කොළඹ නගරයේ ඇළ මාර්ග හරස් කරමින් ඒ දෙපස පවුල් 8470ක් පදිංචි වී සිටින බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවය කරන ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූවන්ට ආධාර ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.
රාජ්‍ය ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවේ සංඛ්‍යා ලේඛනයන්ට අනුව ප‍්‍රධාන ඇළ මාර්ග ආශ‍්‍රිතව පවුල් 543ක් කොළඹ අවට පිහිටි කෝට්ටේ, ගොතටුව, බ්ලූමැන්ඩල් ආදී ද්විතීයික ඇළ මාර්ග අවට පවුල් 2327ක් හා බස්නාහිර පළාතේ අවිස්සාවේල්ලේ සිට කැලණි ගඟ දක්වා ඇති ඇළ මාර්ග හරස් කර පවුල් 5600ක් පදිංචි වී සිටින බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම පනත්වල ඇති දුර්වලතා භාවිතා කරමින් හා දේශපාලන බලපෑම් ඇතිව පහත්බිම් අනවසරයෙන් ගොඩකිරීමේ කටයුතුද සෙනසුරාදා ඉරිදා දිනවල සිදුවන බව කී අමාත්‍යවරයා 2015දී අනවසර ගොඩකිරීම් 296ක් හා මේ වසරේ අපේ‍්‍රල් මාසය වන විට 190ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයිද කීවේය.
කොළඹ නගරයේ ගංවතුර ඇතිවීමට අවිධිමත් නාගරීකරණය හේතු වී ඇතැයි කී අමාත්‍යවරයා එය පාලනය කිරීම සඳහා විධිමත් සැලසුමක් ඉදිරි පස් වසරේ ක්‍රියාවට නංවන බව ද පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව අවුරුදු පහකින් මේ තනතුරට පත්වෙන එක්කෙනා වරද්දාගත් හැටි හා ඊළඟ අවුරුදු 5 ට අනාගත ඇමතිවරයා ගංවතුරෙන් කොළඹ බේරගන්න කරන කතා මට මැවී පේනවා. (නි)
දැන්ද දන්නේ? (හේ)
ප්‍රශ්න ගැටළු වලට හේතු මැති ඇමති වරුන්ගෙන් අහලම දැන් අපිට එපාවෙලා ඇමති තුමා. කාගෙන්ද මේවට විසඳුම් අපි අහන්නේ? (හේ)
අනේ අපි දන්නෙ නැහැ මහත්තයෝ ඕවා (නි)
මේ හේතු ඕනෑම කෙනෙක් දන්නවා. කරන්නේ මොකද්ද කියලාවත් තාම මෙතුමාවත් දන්නේ නැහැ. තව අවුරුදු 8කින් තමයි ඊළඟ ගංවතුර එන්නේ . එතකන් තවත් පහත් බිම් ගොඩකරයි. (නි)
හැමෝම දන්නවා ගැටලුව මොකක්ද කියලා. ඒවාට විසඳුම් දෙන්න තමයි ඔබලා ඉන්නේ. හැබැයි හැම රජයෙන්ම කරන්නේ ඒවා තව තවත් වැඩිකරන එක. හරියට හැමදාම ලංගම, විදුලිබල මණ්ඩලය වාගේ රාජ්‍ය ආයතන පාඩු ලබනවා වගේ. පාඩුයි පාඩුයි කිය කියා තමන්ට වැඩ කරපු අයගෙන් ඒ ආයතන පුරවනවා. (නි)
එ්කද මුළු පළාතම නාගරීකරණය කරන්න හදන්නේ, මෙගාපොලිස් කියල? මුළු ලෝකෙම ඔය මෙගාපොලිස් සංකල්පයෙන් ඈත්වෙන්නේ එවැනි විශාල නගර වල තිබෙන පරිසර, නිවාස, භූ විෂමතා වැනි නොයෙකුත් අතිවිශාල ප්‍රශ්න නිසා. (නි)
අවිධිමත් නාගරීකරණයට හේතුව කොළඹ මහනගර සභාවේ හා අනෙකුත් පළාත් පාලන ආයතනවල දූෂිත පාලනය හා නිලධාරීන්. ඔය සියලුම අනවසර ගොඩනැගිලිවලට අනුමැතිය විදුලි හා ජල සම්බන්ධය ලබාදීල තියෙන්න ඒ අනුව. ඒවා වෙනස් නොකර අනවසර ගොඩකිරීම් හෝ ඉදිකිරීම් නවත්වන්න බෑ.(ම)
පවතින නීති වලින් රිංගලා යන්න ඇමැතිවරුන්ම ආදර්ශ සැපයුවාම ගංවතුර විතරක් නොවෙයි ඕනෑම ප්‍රශ්නයක් විසඳා ගන්න පුළුවන්.(ම)
ටයි කෝට් දමාගෙන ගංවතුර පාලනය කරන්න බැහැ. හැමෝම සුද්දෝ බමුණෝ වෙන්න හදනවා මිසක් වැඩ නැහැ. එළියට බැහැලා විමර්ශනයක් කරලා පළමුව පරීක්ෂාව සහ නිර්මාණය, දෙවනුව සැළසුම්, තෙවනුව ක්‍රියාවට නැඟීම. ඔය වගේ දේවල් කටුබැද්දේදී අපිට කියා දීලා තියෙනවා. ජපානයේ චීනයේ දියුණුවට හේතු මේවා (නි)
මේ ඔක්කොම ටයි පටි ගලෝලා වැඩේට බස්සන්න ඕනෑ. ගැහැණු අයට පුළුවන්නේ කෑම බීම උයලා වැඩ කරන අයට දෙන්න (නි)
ඒවා හරියට කරගන්න තමයි ඔබව පත්කළේ (නි)
මෙවර කැළණි ගඟේ ගංවතුර ආවේ අඹතලේ 2013 ගඟ හරහා බැදපු බැම්ම නිසයි. ගංවතුර බැසීම ගැන හොයන්න කලින් ගඟ උතුරා ගියේ මොකද කියලා ඉංජිනේරුවරයකු වශයෙන් හොයා බලන්න (නි)