දුෂ්කර ප්‍රදේශවලින් උසස් පෙළ විභාගයට මුහුණ දුන් බව කියන සිසුන් 80 දෙනකුගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නවත්වා ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා පැවසීය.
දුෂ්කර පළාත්වල කෝටාවෙන් විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලැබීම සඳහා පහසුකම් ඇති ප්‍රදේශවල සිට දුෂ්කර ප්‍රදේශවලින් ඔවුන් විභාගයට අයදුම් කර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව පවසයි.
2016 උසස් පෙළ විභාගය අතරතුර මේ ගැන තොරතුරු ලැබීමත් සමඟ විභාග දෙපාර්තමේන්තුව සහ අධ්‍යාපන අමාත්‍යංශය විමර්ශන ආරම්භ කළේය. එලෙස පිට පළාත්වල සිසුන්ට විභාගයට මුහුණ දීමේ අවස්ථාව ලබා දුන් බව කියන විදුහල්පතිවරුන් දෙදෙනකුගේ ද වැඩ තහනම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය කියයි.
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කීවේ තවත් විදුහල්පතිවරුන් 12 දෙනකු සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කර නැති බවයි.
කෙසේ වෙතත් විභාග දෙපාර්තමේන්තුව කළ විමර්ශනයකින් පසු උතුරු මැද, වයඹ සහ මධ්‍යම පළාත්වලට අයත් පාසල් කිහිපයකින් විභාගයට මුහුණ දුන් සිසුන් 80කගේ විභාග ප්‍රතිඵල තාවකාලිකව නැවැත්වූ බව විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය. වංචනිකව විභාගයට මුහුණ දෙන සිසුන් සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කරන බව ද ඔහු සදහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට හේතුව විශ්ව විද්‍යාලයට යන්න පාර හදා ගැනීමයි. දිස්ත්‍රික්ක ක්‍රමයට සිසුන් තේරීම සම්පුර්ණ අසාධාරණ වැඩක්. අඩු ලකුණු වලින් විශ්ව විද්‍යාල වලට සිසුන් ගැනීමෙන් බිහිවෙන උගතුන් කරන වැඩ වලින් මේක තහවුරු වෙනවා. (නි)
මේවා අද කාලයේ විතරක් නෙවෙයි අපි උසස් පෙළ කල බොහෝ කලකට පෙරත් සිදු වුනා. පිට පළාත් වල සිසුන් පවා සති අන්තයේ කොළඹ පන්ති ආවා. නමුත් කියන්නේ මම ඉහලින් සමත් වුනේ ටියුෂන් පවා නොගිහින් ගමේ ඉස්කෝලේ උගන්වපු දෙයින් කියලා. අවංක බැවින් තොර උගතුන්ගෙන් රටට වෙන යහපතක් නැහැ . මේ උදවිය ඊළඟට රජයේ රැකියා අරගෙන එතනත් වංචාවෙන් මහජනයා ගසා කමින් හම්බ කරනවා. කරුණාකර උපරිම දඬුවම් දෙන්න . අපි මේ උදවියට වැඩිය දෙගුණයක් ලකුණු අරගෙනත් අවංකව කොළඹින් විභාගය ලියපු නිසා ලැබුනේ සරසවියේ අඩු ලකුණු පාඨමාලා. (හේ)
මේවා වැරදි වැඩ .දඩුවම හොදයි. (අ)
වංචාවෙන් විභාගවලට පෙනී සිටි හොරුන්ට ජීවිතාන්තය දක්වා විභාග තහනම් කරන්න! ඔවුන්ගේ දෙමාපියන්ට සහ අදාළ විදුහල්පතින්ට එරෙහිව නඩු පවරන්න. (බ)
බිමල් හරි. තියෙන ක්‍රමය නිසා ගම්පහ කොළඹ අයට විශාල අවාසියක් වෙන්නේ (රේ)
මේ ළමයින්ගේ වැරැද්ද නෙවෙයි සිස්ටම් එකේ වැරැද්ද (රේ)