ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා මෙවර මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික් කණ්ඩායම් නායකයා වශයෙන් තරග වදින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසුවේය.
දිසානායක මහතා ගියවර පැවැති මහ මැතිවරණයේ දී පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු වශයෙනි.
මෙවර මහ මැතිවරණයට තරග වඳින ජනතා විමුක්ති පෙරමුණේ සෙසු නායකයන් මෙසේය.
කොළඹ දිස්ත්‍රික්කය
· කේ.ඩී. ලාල් කාන්ත
· ලක්ෂ්මන් නිපුණආරච්චි
ගම්පහ දිස්ත්‍රික්කය
· විජිත හේරත්
· විමල් රත්නායක
· මහින්ද ජයසිංහ
කළුතර දිස්ත්‍රික්කය
· නලින්ද ජයතිස්ස
මාතර දිස්ත්‍රික්කය
· සුනිල් හඳුන්නෙත්ති
බදුල්ල දිස්ත්‍රික්කය
· සමන්ත විද්‍යාරත්න
අනුරාධපුර දිස්ත්‍රික්කය
· වසන්ත සමරසිංහ
කෑගල්ල දිස්ත්‍රික්කය
· ගාමිණි රත්නායක
හම්බන්තොට දිස්ත්‍රික්කය
· නිහාල් ගලප්පත්ති
අම්පාර දිස්ත්‍රික්කය
· වසන්ත පියතිස්ස
යාපනය දිස්ත්‍රික්කය
· රාමලිංගම් චන්ද්‍රෙස්කරම්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් රටම අමු සොහොනක් කළා.දෙපිරිසම එකතුවෙලා ..එදා දුටු දේවල් සිහිවෙනවිට දැනුත් ඇග කිලිපොලා යනවා. (හේ)
කුරුණෑගල, නැගෙනහිර, අම්පාර ඡන්ද අනිත් අයට (නදී)
ගිහාන් අනුරාධ ඔබ කියන දෙය නිවැරදිය. (ර)
ගිහාන්.. අහලා දැනගන්න ඔය මුණු පොතෙන් පොඩ්ඩක් එලියට ඇවිත්. එතකොට ඔයාගේ ඔය දැනුම සම්පුර්ණ වේවි. (ර)
ජ.වී.පෙ. කියන්නේ රටට ඕන පිරිසක්. (ර)
මට දුක මේ රටේ හරි දේ හරියට තේරුම් ගන්න බැරි මෝඩ මිනිස්සුත් එක්ක ඉන්න උන එක ගැන. කව්රු අාවත් කමක් නැහැ රටට ආදරේ තියෙන මේ රට ගොඩනගන්න පුළුවන් කෙනෙක් අාපහු එනවා නම්. ඔය දෙගොල්ලොම ආණ්ඩු කලානේ. ඒත් මේ රටට මොකක්ද උන සෙතේ. මේ රට හදන්න කියල අාපු මහින්ද,රනිල්,මෛත්‍රී,එයාල මේ රට හැදුවද? අපි තාමත් දුක් විදින්නේ ඒ හැමෝම මේ රට විනාස කරපු නිසා. දැන් වත් අපේ රට ලෝකේ හොඳම රටක් කරන්න, අපේ ළමයින්ට හොඳ අනාගතයක් තියෙන රටක් කරන්න උවමනා නැද්ද. (නදී)
ගිහාන් අනුරාධ, ඔබේ ප්‍රකාශය කරුණාකර නිවැරදි කරගන්න. කනගාටු විය යුතුද? නැතිද යන්න. පළමු වාක්‍ය නිවැරදිනම් දෙවන වාක්‍ය නිවැරදි විය යුතුය. නැතිනම් හිතාමතාම උගුලකට හසුකර ගැනීමකට උත්සාහයක්ද? (ර)
දුසිතයන්ට ගහන්න තියෙන එකම ක්‍රමය ජේවීපිය ට ආසන කීපයක් හරි දෙන එකයි. නැතිව අපට වෙන විසදුමක් නෑ. (ර)
දනුෂ්කගේ අදහස් ඉතාම නිවැරදි. දේශපාලනය ගැන අබමල් රේණුවක දැනුමක් නැති බක පණ්ඩිතයෝ ටිකක් ඉන්නවා. උන්ගේ සමාජ දෘෂ්ටිය ඉතාම දුප්පත්. මේ පොලවේ පය ගහලා ජීවත් වෙන ය නම් නොවෙයි. ජවිපෙ අයගේ මොලේට අභියෝග කරන ය ගිහිල්ල පොඩ්ඩක් ඔය කතාවකට සවන් දෙන්න. පොඩ්ඩක් සංවාදයේ යෙදෙන්න. මේ ලෝකය කියන්නේ මොකක්ද කියල එතකොට හොදට තේරේවි. දැනගැනීම් සදහා ජවිපෙ පහුගිය කාලේ කල වැඩ ටිකක් ලියන්නම්, චන්ද්‍රික සමග පරිවාස රජයෙන් 17 වෙනි වියවස්ථ සංශෝදනය ගෙන ඒම. 2002 රනිල් ප්‍රභාකරන් ගිවිසුම පරාජය කිරීමට සක්‍රිය දායකත්වයක් සැපයීම. සුනාමි සහන මණ්ඩලය පරාජය කිරීම, සමාජයේ විවිධ ආයතන වල (මැති ඇමති ඇතුළු) වංචා දුෂණ එලි දරව් කිරීම.කොටි පරාජය කිරීම සදහා රට තුල සුවිශාල ජනමතයක් ගොඩනැගීම. ජනවාරි 8 දුෂිත මහින්ද රජය පරාජය කිරීමට සක්‍රිය දායකත්වයක් සැපයීම. 19 වෙනි ව්‍යවස්ථා සංශෝදනය සදහා දැඩි අරගලයක් කිරීම. තව අවශ්‍ය නම් පසුවට. විචක්ෂණශීලි බුද්ධිමත් පාඨකයාට මගේ ස්තුතිය (බ)
පාර්ලිමේන්තුවට යවන්න ඕන වීර කොල්ලෙක්. (නදී)
සහතික ඇත්ත ගිහාන්..එහෙම තේරුම් ගත්ත මොලේ කළදක් තිබුණු 60000 ක් ගිය තැනත් ඔයා පොඩ්ඩක් අම්ම තාත්තාගෙන් අහල දැනගන්න ඔය මුණු පොතෙන් පොඩ්ඩක් එලියට ඇවිත්.එතකොට ඔයාගේ ඔය දැනුම සම්පුර්ණ වේවි. (බ)
ඔබටත් විප්ලවීය වෙනසක කොටස්කරුවන් විය හැකිය!(අ)
මේ වගේ මොලේ නැති නායකයෝ තමා මෙයාලට ඉන්නේ . සැබෑ බුද්ධිමතෙක් වන බිමල් රත්නායක හෝ සමන්ත විද්‍යාරත්න වැනි අයෙකු නායකත්වයට ආවා නම් යම්කිසි හෝ ප්‍රගතියක් ගැන හිතන්න තිබුණා . (අ)
ජ.වි.පිය කියන්නෙ රටෙි දුෂණයට එරෙහිව හඩනඟන රටේ කියාකාරි විපක්ෂය ජ.වි.පි. නියොජිතයන් වැඩි ගණනක් තෝරා පත්කර ගැනිම ජනතාවගේ බලාපොරොත්තුවයි මෙය මහින්දවාදිට කෝපයට හේතු වේ 2005 මහින්ද බලයට එමට සහ 2015 මහින්ද ගෙදරයැවීමට ජ.වි.පි. කටයුතුකල නිසා(අ)
ජ.වි.පෙ න් පත්කරන්න හෝරුන්ව ගෙදර යවන්න, හොද රටක් ගොඩනගන්න. (ර)
මේ අයගේ බොරු අහලා අපිට එපා වෙලා ඉන්නේ (හේ)
සමහර සමාජවාදියෝ හිතාගෙන ඉන්නේ ධනපති නායකයෝ ගේන එකයි පන්නන එකයි තමා සමජවාදේ කියල (බ)
අනුර මහතාට ජයෙන් ජයම වේවා! (නි)
මේ මිනිස්සු විතරමයි රටට ආදරේ. ඒක ගැන නම් කිසිම සැකයක් නැහැ (නි)
මෙතන පැල් බැඳගෙන අදහස් දාන අය හිතන්නේ එයාලගේ මතය රටේ හැමෝගෙම මතය කියලා. රටට වෙනසක් ඕනෑ කියලා හිතෙනවා නම් වෙනසක් කරන්න. ආපසු තක්කඩි ඕනෑ නම් තක්කඩින්ට ඡන්දෙ දෙන්න. හැමෝගෙම වැරදි තියෙනවා. අත්තීතෙට ශාප නොකර අනාගතය ගැන හිතලාවත් අවංක නායකයෝ ටිකක් පත්කරගන්න බලමු. (නි)
හැකිද නොහැකිද කියලා සාස්තර කිය කියා නොඉඳ මෙදා සැරේ ජේවීපී එකට ඡන්දය දෙමු. අවුරුදු ගානක් ශ්‍රී ලංකා එකට, යූඑන්පී එකට ඡන්දය දුන්නා.ජේවීපී එකේ පෙර වැරදි වමාර වමාරා ඉන්නේ තියෙන දේශපාලන කුහකත්වය නිසා නෙමෙයිද? (නි)
මේ අයගේ කට විතරයි වැඩ නැහැ (නදී)
ජේ.වී.පී රටේ ඉදිරි අනාගතය තීරණය කරන සාධකයක් වේවි. (නදී)
පුද්ගලිකත්වයෙන් තොර සැබෑ නායකත්වය...! අවංක කැපවිම හා ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් සටන්කළ, කරන, ආදර්ශවත් පක්ෂය.මහින්දට කඩේ යන අයට නම් නයාට අඳුකොළ වගේ පෙනේවි. ජවිපෙට ජය වේවා! (නි)
අපිට මහින්ද මහත්තයා මේ පාර පාර්ලිමේන්තු ගෙනෙන්න බැරිවුණොත් ලබන පාර අනිවාර්යයෙන්ම පළාත් සභා ඡන්දෙදි බස්නාහිර මහා ඇමති කරවනවා. ඒක අනිවාර්යයි. (නි)
මේ අපේක්ෂකයන් සියලුම දෙනා පාර්ලිමේන්තුවට ගියොත් දුප්පත් ජනතාවගේ වාසනාව! (නි)
පරණ ක්‍රමෙන්ම ඡන්දෙ තියන නිසා අාසන 2-3ක් දිනා ගන්න බැරි වෙන එකක් නෑ ජාතික ලැයිස්තුවෙන් හරි. කියන ටොම් පච අහලම මිනිස්සුන්ට දැන් එපා වෙලා තියෙන්නේ දැන් මෙගොල්ලොන්ව. (බ)
මෙතුමා කඩුවෙල සංවිධායක ලෙස අාවොත් අපේ සහයෝගය ලබා දෙනවා. අපිට ඉන්නේ පිළිගන්ඩ බැරි මිනිස්සු කීප දෙනෙක්. (බ)
ධනවාදය එරෙහිව සමාජවාදය ගොඩනගන අලුත්ම න්‍යාය ශ්‍රී ලංකාවේ ජවිපෙ න්. ඒ කොහොමද දන්නවද ධනපති පාර්ලිමේන්තුවට හොරබොරු නැති වංචා දූෂණ නැති මිනිස්සු යවලා (බ)
බොහෝ අය සුනාමියෙන් විනාශවුණ දකුණු දුම්රිය මාර්ගය පිළිසකර කිරීම බොහෝ වියදම් යන දුෂ්කර කාර්යක් ලෙස ප්‍රකාශ කරන අවදියේදී ජනතා විමුක්ති පෙරමුණේ අය එම කාර්ය තම කරපිටට ගෙන වැඩි වියදමක් නොකර ඉතා අඩු වියදමකින් කර දුන් බව පුරවැසියන් වශයෙන් අපට මතකය. (නි)
කව්රු මොනවා කිව්වත් අවංකව හිතලා බැලුවොත් මොළය කලදක් හරි තියෙනවනම් ජනතා විමුක්ති පෙරමුණේ අපේ සහෝදරයින් කියන දේ තේරුම් යන්න ඕන. මොළය කලදක්වත් නැති එවුන්ට තේරුම් නොයාම ගැන කණගාටු විය යුතු නෑ. (බ)
මනෝ සමඟ මමත් එකඟයි (නි)
අල්ලසට දූෂණයට විරුද්ධ උතුම් මිනිසෙක් තමයි අනුර. (නි)
ඔව් ගිහාන් අනුරාධ කියන දේ හරි වෙන්නැති. අනුර කුමාරගේ මොලේ කළඳක් නෙමෙයිනේ තියෙන්නේ. එයාගේ ඇඟ පුරාම මොළේ (බ)
සුනිමල් කියන විදියට දෙකක් විතරක් ලැබුනත්, සන්ධානේ- යූඇන්පී සීයකට වඩා වටිනවා. සන්ධානේ එකසිය පනහක් තියාගෙන, මහින්දගේ 18 සම්මත කරපු එක හැර වෙන මොකුත් කරාද? (බ)
ජ.වී. පෙ. කියන්නේ රටට වැඩකට නැති කයිවාරු ගසන පිරිසක්.මෙයාල මේ රටට කරපු එක හොඳ වැඩක් තියෙනවාද? (බ)
ගිහාන් ඔයා හරියටම හරි. (බ)
ජයවේවා! (නි)
සමහරුන්ට නම් හුඟක් රිදිලා වගේ. (නි)
එජාපෙට රෙදි නැතිව කඩේ ගිහින් දැන් එනවා අපේ ඡන්දෙ ඉල්ලගෙන. එන්න මල්ලිලා අපි මේ සැරේ දෙන්නම් ඔයගොල්ලන්ට (බ)
මේ අයටත් අවස්ථාවක් දී බලන්න .(හේ)
ජවිපෙට ජයවේවා.! (ර)
ගොඩක් අයගේ කලින් තිබුන විස්වාසය දැන් නැති වෙලා ගිහින්.... (ර)
සහතික ඇත්ත ගිහාන්. (ර)