
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර බන්ධනාගාරය තුළදී එහි රැඳවියන් පිරිසක් නියාමකවරයකුට" බි " වාට්ටුව තුළදී බිම දමා අමානුෂික ලෙස පහරදී ඇතැයි කළුතර උතුර පොලිසිය සඳහන් කරයි.
පහර කෑමෙන් තුවාල ලද නියාමකවරයා නාගොඩ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුලත් කර ඇත.
පහර දී ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික 'බෝම්බුවල නවින් "නමැත්තාගේ සාමාජිකයන් පිරිසක් බව බන්ධනාගාර ආරංචි මාර්ගය කියයි.
පහරදුන් කියන සැකකරු වාරියපොළ බන්ධනාගාරය වෙත මාරුකර යැවූ බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන්කරයි.
තුවාල ලද නියාමකවරයා "බි" වාට්ටුවේ රාජකාරී කරමින් සිටියදී මත්ද්‍රවය සහ මිනිමැරුම් චෝදනාවලට ලක්ව "ඩි" වට්ටුවේ රඳවා සිටින අපරාධ කල්ලි සාමාජිකයා එම වාට්ටුවට පැමිණීම හේතුවෙන් ඒ සම්බන්ධයෙන් විමසීම හේතුවෙන් උරනව නියාමකවරයාගේ කමිස කොළරයෙන් අල්ලා ඔහුගේ සෙසු සගයන් එක්ව පහරදීම සිදුකර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd