IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


කොළඹ රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත - ශී‍්‍රයාන් විශිෂ්ට දස්කම් දක්වති

වේගය, භීතිය හා තරගකාරීත්වය එකට මුසු කරමින් ශ්‍රී ලාංකීය මෝටර් රථ ක‍්‍රීඩා ලෝලීන්ට නැවුම් අත්දැකීමක් ගෙන දුන් කොළඹ රාත‍්‍රී මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත මාලගමුව සහ ශ‍්‍රියාන් සැමුවල් ඉසව් දෙක බැගින් ජය ගැනීමට සමත්වුහ. කොළඹ ගලදාරී හෝටලය අසළින් ආරම්භ වී කොළඹ කොටුව ප‍්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් පැවැති මෙම තරගාවලියේ උණුසුම විද ගැනීමට දිවයිනේ නන් දෙසින් පැමිණි ක‍්‍රීඩා ලෝලීහු දහස් ගණනක් පසුදින පහන්වන තුරුම රැදී සිටියහ. ඉසව් 19 කින් සමන්විත වු මෙම තරගාවලිය ඊයේ (17) පස්වරු 8.00 ට පමණ ආරම්භ වී අද අලූයම 5.30 දක්වා පැවැත්වුණේ ශ්‍රී ලංකාවේ නම ගිය ධාවකයන්, ඉන්දීය හා මැලේසියානු මෝටර් රථ ධාවකයන් සමග කළ තියුණු තරගයක ආශ්වාදය දහස් සංඛ්‍යාත මෝටර් රථ ලෝලීන්ටද සියැසින් දැකගැනීමේ අවස්ථාව සලසමිනි. කෙසේ වෙතත් විදෙස් තරග කරුවන්ට අභියෝගයක් වු එකම ශී‍්‍ර ලාංකික රියැදුරා වුයේ අන්තර්ජාතික මෝටර් රථ තරගවලදී දස්කම් දැක් වු ශී‍්‍ර ලංකාවේ සුපිරි මෝටර් රථ ශූර ඩිලන්ත මාලගමුව පමණි. අන්තර්ජාතික මෝටර් රථ තරග බිමේදී ශ්‍රී ලාංකීය නාමය ඉහළට ඔසවා තැබු ඩිලන්තගේ දස්කම් වසර ගණනාවකට පසුව ශ්‍රී ලාංකීය ක‍්‍රීඩා ලෝලීන්ට සියැසින් දැක ගැනීමේ හැකියාව එහිදී ලැබිණ. මෙරට ධාවන පථවලදී දැක ගැනීමට නොමැති වු ජී.ටී. 4 සුපිරි මෝටර් රථ ඉසව් දෙකේදීම මලයාසියානු රියැදුරන් අභිබවා යමින් මාලගමුව ජය ගත්තේය. වොක්ස් වෝගන් පෝලෝ රථ පැදවීම සඳහා ඉන්දීයාවෙන් පැමිණි රියැදුරෝ එහි ඉසව් දෙකම ජය ගත්හ. මෙම ඉසව්වේ දෙවැනි තරගයේදී ධාවකයන්ට ලැබුණු පුහුණු වටයේදී මෝටර් රථ හතරක් අනතුරට ලක්විය. මෙම තත්ත්වය නිසා තරගය පැවැත්වීමට විනාඩි 45 ක පමණ කාලයක් වැය කිරීමට සංවිධායක කමිටුවට සිදුවිය. 250 සී. සී. විවෘත ඉසව් දෙකම ජය ගත් ශ‍්‍රියාන් සැමුවල් තරගාවලියේ යතුරු පැදි අංශයේ කැපී පෙනෙන ක‍්‍රීඩකයා විය. 9 හැවිරිදි ජේඩන් සහ 8 හැවිරිදි අරොන් යන ගුණවර්ධන සොහොයුරෝ මෙම තරගාවලියේදී ස්ටෑන්ඩර්ඞ් 125 සී. සී. 4 ස්ට්‍රොක් ඉසව්වේ දෙවැනි හා තෙවැනි ස්ථාන දිනා ගත්හ. ශ්‍රී ලංකා මෝටර් ක්‍රොස් ධාවන ශූර ගයාන් සඳරුවන් සුපර් මෝටාර්ඞ් 250 ඉසව්වට සහභාගිවෙමින් පළමු වරට තැනිතලා ධාවන පථයක සිය යතුරු පැදිය හැසුරුවීය. එම ඉසව්වේදී ගයාන් දෙවැනි ස්ථානය ලැබීය. ෆෝමියුලා මෝටර් රථ ඉසව්වලදී ගයාන් රණතුංග සහ අශාන් සිල්වා ජය ලැබුහ. පන්නලදී පසුගියදා නිමා වු තරගාවලියේදී ෆෝමියුලා මැක්ලරන්ස් 1300 සී. සී. ඉසව්වේ ශූරයා වු තිවංක විජේසේකරට මෙහිදී පස්වැනි ස්ථානය හිමිවිය. නිෂාන් මාච් - 1000 සී. සී. ඉසව්ව පහසුවෙන් ජයගැනීමට ධම්මික පීරිස් සමත් වුවද තවත් පළපුරුදු තරගකරුවන් අභිබවමින් ත-ුන්වැනි ස්ථානය දිනාගැනීමට කාන්තාවක වන එස්. ඒ. ලක්‍ෂිකා සමත් වූවාය. තරගාවලියේ අවසන් ඉසව්ව ලෙස මෝටර් රථ 24 ක සහභාගීත්වයෙන් පැවැති එස්. එල්.- ජී. ටී. 3500 සුපිරි කාර් වේගවත්ම ඉසව්වේදී පසිදු පීරිස් සහ අශාන් සිල්වා පළමු ස්ථානය සඳහා තියුණු සටනක නිරතවුහ. එම ඉසව්වේ වත්මන් ශූරයා වන පසිඳු තරගය ජයගත් අතර අශාන් තරගය අවසන් කළේ තරගාවලියේදී ඉසව්වක පළමු ස්ථානය සහ ඉසව් දෙකක දෙවැනි ස්ථාන ලබමිනි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් රෝහිත රාජපක්‍ෂ ද එස්. එල්. එච්. 1600 සී. සී. ඉසව්වට සහභාගිවිය. නිශාන් මාච් ඉසව්වේ අවස්ථාවක්.... සුපර් මෝටාර්ඞ් ඉසව්වේ උණුසුම් අවස්ථාවක්  ශ‍්‍රියාන් සැමුවල් ඩිලන්ත මාලගමුව අශාන් සිල්වා පසිඳු පීරිස් ෆෝමියුලා මැක්ලරන්ස්  ඉසව්වේ ගයාන් ඉදිරියෙන්  



අදහස් (0)

කොළඹ රාතී‍්‍ර මෝටර් රථ තරගාවලියේදී ඩිලන්ත - ශී‍්‍රයාන් විශිෂ්ට දස්කම් දක්වති

ශාන්ත විජයමාන්න Monday, 19 December 2011 01:01 PM

හොඳ ආරම්භයක්

:       0       0

නිලාන් Monday, 19 December 2011 04:43 PM

ධාවකයන් විශිෂ්ඨයි

:       0       0

එරංග Thursday, 22 December 2011 03:15 PM

හැමෝම හරි පැහැදීමෙන් මේ ගැන කතා කරනවා වගේ!!! හැබැයි කො‍ළඹ පාරවල් වහල දහස් ගණනගේ කාලය කා දමන්නේ නැතිව කළානම් හොදයි

:       0       0

රොෂාන් Sunday, 18 December 2011 02:45 PM

ගොඩක් හොද දෙයක්

:       0       0

එරන්ද හරිත් Sunday, 18 December 2011 11:11 PM

ගොඩක් ලස්සනයි.

:       0       0

සුරංග Monday, 19 December 2011 10:16 PM

මම අගය කරනවා මේ ක්‍රීඩාව ගැන

:       0       0

sarathjbranatunga Tuesday, 20 December 2011 11:25 AM

සංචාරක ව්‍යාපාරයට මහත් රුකුලක් ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 647 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2321 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1721 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site