේ.
වංචාවට සම්බන්ධ එක් සැකකරුවකු මාර්තු මාසයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අනෙක් පුද්ගලයින්ගේ ගිණුම් වලට මුදල් බැර කර ඇති බවට විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක් නොවන වෙනත් බාහිර පුද්ගලයින්ට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමෙන් වලකින මෙන් කාර්යාංශය රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටියි. විදේශ රැකියාවක් ලබාදීමට යම් අයෙකුට මුදල් ලබාදීමට පෙර ඒ පිළිබඳව 1989 අංකය ඇමතීම මගින් කාර්යාංශයෙන් තොරතුරු විමසා බලන ලෙස කාර්යාංශය වැඩිදුරටත් ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd