(ඉන්දිකා රාමනායක)
මරදාන ආනෝල්ඞ් රත්නායක මාවතේ කොළඹ නගර සභා ඩිපෝව ආසන්නයේ සැකකටයුතු පාර්සලක තිබී රම්බෝ වර්ගයේ නවීනතම තහනම් පිහි 16 ක් සොයාගත් බව මරදාන පොලිසිය කියයි.
මෙම සැකකටයුතු පාර්සලය සම්බන්ධයෙන් පොලිසියට ලැබුණු තොරතුරක් මත සිදුකළ සෝදියේ දී මේවා සොයාගෙන තිබුණි.
මෙම පාර්සලේ නවීනතම පිහි 16 ක් තිබු බවත් ඒවා ආවරණ සමග තිබු බවද පොලිසිය සදහන් කරයි.
මෙම පිහි යුද හමුදා කමාන්ඩෝ සහ විශේෂ බලකා සාමාජිකයන් භාවිතා කරන පිහි වලට වඩා නවීන වර්ගයේ පිහි බවත් මේවා විදේශයකින් මෑතක දී ගෙන්වා ඇති බවට පොලිසිය සැකකරයි.
මේ දිනවල ප‍්‍රදේශයේ සිදුකරන සෝදිසි මෙහෙයුම් හේතුවෙන් කිසිවකු මේවා මෙම ස්ථානයට ගෙනවිත් දමා ඇති බවද පොලිසිය පවසයි.
මරදාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සරත් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මොනවා හරි යමක් පිටරටින් ගෙන්නනවා නම් තමයි කස්ටම් එකේ එවුන්ට පස්ස පැත්තටත් වඳින්න ඕනේ. එහෙව් කස්ටම් එකක් හරහා මේඩ් ඉන් ජපන් කඩු, චයිනා කඩු, රම්බෝ පිහි ගෙන්නුවේ කොහොමද? මේවා කොනක ඉඳන් හොයන්න ඕනේ. ගහේ අතු විතරක් කපලා වැඩක් නැහැ. අතු විතරක් කප්පාදු කළාම ගහ තිබුණාටත් වැඩිය හොඳට හැදෙනවා. ගහේ මුල ගලවල අයින් කරන්න ඕනේ. ගහට වතුර, පොහොර දාන එකාගෙ ඉඳන් අල්ලන්න ඕනේ...
ඇඟිලි සලකුණු සටහන් කරගෙන හොයන්න. මෙය අත්යාවශ්යයි.
අපිව පෙති කපන්නනේ ඉඳලා තියෙන්නේ...
ඒ ගොල්ලෝ වෙළඳ හා නාවික කටයුතු ඇමැතිකම භුක්තියටම සවිකරගෙන තියෙන්නේ...
කොළඹ නගර සභාවේ මුස්ලිම් නොවන කම්කරුවන්ටත් යන්ට තිබුන එහෙනම්...