කාංචන කුමාර ආරියදාස
කිරිගොවීනට මුහුණ දීමට ඇති අර්බුදවලට නිසි විසැදුමක් සතියකින් ලැබුණොත් ගොම පිරවු ලොරි හා කරත්තවලින් කොළඹට එන බව සමස්ථ ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා දඹුල්ල යාපාගම දී අද (24) පෙරවරුවේ පැවැසීය. කිරිගොවීනට සහන ඉල්ලා හෙට (25) දඹුල්ලේ දී පැවැත්වීමට නියමිත උද්ඝෝෂණයට කඩාකප්පල් කිරීමට පිරිසක් මාන බලන බව ඔහු චෝදනා කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොම හොඳ පෝර වර්ගයක් නිසා ගෙන්න. ගෙවතු වගා සඳහා ගොම පෝර වලට විශාල ඉල්ලුමක් තිබෙනවා. මේ මිනිසුන්ට ඒකෙන් හොඳ අදායමක් ලබා ගන්න පුළුවන් වේවි !!!
තවත් උද්ඝෝෂණයක් ... ජයවේවා!!! ගොම පොහොරනේ... ගේන්න. ගේන්න..
වසර කිහිපයකට පෙර ජර්මනියේ ගොවියන් කරපු උද්ඝෝෂණයකට ජීව විද්‍යාත්මක අවියක් (බයෝලොජිකල් වෙපන් ) ගෙනැවිත් ඔවුනට සීමා පැනවූ පොලිසියට පහර දුන් බවට සිරස්තලයක් සහිත පුවතක් මා කියවූවා . බැලූ කොට ගොම දියකර, දියර පොහොර යොදන බව්සර් වලට ඒවා පුරවා පොලිසිය දෙසට ඒවා ස්ප්‍රේ කරලා .
කිරි වෙනුවට ගොම සොයමින් යන්නෝ ඉන්න රටක් මේක.
ඒකත් නරකම නැහැ නාමල් මහත්තයෝ ගේන්න.ගොම කියන්නේ හොඳ පොහොරක් නේ . මේ ජේ.වී.පි. කාරයෝ කිසිම ආණ්ඩුවකට කරන්න දෙන්නෙත් උන්ට කරන්නත් බැහැ. හැම එකම ආණ්ඩුවෙන් දෙන කල් බලාගෙන ඉඉනේ. අධ්‍යාපනය නොමිලේ,ආහාර නොමිලේ,විද්‍යා පහසුකම් නොමිලේ,ප්‍රවාහනය නොමිලේ,නිවාස නොමිලේ, නාමල් මහත්තයෝ හැම එකම නිකම් ඉල්ලන්න කලින් එහෙමත් නැත්නම් අයිතිවාසිකන් ඉල්ලන්න කලින් ඔහෙලා රට වෙනුවෙන් කරලා තියෙන යුතුකම් මොනවද කියල ටිකක් හැරිලා බලන්න.මමම හමුදාවේ ඉන්න කලේ මගේ යාලුවෙකුගේ නෝනව පුච්චලා මැරුව( එයාගේ බඩේ දරුවෙක්).ඕනනම් කියන්න නම සහ ස්ථානය. ඕගොල්ලෝ මිනි මරුවෝ.පොදු දේපල විනාශ කරපු නරුමයෝ.බොරුවට බුරන්න එපා.
මටත් හොඳවයින් ගොම එකක් දෙන්න. මල්වලට දාන්න....
1994 දී ජාතික ප්‍රශ්නයට විසඳුමක් කතාකරන කොටම එදා මංගල සමරවීර මහතා එකතුවෙලා පරිවාස ආණ්ඩුවක් ජනතා විමුක්ති පක්ෂය එකතු කරගෙන කෘෂිකර්ම ඇමැතිකම ගත්තට කිසිවකු සිදුවූයේ නැහැ. දැන් කිරි ගොවියන් මුල්කරගෙන ගොම ගේන්නත් හදනවා...
රෝහණ,... කියන්නේ කොහොමද? ජේ. වී.පි.එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒ ගොල්ලෝ තමයි රටට බරක් වෙන්න කැබිනට් එක සිය ගණනක් දක්වා වැඩි කරන්න වැඩකලේ... ඒගොල්ලෝ ආණ්ඩුවට එකතු වෙන්න ඉස්සෙල්ලා කැබිනට් එක තිහකට පමණ සීමාවෙලා තිබුණේ...,මේ ගොල්ලෝ අතර මගදී ආණ්ඩුවට එකතු වුනහම කැබිනට් එක වැඩිකරන්න සිද්ධ වුණා මේ ගොල්ලන්ට ඇමතිකම් දෙන්න. ඊට පස්සේ හැම ආණ්ඩුවක්ම ඇමතිකම් වැඩිකරන්න පටන්ගත්තා.