(ඩයනා උදයංගනී)
කොළඹ නගරයට අද (28) පස්වරුවේ පැය කිහිපයක් තිස්සේ ඇද හැලූණු මහ වැසි හේතුවෙන් මාර්ග රැසක් ජලයෙන් යට වීම නිසා ජනතාවට පීඩාකාරී තත්ත්වයක් ඇතිව තිබිණි.
මෙම තද වැසි පස්වරු 2.30 පමණ සිට ඇතිවූ අතර පස්වරු 5.30 දක්වා ගතවූ පැය තුනක පමණ කාලයේදී මිලිමීටර 122ක වර්ෂාපතනයක් කොළඹ නගරයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.
තුම්මුල්ල, නිදහස් මාවත, හයිඞ්පාර්ක්, හෝර්ට්න් පෙදෙස, වෝඞ් පෙදෙස, කිංසි පාර, යුනියන් පෙදෙස සහ බේස්ලයින් මාර්ගය ඇතුළු තවත් මාර්ග මෙලෙස ජලයෙන් යටවී තිබිණි.
ඇතැම් මාර්ග අඩි කිහිපයක් ජලයෙන් යට වී තිබූ බව ද වාර්තා විය.
මේ හේතුවෙන් එම මාර්ගවල දැඩි රථවාහන තදබදයක්ද ඇතිව තිබූ අතර ඒ හේතුවෙන් රැකියා නිම වී නිවෙස් කරා ගමන් කළ ජනතාවට පීඩා සිදුවිය.
දිවයිනේ පළාත් කිහිපයකට හෙට (29) සහ අනිද්දා දිනවලත් තද වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි
උතුරු, නැගෙනහිර, උතුරුමැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල් මහතා ලංකාදීපයට පැවැසීය.
සෙසු පළාත්වලත් පස්වරු 2.00න් පසු වැසි ඇතිවන අතර අතර මධ්‍යම, සබරගමුව සහ බස්නාහිර පළාත්වල මිලිමීටර 100ක පමණ තරමක තද වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
රාත‍්‍රී කාලයේදී වයඹ, බස්නාහිර සහ දකුණු පළාත්වල සමහර ප‍්‍රදේශයන්හි උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ද කසුන් පැස්කුවල් මහතා ප‍්‍රකාශ කළේය.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල එම ප‍්‍රදේශයන්හි තද සුළං සහ අකුණු අනතුරුද ඇතිවිය හැකි බවද ඔහු පැවසීය.
මෙම වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් ලබන 1 සහ 2 යන දිනයන්හි අපේක්‍ෂා කරන බව කී පැස්කුවල් මහතා ඉන්පසු නැවත තද වැසි ඇතිවනු ඇතැයි ද කීවේය.
අන්තර් මෝසමේ බලපෑමෙන් මෙම වැසි ඇතිවන බව ද ඔහු සඳහන් කළේය.
ඡායාරූප - ශාන්ත රත්නායක






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ ආණ්ඩුව ආවා විතරයි අසිරි වැසි වහිනවා...
මොන පාලකයෝ ආවත් තම බැරි උනානේ වැස්සට කොළඹයට වෙන එක හදන්න. කට විතරයි, වැඩ නෑ..
මොන පාලකය ආවත් කොළඹ වගේ පැරණි සැලසුම් නොකළ නගරයක් ඔය වගේ වැස්සකදී ජලයෙන් යට නොවන පරිදි සැදීම කල නොහැකි බව බොහෝ දෙනෙකුට තේරුම් ගන්න අමාරුයි. පැරිස් නිව් යෝර්ක් වගේ නගර වුනත් යට වෙනවා.