වසර 2019 දී ආයෝජන සඳහා වෙන්දේසි කිරීමට නියමිතව තිබූ කොළඹ වරාය නගරය හෙවත් කොළඹ විශේෂිත මූල්‍ය නගරයේ හෙක්ටයාර 269 ක භූමි ප්‍රමාණය 2018 වසර වනවිට ආයෝජන සඳහා විවෘත කිරීමට හැකියාව ඇතැයි මහානගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද (27) ප්‍රකාශ කළේය.
විවිධ පාරිසරික, නීති, සමාජ ගැටළු නිරාකරණය කරගනිමින් වරාය නගර ව්‍යාපෘතියේ සැලකිය යුතු කොටසක් මේ වනවිට අවසන් ව ඇතැයි ද අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවැසීය. මේ අනුව ලබන වසර වනවිට මෙම භූමිය විදෙස් ආයෝජකයන් සඳහා වෙන්දේසි කිරීමට හැකියාව ලැබී ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කීය.
බස්නාහිර පළාත් මහානගර හා බස්නාහිර සංවර්ධන සැලැස්මට අනුව මුතුරාජවෙල කර්මාන්ත පුරයේ ඉදි කෙරෙන පළමු සේවා නරගයේ පළමු අදියරේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා එම කරුණු කීවේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා, ඔහොම යමු කියන්නේ, වරාය විකුනණවාට ඔබට සතුටුද? (නි)
සිල්වා, 2020 වෙනකොට සුපිරි එකට හදලා දෙන්න තමයි අවංකව මහා බැංකුවට ඉස්සෙල්ලම ගේම දුන්නේ. (නි)
ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෝ වැඩ අල්ලයි (බ)
හොඳයි.(හේ)
මුළු ආණ්ඩුවේම වැඩක් කරන ඇමති කෙනෙකුට ඉන්නේ ඔච්චර තමා. අනිත් කට්ටිය තාමත් පරණ ආණ්ඩුවේ වැරදි හොය හොයා කාලේ කනවා. (නි)
ඔහොම යමු ඔහොම යමු!! 2020 වෙනකොට සුපිරි එකට දෙන්න. රට හදලා ජනතාවගේ අතට මුදල් අාහවම රජය හොලවලා හමාරයි. වර්තමාන රජයේ වගකීම අවංකව රටට වැඩක් කර ජනතාවගේ සිත දිනාගැනීමයි. (නි)