
(යොහාන් භාසුර)
නාගරික සංවර්ධන අධිකාරිය ක්‍රියාත්මක කරන පෞරාණික වටිනාකමින් යුත් ඉඩම් සහ ගොඩනැගිලි ජාතික උරුම ලෙස සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය යටතේ කොළඹ සහ අවට ප්‍රදේශයේ ඉඩම් 40 ක් පමණ හදුනාගෙන ඇතැයි නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති නිමේෂ් හේරත් මහතා පැවසීය.
එම තෝරාගත් ඉඩම් සහ ගොඩනැගිලි නාගරික සංවර්ධන අධිකාරියේ වියදමින් සංවර්ධන කර වියදම ආවරණය කරගැනීම සඳහා ආයෝජකයන්ට දිගු කාලීන බදු පදනම පැවරීම ව්‍යාපෘතියේ සැළසුම බව ද හේරත් මහතා කීය.
මෙම ව්‍යාපෘතිය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය රුපියල් කෝටි 40 කට අධික මුදලක් වැය කර සංවර්ධනය කළ කොළඹ 7, නිදහස් මාවතේ පිහිටි ‘එයිටි ක්ලබ්’ ආයතනය පසුගියදා නැවත විවෘත කළ බව කී සභාපතිවරයා එම ‘එයිටි ක්ලබ්’ පරිශ්‍රයේ අවන්හල්, රැස්වීම් කාමර සහ පුද්ගලික සිනමා කාමර ආදි නවීණ පහසුකම් රැසකින් සමන්විත අතර එය ‘වෝටර්ස් එජ්’ හෝටලය පාලන කරන බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බදු ගෙවන්නන්ගේ සල්ලිවලින් හදලා ව්‍යාපාරිකයින්ට දෙනවා
හෝටන් තැන්න දී ක්‍රීඩා පිටියකට, පවරා සිංහරාජයේ ලී මෝලකට
හොඳ වැඩක්