කොළඹ විශ්ව විද්‍යාලයයේ උප කුලපති කුමාර හිරිඹුරේගම මහතාට ඉල්ලා අස්වන ලෙස බලකරමින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විරෝධතාවයක් ආරම්භ කර ඇත.
ඊයේ (9) පස්වරුවේ විශ්ව විද්‍යාලයේ විද්‍යාල මන්දිරය (කොලේජ් හවුස්) අත්පත් කරගත් ආචාර්යවරු උප කුලපතිවරයා ධූරයෙන් ඉවත්වන තුරු අඛණ්ඩව විරෝධතා ව්‍යාපාරයේ නිරතවන බව පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පුදුම රටක්, තමන්ගේ ප්‍රධානියා එලවන්න ආචාර්යවරුන් වලි කනවා, රටක් පාවා දුන්නු එකා වීරයා වෙනවා. වීරයෝ උසාවිවල, බන්ධනාගාරවල ගාල් වෙනවා. කොහොමත් තව ටික දවසකින් ලංකාව ලිබියාවක්, ඉරාකයක් වෙන එක නවත්වන්න බැහැ.(නදී)
වරදක් කලත් නීතිය අනුව කලානම් උගත් කමට ගැලපෙනවද (නදී)
තමන්ට තමන්ගේ නායකත්වය යටතේ වැඩ කරන අය කැමති නැති බව දැනුනම හොඳම දෙය තමයි නම්බු පිටින් අයින් වෙන එක. (බ)
නුසුදුස්සන් තනතුරු දැරීමේ කටුක අත් දැකීම් වලට මේ රට මුහුණදීලා තියෙනවා.දේශපාලකයා බලය අයුතු විදියට පාවිච්චි කරනවා.කොමිස් මහජන බදු මුදල් තමාගේ සුඛවිවරණයට යොදයනවා... හිතවතුන් උත්තරීතර තනතුරුවලට දානවා... ජනතාවගේ නුවණ "දේශමාමක" ලේබලය වහනවා.දඩුවම් දෙන්න ගියාම "විදේශ කුමන්ත්‍රණ, යුද්ධය දිනුව කට්ටියගෙන් පළිගන්නවා" කියනවා . අපි හැමදාම රැවටෙනවා ... ආණ්ඩු මාරු උනත් හොරු යහතින් ඉන්නවා.මෙරට්ටට ඕන ඇත්තටම රටට අදරේ කරන. බලයට මුදලට කෑදරේ නැති පාලකයෙක්.එතකොට මේ ඔක්කොම හොරු නිසිතෙන ඉදීවි. (දිල්)
ලුම්බිණි, වැඩ කරන මනුස්සයෝ කැමති තමන්ට වැඩ නොපවරන, නිකම් ඉදන් වැටුප් ගෙවන නායකයන්ට ප්‍රධානීන්ට. ඔයා කියන විදියට වැඩ කරන අය අකමැතියි කියලා නායකයෝ අයින් වෙන්න ගියොත් මොකද්ද වෙන්නේ (දිල්)
සම්පත්, අපි නොදන්නා දේ බොහොමයක් මේ විරෝධතා තුල ගැබ් වෙලා තියෙනවා. ඒ නිසා ඔයා දරන මතේ කාලෝචිත නැති බවයි මගේ නම් හැගීම. (ර)
පුදුමාකාර ආදර්ශයක්! මේ සිංහල අපගෙ රටයි, අප ඉපදෙන මැරෙන රටයි. , සිංහල අභිමානයක් ඇති දේශපාලකයින් දොස්තරලා, විශ්ව විද්‍යාල කතිකාචාර්‍යවරුන් ප්‍රසිද්ධ වේදිකාවේ, රූපවාහිනී මාද්‍යයේ තොරතුරු දැන ගැනීමේ අයිතිය නීතිගත කිරීමට කතා කලත් ලංකාවේ සිවිල් ජනතාවට අත්‍යාවශ්‍ය අනපනත් තවම සිංහල භාෂාවෙන් නිකුත් කිරීමට ආශ්චර්යමත් හෝ යහපාලන රජයකින් අවධානය යොමු කර නැත. එම නිසා අධිකරණයට යන සාමාන්‍ය ජනතාවට සිදු වන්නේ කලු කෝට් කාරයන් කියනා දේ පිලි ගෙන අසරන වීමටයි. එසේනම් තොරතුරු දැන ගැනීමේ පනතක් අනුමත උනත් අදාල රාජ්‍ය ආයතන වලින් විමසූ විට පිලිතුර "නැහ්" නම් මේ මාද්‍ය ඉදිරියේ රගන දේශපාලකයින් ගෙන් පෙනෙන්නේ රටේ අනාගතය වෙනුවෙන් නොව තම තමන්ගේ අනාගතය වෙනුවෙන් කරනා උඩු බිරීමක්. සැක හැර ගැනීමට පහත සදහන් පනත් හෝ සිංහලෙන් ලබා ගත හැකි පනත් මොනවාදැයි අසා බලන්න. 2001 අංක 10 දරණ ළමා අපයෝජනය පිළිබඳ සිවිල් අංශය ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තිය 1907 දරන රැඳවුම් නිවාස ආඥා පනත, 1944 අංක 42 දරන වරදකරුවන් පරිවාසගත කිරීම පිළිබඳ ආඥා පනත........ ( ලැබුන පිලිතුර අවශ්‍ය නම් 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත සින්හලෙන් දිය හැකි බවයි.) (නදී)
අපි ඡන්දෙ දුන්නේ ඕවා කරන්න නෙවෙයි. ආචාර්යවරුන් අති පණ්ඩිතයෝ. හරියට උගන්වන්නේ නැතිව බොරු කරනවා. (නදී)
සම්පත් මෝඩ කතා කියන්න එපා .මොක උනත් වරදි කලානම් උසාවි හිරේ යන්න සුදානම් වෙන්න ඕනා. මේ ආණ්ඩුව හොඳ වැඩියි තාමත්. හොරු තාමත් නිදැල්ලේ. වරදක් කලානම් රටේ ජනාදිපති උනත් නීතිය සාදාරන වෙන්න ඕනි (නදී)
එහෙනම් මගලි මුදල් ඇමති තුමා ගැන මොකද කියන්නේ (නදී)
ඔබතුමාලා නිදහස් චින්තනයක් ඇති විශ්ව විද්‍යාලවලට උචිත නැත.කඩේ යන එක නතරකර උපකුලපති කමෙන් ඈත්වී අධ්‍යාපනයට සේවයක් කරන්න. (බ)