ජාඇළ පමුණුගම, හැමිල්ටන් ඇළට යාබදව පිහිටි ඉඩමක් වටලා ප්‍රවාහනය සඳහා සුදානම් කර තිබු බව කියන නීති විරෝධි කසිප්පු ස්ප්‍රීතු බෝතල් 500 ක් සමඟ සැකකරුවෙකු සුරාබදු නිලධාරීන් විසින් අද (25) අත් අඩංගුවට ගනු ලැබීය.
අත් අඩංගුවට ගනු ලැබු ස්ප්‍රීතු බෝතල් 500 පොලිතින් මළු දහයක අසුරා ප්‍රවාහනය සඳහා සුදානම් කර තිබූ බවත් ඒවා කොළඹට රැගෙන යාම සඳහා ත්‍රීරෝද රථයක් පැමිණෙන තුරු සැකකරුවන් බලා සිට ඇති බවත් වැටලීම කළ නිලධාරීහු කියති.
සැකකරු වයස අවුරුදු හැට දෙකක පමුණුගම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
සුරාබදු නිලධාරින් එම ස්ථානය වටලන අවස්ථාවේ එහි සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකු පලා ගොස් ඇත. ඒ බව අත් අඩංගුවට ගනු ලබු සැකකරු විසින් සුරාබදු නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත.
මෙම ස්ප්‍රීතු මුතුරාජ වෙල රක්ෂිතය ආශ්‍රීත වගුරුබිම් වල පෙරා ඇති බවට සැක කරන සුරාබදු නිලධාරිහු පලාගිය සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනිමට වැඩිදුර විමර්ශන සිදු කරති.
අත් අඩංගුවට ගත් මත්පැන් තොගයේ වටිනාකම රුපියල් දෙලක්ෂ පනස් දහසකි.කොළඹ ප්‍රදේශයට ප්‍රවාහනය කරනු ලබන නීති විරෝධි ස්ප්‍රීතු සම්බන්ධව වැටලිම් දැඩි කිරිමට සුරාබදු කොමසාරිස් ජනරාල් එල්.කේ.ජි.ගුණවර්ධන මහතා විසින් ලබාදි ඇති උපදෙස් පරිදි මෙම වැටලිම සුරාබදු අපරාධ අංශය භාර නියොජ්‍ය සුරාබදු කොමසාරිස් ජේ. පුෂ්පකුමාර සිල්වා මහතාගේ මෙහයවීම මත සුරාබදු පරික්ෂක ඒ.ආර්.ලැම්බට් , සුරාබදු පරික්ෂක කේ.ඒ.යු.එල්.සෙනවිරත්න, සුරාබදු සැරයන් එල්.බි.ගාමිණි සුරාබදු නියාමක සේමසිංහ යන නිලධාරින් විසින් සිදුකර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකෙන් පේනවා අපේ පොලිසියට මේවා අල්ලන්න , පාලනය කරගන්න පුළුවන් දක්ෂකම, ඕනෑකම, වගේම කැපවීම තියෙන බවයි. අවශ්‍ය වන්නේ ඉහල නිලධාරීන්ගේ නිවැරදි මගපෙන්වීමත්, අදාල මැති ඇමති වරුන්ගේ දේශපාලනයෙන් තොර මැදිහත්වීමත් අවශ්‍ය පහසුකම් සැලසීමත් විතරයි. මේ පාලනය යටතේ දේශපාලන ඇඟිලි ගැහීම් වලින් තොරව පොලිසියට රාජකාරි කරන්න ඉඩ දී තිබෙන බව පැහැදිලිව පේනවා . හොර අරක්කු, ගංජා , මත්කුඩු ව්‍යසනයෙන් රට බේරා ගැනීම පලකයොත් පොලිසියත් නිවැරදි වැඩ පිළිවෙලක් ඇතිව ක්‍රියාත්මක කලොත් එතරම් අමාරු දෙයක් නොවේ කියලයි මට හිතෙන්නේ . (ර)
දෙකොටසකට වෙන වෙනම නීතියක්නේ. එකනේ ප්‍රශ්නය.(හේ)
අර නැව් වලින් එතනෝල් ගෙන්වපු අයවත් මේ වගේම අත්අඩංගුවට ගත්තා නම් කොච්චර අගේද නේද ?(හේ)
අාශ්චර්යෙන් යහ පාලනයට -මතට තිත කොතැනට (නදී)
ඉතා හොද රාජකාරියක්. මේ නිලධාරි කන්ඩායම මේ ටිකේම වැටලිම් කරල තියෙනවා ලංකාදිප වෙබ් පිටුවේ පලවි තිබුනා(නදී)
පොඩි පොඩි ඒවා වගේම මහා පරිමාණෙන් කරන ඒවත් මේ විදිහට වැටලුවනම් තමයි අගේ. (බ)