(සුජිත් හේවාජුලිගේ)

රටේ ජාතික ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය  වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමටත්    ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන්  පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලීමට විපක්ෂය තීරණය කර  අැත

මේ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්  පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා  කතානායකවරයා  වෙත බාරදීමට නියමිත  යෝජනාවට  අද (21)   අත්සන් තැබීම අාරම්භ  කළේය.