මැයි දින සැමරුම සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දැනටමත් සංවිධානාත්මක කටයුතු සිදුකරමින් පවතී. සියලුම පක්ෂ, කම්කරු සමිති සංවිධාන ඒ වෙනුවෙන් පෙළපාලි, සමරු වැඩසටහන්, රැලි කොළඹදීත් පිටපළාත්වලදීත් සංවිධානය කර ඇත.
ශ්‍රී ලංකාවේ කම්කරු නායකයා ලෙස සැලකෙන ඒ.ඊ.ගුණසිංහ සැමරීමේ මැයි දින සැමරුම පිටකොටුව ගුණසිංහ පිළිරුව අසල පැවැත්වීමට නියමිතය.
එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලිය බොරැල්ල කැම්බල් පිටියේදීත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි රැලිය කොළඹ හයිඩ් පිටියේත් පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි දින රැලිය කොළඹ බී.ආර්.සී පිටියේදී පැවැත්වීමට නියමිතය. ඒ වෙනුවෙන් වේදිකා සකස් කරන අයුරු එසැණ කැමරා කාචයේ සටහන් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ රතු පන්දම් (බ)
ප්‍රධාන පක්ෂ දෙක තාම ලෑස්ති නැද්ද? (බ)
දේශපාලකයෝ "රතුවෙන " මැයි රැළියක් (බ)
යාදෙක නොරත -රත රවටන නිර්දන (බ)
මේකට ගහන්න වේදිකාවක් කොහොවත් නෑ.(හේ)