පළාත් සභා මැතිවරණය සදහා කොළඹ දිස්ත්‍රීක්කය වෙනුවෙන්  ප්‍රධාන පක්ෂ කිහිපයක්  නාරාහේන්පිට  කොළඹ  දිස්ත්‍රික් ලේකම්  කාර්යාලයේදී  අද සවස නාම යෝජනා  බාර දුන්නේය.

එක්සත් ජනතා නිදහස් සංවිධානය වෙනුවෙන්  එහි ලේකම්  අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ,අමාත්‍ය විමල් වීරවංශ ,කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායක උදය ගම්මන්පිල අපේක්ෂකයින්  වන නවුසර් ෆවුසි හා උපාලී කොඩිකාර යන මහත්වරු මේ සඳහා පැමිණියහ.

හිටපු යුද හමුදාපති හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී  පක්ෂය වෙනුවෙන් එහි නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ,කණ්ඩායම් නායක ආර් ජී ඥානරත්න,සුසිල් කිඳෙල්පිටිය යන මහත්වරුද ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ වෙනුවෙන්  එහි ලේකම්  ආචාර්ය කුමාර ගුරුබරන්  ඇතුළු නියෝජිතයෝද පැමිණි සිටියහ.

ස්වාධින කණ්ඩායම් කිහිපයක්ද අද නාම යෝජනා භාර දුන්නේය.