අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර පාසලක් වන පණ්ඩුකාභයපුර විදුහලේ සිසුනට විශාල අඩුවක්ව පැවැති පුස්තකාලයක් හා සිසු දරු දැරියන්ට අභ්‍යාස පොත් පාසල් හා ක්‍රීඩා උපකරණ ද ලබා දීමට කොළඹ විශ්ව විද්‍යාලයයේ 60 දශකයේ විද්‍යාර්ථින්ගේ එකමුතුව එහි ගියේය.
අනුරාධපුරයේ සිට කිලෝමීටර 17ක් පමණ දුරින් පිහිටි ඉතා අඩු පහසුකම් සහිත පණ්ඩුකාභයපුර විදුහලට මෙම මහඟු පරිත්‍යාගය කිරීමට එකමුතුවේ නිලධාරී මණ්ඩලය හා විධායක සභාවේ තිහකට ආසන්න පිරිසක් ගොස් සිටියහ.
විදුහල්පති එම් ජයවර්ධන මහතා ප්‍රමුඛ ගුරු මණ්ඩලය හා සිසු දරු දැරියෝ ඔවුන් සාධරයෙන් පිළිගත්හ.
ඉන්පසු පැවැති කෙටි උත්සව සභාවේ දී රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා කබඩ්, මේස, පුටු, පොත්පත් හා පරිගණකයක් ද සිසු දරු දැරියන්ට වෙනම පොත් පාර්සල් ද ක්‍රීඩා උපකරණ ද බෙදා දෙනු ලැබුවේ එකමුතුවේ සභාපති ටී ජී ජයසිංහ මහතා සහ ලේකම් මුදිතා රුද්‍රිගු මෙනවිය ඇතුළු විද්‍යාර්ථීන්ගේ එකමුතුවේ සාමාජික සාමාජිකාවන් විසිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධර්මසේන නවරත්න මහතාණෙනි , ඔබගේ පරිත්‍යාග සදහා සංගමයේ සභාපති හෝ ලේඛම් වෙත ඔබව සම්බන්ධ කරගත හැකි අයුරු දන්වන්න (නි)
මෙවැනි ශ්‍රේෂ්ඨ උතුම් කාර්යයන් දිනෙන් දින වැඩිවේවා. ඔබලාට දෙවි පිහිටයි (නි)
හොද වැඩසටහනක් (නි)
මේවා හොද වැඩ (නි)
කරුණාකරලා මෙම විදුහලේ ලිපිනය දන්වන්න. මමත කොලොම්බ් විශ්ව විද්‍යාලයේ 60 දසකයේ සිටියේ. මගේ උපන් ගමත් අනුරාධපුර දිස්ත්‍රික්කයේ. දෙනාට මම ලග තියෙනවා විශාල පොත් තොගයක්. මම කැමති මෙම පොත් මේ විදුහල පරිත්‍යාග කරන්න. (අ)
මම මෙය ලියන්නේ එංගලන්තයේ සිට. කරුණාකරලා මේ උතුම් පරිත්‍යාගය කරපු අයගේ තොරතුරු පල කරන්න පුලුවන්ද? (අ)
රෝසේ පාට සාරියක් ඇද ගෙන ඉන්න නෝනා ලස්සනයි.(නදී)
ඉතාම හොද වැඩක්. අගය කරනවා ඔබගේ හොද වැඩ සහ ගමේ දරුවන් වෙනුවන් වැඩක් කිරිම (නි)
මහත් පුන්‍ය කර්මයක්. ගුන නැන වඩා යහපත් පුරවැසියන් බිහිවේවා!(නදී)
මේ උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය.(නදී)
මෙන්න මේවා තමයි නියම වැඩ, පාර තියෙනකම් දුරට පෙළපාලි යනවට වඩා.....මේ උතුම් සත්කාරයට ගෞරවනීය ප්‍රණාමය. (නි)
ඉතාම උතුම් ක්‍රියාවක්. සහභාගි වූ සැමට පින්! (නි)
කොළඹ විශ්ව විද්‍යාලය කියන්නේ ලෝකයේ නම් දරපු තැනක්. රැග් නොමැති තරම්, පින් අතේ වැඩ බොහොමයි. මුදල් පසුම්බියක්/වටිනා දෙයක් දමා ගියත් ඊළඟ දවසේ ඒක එතනමයි. තමන්ට අයිති නැති දේවල් කවුරුත් ගන්නේ නැහැ. සතුන්ට තිබෙන්නේ පුදුම කරුණාවක්.බොහොමයක් බිම් සැකසීමේ වැඩ කරන්නේ ශිෂ්‍ය/ශිෂ්‍යාවන්. අනෙක් විශ්ව විද්‍යාල වලට ආදර්ශයක් (නි)
ලොකු පිනක්. දැක්කද පොඩි එවුන්ගේ මුහුණේ තිබෙන ප්‍රීතිය,අනිත් අයත් ආදර්ශයට ගනිත්වා. (නි)
අනේ වාසනාවන්! (නි)
ඇති හැකි අයගේ දරුවන්ගේ මෙන්ම නැති බැරි අයගේ දරුවන්ගේ ද බුද්ධියේ නිම්වළලු ප්‍රසාරණය විය යුතුය. මේ උතුම් පුණ්‍ය මෙහෙවරේ යෙදුනා වූ නානා නැණ නුවණින් සපිරි මහැදුරු හා අදුරු පින්වත් උතුමන්ලාගේ පමණක් නොව දුවා දරුවන්ගේ ද ආයු, වර්ණ,සැප,බල, සහ ප්‍රඥාව තව තවත් වැඩි දියුණුවීමට හේතු වාසනා වේවා! චිරං ජයතු!!!. (නි)
ලොකු දෙයක් මෙහෙමවත් මේ ළමයින්ට උපකාර කරන එක.යහපත් පුරවැසියන් බිහිවේවා! (නි)
කන්නන්ගර, කොළඹ විශ්ව විද්‍යාලය ගැන කරපු වර්ණනාවට බොහොම ස්තුතියි .සමහරු හිතන්නේ කැළණියෙයි පේරාදෙනියෙයි විතරයි කැම්පස් තියෙන්නේ කියලා .අද රටේ ලෝක මට්ටමේ ඉහලින්ම තියෙන නිහඩ, ඒත් ගුණාත්මක විශ්ව විද්‍යාලයක් තමයි එය .අපේ සරසවි මෑණියන් දිනේවා......... (ස)