IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


කොළඹ වරායේ බහාලුම් 600ක් හිර වෙලා

(දමිත් වික්‍රමසේකර සහ සුනිමාලි ඩයස්)


රේගු ත්‍යාග අරමුදල සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් කොළඹ වරායේ බහාලුම් 600කට අධික ප්‍රමාණයක් පෙරේදා(16) හිරවී තිබිණ.

රේගු අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තිබෙන රේගු ත්‍යාග අරමුදලේ ශේෂය මුදල් අමාත්‍යාංශයට පවරන බවට මහා භාණ්ඩාගාරය පසුගිය බ්‍රහස්පතින්දා ශ්‍රී ලංකා රේගුවට දැනුම් දීමත් සමග ශ්‍රී ලංකා රේගුව සහ මහා භාණ්ඩාගාරය අතර තිබූ ආරවුල නැවත වරක් ආරම්භ වී ඇත.ත්‍යාග අරමුදලේ ඇති මුදල් අතිකාල ගෙවීම්වලට, පුහුණු වැඩසටහන්වලට,ජාවාරම් පිළිබඳ ලබා දෙන සාර්ථක තොරතුරුවලට සහ වැටලීම් සඳහා ත්‍යාග ලබා දීමට භාවිත කරන බැවින් එම අරමුදල රේගු අධ්‍යක්ෂකවරයා යටතේ දිගටම පැවැතිය යුතු බව රේගු නිලධාරීහු ඉල්ලා සිටියහ.

ත්‍යාග අරමුදල මුදල් අමාත්‍යංශය යටතට පවරා ගතහොත් එම අරමුදලෙන් ගෙවීම් සඳහා මුදල් ලබා ගැනීමේදී ප්‍රමාදයක් ඇති වනු ඇති බවත් එමගින් රේගු නිලධාරීන් සහ ජාවාරම් පිළිබඳ තොරතුරු ලබා දෙන්නන් අධෛර්යමත් වනු ඇති බවත් රේගු නිලධාරීහු එම ඉල්ලීම සාධාරණීකරණය කරමින් ප්‍රකාශ කළහ.නමුත් ආයතන 14 ක් යටතේ පවතින අරමුදල් මුදල් අමාත්‍යංශ පාලනය යටතට ගැනීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දී තිබෙන ආධාර වැඩසටහනේ කැපවීමක් බවත් ඒ යටතේ රේගු ත්‍යාග අරමුදලද මුදල් අමාත්‍යංශ පාලනය යටතට ගැනීමට සිදුවන බවත් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.

රේගු ත්‍යාග අරමුදල යටතේ මිලියන 700 කට වැඩි මුදලක් තිබෙන බවත් ඉන් මිලියන 100 ගෙවීම් සඳහා අධ්‍යක්ෂක ජනරාල්වරයා යටතේ තබමින් ඉතිරිය මුදල් අමාත්‍යංශයට පවරා ගන්නා බවත් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියා පැවැසුවේය.

පසුගියදා නිකුත් කළ චෙක්පත් කිහිපයක් මුදල් නොමැතිකම හේතුවෙන් ආපසු ඒවා ඇති බවත් ඒ හේතුවෙන් රේගු ත්‍යාග අරමුදල රේගුව යටතේ තිබිය යුතු බවට ඉල්ලා සිටීමට තීරණය කළ බවත් රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ජේ.ජී.ඒ සංජීව මහතා පැවැසුවේය.වෘත්තීය ක්‍රියාමාර්ගයක් ලෙස රේගු නිලධාරීන් අතිකාල කිරීමෙන් ඉවත් වූ බවත් රජය විසඳුමක් ලබා නොදුනහොත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවන බවත් ජේ.ජී.ඒ සංජීව මහතා ප්‍රකාශ කළේය.



අදහස් (5)

කොළඹ වරායේ බහාලුම් 600ක් හිර වෙලා

රංබොඩ Sunday, 17 March 2024 05:33 PM

ලංකාවේ සෙල්ලම් අල්ලාගෙන තියෙන්නේ IMF එකෙන්...!

:       2       37

Prabha Sunday, 17 March 2024 06:18 PM

හොරුන්ට තෑගිත් දෙනවද?

:       3       39

De Silva Shan Monday, 18 March 2024 01:43 AM

රේගු නිලධාරීන්ගෙන් 99%ක් දූෂිතයි. ආනයනකරුවන්ගෙන් පගා ගන්නවා, මේ රේගු නිලධාරීන්ට අල්ලස් නොදුන්නොත් ඔවුන් ඔබේ භාණ්ඩ නිදහස් කරන්නේ නැහැ. මම මෙහි ලියන්නේ මගේම අත්දැකීමකි. රේගු නිලධාරීන්ගේ වත්කම් සොයා බලා ඔවුන් කෙටි කාලයක් තුළ විශාල ධනයක් උපයාගත් ආකාරය සොයා බලන ලෙස මම රජයට සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් දෙමි. ඔවුන් එකතු කළ අල්ලස් මුදල් බැංකු හා වෙනත් ආයතනවල තැන්පත් කර ඇති අතර ඇතැමුන් තම පවුලේ සාමාජිකයන්ගේ සහ ඥාතීන්ගේ නම්වලින් මහල් නිවාස සහ ඉඩම් මිලදී ගෙන ඇත. දූෂණ නැති කිරීමට රජය උනන්දුයි නම් කරුණාකර රේගු දෙපාර්තමේන්තුවෙන් පටන් ගන්න.

:       1       6

අපකීර්ති වර්ණකුලසූරිය Monday, 18 March 2024 03:25 AM

ගස් ලබු ටිකක් කෑවා නම් ඕක සුටුස් ගාලා එලියට යයි.

:       0       17

සෑම් Monday, 18 March 2024 05:12 AM

රේගු නිලධාරීන් හොඳට ජරාවත් කාලා අරමුදලත් කන්න තියා ගන්න හදන්නේ . ඕක වහාම අමාත්‍යංශයට පවරන්න ලෝකෙ කිසිම රටක ඔය වගේ අධික මුදලක් රෙගු නිලධාරීන්ට ගෙවන්නේ නැහැ ත්‍යාග වශයෙන්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site