මේ දිනවල ඇද හැලෙන අධික වර්ෂාව නිසා කොට්ටාව හා කඩුවෙල දක්වා දක්ෂිණ අධිවේගී මාර්ගයේ දෙපස ජලයෙන් යට වී ඇත. දෙපස ඇති නිවෙස් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇත. මෙම ප්‍රදේශය පහත් භූමියක් නිසා මේ තත්වය උදා වී ඇති බව ප්‍රදේශවාසීන් කියයි.
මේ අතර සපුගස්කන්ද, බියගම, කඩුවෙල, හංවැල්ල, ඇලකන්ද ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාහේ ජලයෙන් යටවී ඇති අයුරු දැකගත හැකිවිය.
ඡායාරූප හා වීඩියෝ- කෞශල්‍ය සමින්ද
ඡායාරූප හා වීඩියෝ - ශාන්ත රත්නායක
ඡායාරූප - ඉෂාන් සංජීව














COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප ලංකාදීප පුවත්පත අපේ ශ්‍රී ලාංකීය ජනතාවට ඉතාමත් වැදගත් හා තම රට ලෝකය තුළ සිදුවන සෑම තොරතුරක්ම විගසින් ලබාගත හැකි අතර සෑම තොරතුරක්ම සත්‍ය තොරතුරු වේ. ඔබ සියලු දෙනාට ස්තුතියි! (නි)
ඉතා ඉක්මනින් වැඩිකළ වැට් බදු ඉවත් කරන්න. දුප්පත් ජනතාව මත වැට් බදු දාලා ඔවුන් අසරණ වෙලා (නි)
ඔන්න පේනවා නේද රටක කරපු සංවර්ධනය. පහත් බිම් ගොඩ කරලා තට්ටු ගොඩනැගිලි හැදුවා. හයිවේ කියලා වෙල් ගොඩකරලා පාරවල් හැදුවා. දැන් පොඩි වැස්සක් ආවත් ඒ වතුර ටික උරා ගන්න පොළොවක් නැහැ. මේවා සිදුවන්නේ විෂයය පිළිබඳ උගතුන්ගේ අදහස් පිළිනොගන්නා නිසා. 1977 න් පසු බලයට ආ සියළුම ආණ්ඩු මේ අනුවණ සංවර්ධන යෝජනා වැඩවලට වගකිව යුතුයි. සියළුම සංවර්ධන යෝජනා ක්‍රම පරිසරයට, සොබා දහමට පමණක් නොව අනාගතයට මෙන්ම අනාගත මානසික ආධ්‍යාත්මයටත් එකඟව සිදුවිය යුතුය. (නි)
ප්‍රසිද්ධ ජ්‍යෝතිෂවේදියෝ කියලා තිබුනා රටට මේ වගේ විපත් වෙන්න පුළුවන් කියලා. (නි)
නිමල් මහතාණෙනි, ඕනෑම සංවර්ධන වැඩකටයුත්තකදී පරිසරයට හානි වෙනවා තමයි. එය අවම කිරීම කළයුතුයි. නමුත් තනි මහලේ ගෙවල් කීපයක් හදනවට වඩා පරිසර හානිය අඩුයි නේද මහල් ගොඩනැගිලි හදනකොට. හයිවේ එකෙත් දෙපසම යටවෙලා. ඕක තිබුනේ නැතත් තත්වය එහෙමම නේද? (නි)
නිමල්, ඔබ වැන්නන් වැඩි වැඩියෙන් මේ රටට අවශ්‍ය වෙලාවක්. සත්‍යය ගිල දමමින් බොරුව රජයන වත්මනක ඔබ කියන දෙය තේරුම් ගන්න හැකිවේවිද? (නි)
නිමල් සමඟ 100% එකඟයි. පහතබිම් ගොඩ කිරීමේ ප්‍රතිවිපාක තමා ඔය. (නි)
විපතට පත් සෑම දෙනාටම ඉක්මන් සහනය ලැබේවා.අප එකාවන්ව එකමුතු වී මේ අයට උඩු කල යුතුයි (ම)
පහත් බිම් ගොඩකිරීම පමණක් මේකට හේතුව විදියට දකින්න බැහැ. නිවැරදි නඩත්තුව නැතිකම තවත් ප්‍රධාන හේතුවක්. සංවර්ධනය කරනකොට පරිසරයට යම් හානියක් වෙනවා. නමුත් නිවැරදි නඩත්තුවෙන් හානි අවම කරගන්න පුළුවන්. බත්තරමුල්ල, තලවතුගොඩ හදපු වැව් වලින් තරමක් හානිය අඩුවුණා. පහුගිය කාලේ දැඩි රස්නයට පස්සේ මෙවැනි වායුගෝලීය අසමතුලිතතා ඇති වෙන්න පුළුවන් බව බොහෝ දෙනෙක් දන්නවා. එයට සුදානම් නොවුණු එකයි මේ තත්වයට හේතුව. (නි)
සමහර ගම්වල යමක් කමක් තිබුණු උගත්කමක් තිබුණු උදවිය ගමේ බොහොම සුන්දර පරිසරයත් එක්ක තිබුණු ඉඩම් විකුණලා දරුවන්ට උගන්වන්න කියලා කොළඹ ගියා. එ්ත් ඒ මිනිස්සු විඳින දුකේ හැටියට ගම්වල මිනිස්සු එක වේලක් කාලා හරි සුන්දර ජීවිතයක් ගතකරනවා කියලා දැනෙන්නේ මේවගේ වෙලාවල් වලට තමා. ගංවතුර පහව ගියාට පස්සේ කොළඹ මිහිපිට අපාය වගේ තියෙයි (නි)
හයිවේ හදන්න ඕනෑ තාක්‍ෂණයේ මුල සොයලා දුන්නේ ලංකාවේ මොළයක්, ඒ කියන්නේ කුලසිංහ මහතා. එතුමා තමයි පෙරසවි කොන්ක්‍රීට් ක්‍රමය හඳුන්වලා දුන්නේ. බලන්න තායිලන්තය, මැලේසියාව වගේ රටවල් ඒ ක්‍රමය තුළ උසට කණු තනලා ඒ මත තමයි හයිවේ තැනුවේ. ඒ නිසයි ඒවට ඔය නම වැටුනේ. නමුත් බිමින් යන පාරවල් වලට හයිවේ කියන්නේ නැහැ. ඒකයි ඒවට එක්ස්ප්‍රස්වේ කියලා නම දාලා තියෙන්නේ. අර විදිහට උස කණු උඩ පාර හැදුවා නම් ඔය තරම් වෙල්යායවල් ගොඩවෙන්නේ නැහැ. අනෙක මහල් නිවාස තමයි මේ යුගයට ගැළපෙන්නේ. මිනිසාට මොළයක් දී ඇත්තේ ළඟ බැලීමට පමණක් නොව දුරද සිතා බැලීමටයි. (නි)
රට කරවන නායකකාරකාදීන්ගේ නොමනාකම් වල පව් කරට ගන්න වෙලා තියෙන්නේ මෙරට අහිංසක ජනතාවට. මොකද සංවර්ධනය හුදෙක් නිසි දැක්මකින් නිසි කළමණාකරනයකින් තොරව කිරීම නිසා නොවේද මේ? කඳු කපා ඉඩම් කට්ටි කරමින් ධනය රැස් කරගැනීම අරමුණ කරගන්න මානබලන නායක ඉන්නතාක් රටට සෙතක් නම් වෙන්නෙම නැත. විනාඩි 5 තුල වැස්සකින් මුළු කොළඹම යටවෙන්නේ නිසි කාණු පද්ධතියක් නැති නිසා නොවේද? වැඩිම බදු අයකරන කොළඹ නගර සභාව ඇස්කන් වසා සිටින්නේ මන්ද? (නි)
අනේ මන්දා නිමල් බැන බැන අදහස් දැම්මට අන්තිමට යන්න ඉතුරුවුණේ හයිවේ එක විතරයි නේද. අපි රජයට ඇඟිල්ල දික්කළාට වැඩක් නැහැ. ජනතාව විදියට අපි වුණත් කාපු දේ කාපු තැන දාලා යන, ප්ලාස්ටික බෝතල් පොලිතින් වැනි දේ හැමතැනම දාන විනයක් නැති ජාතියක්. අනිත් අයට බනින්න කලින් අපේ වැරදි ටිකක්වත් හදා ගත්තොත් හොඳයි. හැමදේටම දේශපාගනේ ගාවාගන්න අපේ උගත් මහජනතාව පොඩ්ඩක් හිතුවොත් තේරෙයි අපි සේරම වැරදියි කියලා (නි)
කෝ දැන් මේ ඒකාබද්ධ විපක්ෂයේ ඇත්තෝ? රටට අාදරය අය කෝ ඇත්තටම? (නි)
මෙතන හයි වේ හැදුව කියල නෙමෙයි වතුර ගලල තියෙන්නේ. මේක තිබුනත් නැතත් වතුර ගලනවා. ඒ පැත්තේම මිනිස්සු කියනවනේ පහත බිම් කියල. පැල්පත් අයින්කරලා තට්ටු නිවාස හැදුවේ නැත්නම් තවත් මිනිස්සු අනාත වෙනවා. තුන්කල් බලලා මේවා හදපු එක ලොකුදෙයක්. (ර)
නිමල්. හයිවේ එක මේ පුදේශයේ යන්නෙ කනු උඩ උඩින් එකනෙවෙයි පසු ගියකාලෙ පවිතු කළ ජල මාර්ග දිගටම සුද්ද කළා නම් මේවා අවම කරගන්න තිබුනා. කොහොමත් සවභාවික විපත් වලින් කිසිම රටකට ගැලවෙන්න බෑ. එය පවතින හො තිබුන රජයේ වැරදි ලෙස හුවා දක්වනෙ දේශපාලන ළදරුවන්. (ර)
නිමල් මහතාණෙනි, ඔබ හරියටම හරි. (ර)
මේවාට කිසිම රජයක් පළි නැහැ. මේවා ස්වාභාවිකයි. මුහුදේ වන විපර්යාසයන් නිසා එකවර වැහි ජලය මුහුදට ගලා බසින්නේ නැහැ. ගොඩදිය, බාදිය කියලා ගැමියන් කියන්නේ. දැන්වත් හිතන්න (නි)
නිමල්, මේක තව කට්ටියකට ගරහන්න අවස්ථාවක් කරගන්න එපා. විපතටපත් අයට සහනයක් දෙන්න කටයුතු කරන්න (නි)
මෙවැනි අවස්ථාවක ජාතිබේද නොසළකා අපි සියලු දෙනාම අවතැන් වූ ජනතාවටට අපගේ සහයෝගය ලබාදිය යුතුයි. පවතින රජයට හෝ තිබු රජයට බැන වැදීමෙන් පලක් නොමැත (නි)
නිමල්, මෙවැනි ජලගැලීම් වල ප්‍රශ්නය තියෙන්නේ සංවර්ධන කටයුතුවල නොවේ. පළමුව ඒවා ආරම්භ කරනවිට විධිමත් පරිදි ජලය බැසයාමේ ක්‍රමවේදයන් ඇතිකළ යුතුය. දෙවනුව කාලයෙන් කාලයට ජලය බැසයන ක්‍රමය පිළිබඳව පසුවිපරම් කරමින් පවතින අඩුපාඩු වලට පිළියම් කළයුතුය. එහෙම නැතුව සංවර්ධනයට බැන වදිමින් ගල්යුගයට නැවත යායුතු නොවේ. පොඩ්ඩක් ලෝකේ දියුණු නගරවල භාවිතා කර ඇති ක්‍රමවේදයන් සොයාබලා විසඳුම් දියයුතුය. අනෙක කාලයෙන් කාලයට මේවා නවීකරණය වියයුතුය. (නි)
මෙගා පොලිස් ව්‍යාපෘතිය පටන්ගන්න කලින් මේ ගැන දැඩි අවධානය යොමුකිරීම අතිශයින් වැදගත්. නිමල් මහතා කියපු විදියටම අවිධිමත් සංවර්ධන ව්‍යාපෘති වල ප්‍රතිඵල තමා දැන් දැන් වාර්ෂිකව මතුවෙලා එන්නේ. (නි)
යටවී ඇති කොටසේ පාර සකසා ඇත්තේ කණු මතවේ. (ර)
කොළඹ අප ජලය බැසයාමේ පද්දතිය හොඳට හැදුවා එත් බැරිවුනේ ඒවා සුද්ද කර ගන්න පමණයි . (ර)
නිමල් සමඟ 100% එකඟයි. (ර)
නිමල් මහතාණනි ඔබ හරියටම හරි. ඔබවැනි අය රටට අවශ්‍යයි. සත්‍ය කථා කරන්න (බ)
මෙතන ප්‍රශ්නේ තියෙන්නේ පාරවල් හදන එක නෙවෙයි. හයි වේ එක තියෙන්න කලිනුත් ඔතන යටවෙනවා. අනිත් එක රටක් සංවර්ධනය කරලා දුන්නම මිනිස්සු දැනගන්න ඕනේ රට ආරක්ෂා කරන්න. නැතුව මිනිස්සුන්ට බනින එක නෙවෙයි. මේ වෙලාව තමයි මිනිස්සුන්ට පින් කරගන්න තියෙන වෙලාව එක නිසා කතා අඩුව අවතැන් උන අයට වැඩියෙන් උදවු කරන්න. (ර)
පිඩාවට පත් ජනයාට පිහිට වෙමු. (ර)
හොඳ කාණු පද්ධතියක් නැතිකම මීට හේතුවයි. (ර)
මෙම තත්වයට පිළියම් කෙටිකාලීනව යොදන අතරම දිගු කාලීන නගර සැලසුම් නිර්මාණයේදී මෙම දත්ත අනිවාර්යෙන්ම උපයෝගී කොටගෙන , පහත් බිම් සංවර්ධන වැඩට යොදා ගැනීම තහනම් කළ යුතුයි. බස්නාහිර නගර සැලසුම මගින් මෙගාපොලිස් සංවර්ධනය කරද්දී මේවායේ පදිචි කරුවන් මෙම ඉඩම් වලින් ඉවත් කොට , වෙනත් පෙදෙසක පදිංචි කිරීම අත්‍යවශ්‍යයි. (බ)
ලස්සන කොළඹ නඩත්තු නොකිරීමේ අනිටු ප්‍රතිපල (බ)
පසුගිය රජය කොළඹ ගංවතුර තර්ජනය වළක්වන්න කියලා කෝටි ගණන් වියදම් කළා නේද? (නි)
හරිම දුකක්. හැමෝම එකතුවෙලා උදව් කරමු. අපේම අය විපතට පත්වෙලා. ඉන්දියාවට දෙන්න හදපු සල්ලි මෙයාලට දෙන්න (නි)