කොළඹ මහ නගර සභාව මාර්ග සංවර්ධන අධිකාරිය සමග ළඟදීම කොළඹ නගර සීමාවේ බස් ධාවනයට වෙනම මංතීරු හඳුන්වාදීමට යයි.
මාර්ග තදබදය අඩුකිරීමටත් පොදු බස් සේවා ක්‍රමවත් ලෙස පවත්වාගෙන යෑමටත් 2017 අයවැයෙන් යෝජනා කළ පරිදි මේ පියවර ගන්නා බව මුදල් ඇමැති රවී කරුණානායක කියයි.
නව කැලණි පාලම හා අතුරුගිරිය අතර නව මාර්ගයක් ද කැලණි පාලම හා කොළඹ වරාය අතර තවත් අලුත් මාර්ගයක් ද ලබන වසරේ ඉදිකරන බව ඇමැති පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම පුවත බටහිර රටක හෝ ආසියාවේ දියුණු රටක පුවත් පතක පලවී තිබුන නම් සතුටු විය හැකිව තිබුණා.ගාල කඩාගෙන දුවන මී හරක් රැලක් වගේ ඉවක් බවක් නොමැතිව අනිත් වාහන හෝ මහජනයා ගැන නොතකා එහෙන් මෙහෙන් බස් ධාවනය කරන බස් රියදුරන්ට බස් මංතීරු පේනවා කියන එක නම් බොරුවක්. (බ)
මෙන්ඩිස්ට යතුරුපැදියක්වත් පුද්ගලිකව පාවිචිචි කරන්න බැහැ. එතකොට රටෙි පිළිවෙලත් ලස්සනත් නැතිවෙයි (නි)
දුප්පත් අපිට හදිසිකට යන්න ත්‍රීවිල් එකක් තමයි තියෙන්නේ. එ්කත් එපා කියන්නේ සුපිරි වාහන තියෙන අය තමයි. (නි)
ඒ කියන්නේ අපේ බස් මාමලා තවත් වැඩ වර්ජනයකින් නීති කැඩීමට අවස්ථාවක් ලබා ගන්නා බවයි (බ)
මෙන්ඩිස් හොඳ මාර්ග පද්ධතියක් හදන්න රටේ ඉඩ නැහැ පාරවල් ලොකු කළොත් ඉඩම් පාරට යනවා එතකොට ඒ ඉඩම්වල ඉන්න මිනිස්සු කොහේ යන්නද? (බ)
ඩුබායි රටේ එම ක්‍රමයයි තියෙන්නේ. එය සාර්ථකයි (නි)
ඔය යෝජනාව දෙස නම් වැරදි ඇසින් බලන්න එපා. ඕක ඉතාමත්ම හොඳ දෙයක්. අනාගත ජනතාවට යහපතක්මයි වෙන්නේ. ගෙයක් දෙකක් කැඩෙනවට, අගුපිල අඩි කිහිපයක් පිටුපසට වෙනවට මිනිස්සු අකමැතියි. සුපිරි මඟටත් මිනිස්සු විරුද්ධ වුණා. අද ජාතික සම්පතක් (නි)
සමහරු නම් ඉතින් මඟමරු බස් මාෆියාවටනේ සහය දෙන්නේ. කමක් නැහැ, හැම තීරුවේම බස් යන්න දුන්නම රැකියාවට වඩා ඉක්මනට රෝහලට යන්න බැරියෑ. (නි)
බස් කට්ටිය ආයෙත් කුලප්පුවෙලා දවස් දෙකකින් විතර හරියයි (නි)
බස් ගැමුණුලා දැන් වර්ජනයකට ලැහැස්ති වෙනවා ඇති (නි)
බස් ගැමුණුලාගේ තියෙන්නේ ‘කතා බස්‘ පමණයි (නි)
හොඳ පාරවල් හදල බස් ධාවනයට වෙනම මංතීරු වෙන් කරනවා. තීරු දෙකේ පාරේ බස් ධාවනයට වෙනම තීරුවක් දුන්නම උදේ රැකියාවට අය රෑ වැඩට තමයි යන්න වෙන්නේ. බත්තරමුල්ල සිට රාජගිරිය දක්වා යාම එක පැත්තට තීරු 4 මැදිවෙලා තිබෙන්නේ. පිට කෝට්ටේ පැත්තේ සිට එන වාහන පාරවල් 3 පමණ ප්‍රධාන පාරට වැටෙනවා ඒවාට ඉඩදීමට යාමෙන් ප්‍රදාන පාර අවහිර වෙනවා. (බ)
ඔහොම යමු. ත්‍රිරෝද රථයි, ප්‍රයිවට් බස් වලයි ආධිපත්‍යය අඩු කරමු. අපිට ඕනෑ ලස්සන පිළිවෙල රටක්. යුද්ධය ඉවර වෙලත් තාමත් පරණ විදිය නම්, යුද්ධය තිබුනත් එකයි නැතත් එකයි කියලා හිතෙන එක නතර කරලා දෙන්න. (නි)