(ඩයනා උදයංගනී)
කොළඹ කසල පුත්තලමේ අරුවක්කාලූහි පිහිටි හිරිගල් වලවල්වලට ගොස් දැමීමට පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍ය බවත්, මෙම වැඩපිළිවෙලට කැබිනට් අනුමැතිය ලබාගත්තේ පසුගිය ජනාධිපතිවරණයට මාස තුනකට පෙර දී බවත් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
එම වැඩපිළිවෙල හොඳ එකක් බැවින් වත්මන් රජය යටතේද ඉදිරියට ගෙන ගිය නමුත් පරිසර වාර්තා අනුව තෝරාගෙන තිබූ ස්ථානයේ එය ක්‍රියාත්මක කළ නොහැකි වූ බව කී අමාත්‍යවරයා දැන් එය අරුවක්කාලූහි වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට පියවර ගනිමින් සිටින බව ද සඳහන් කළේය. අරුවක්කාලූ ප්‍රදේශයේ විද්‍යාත්මක කසල රඳවනයක් තැනීමේ වගකීම තම අමාත්‍යාංශය භාරගෙන ඇතැයි කී අමාත්‍යවරයා ඉදිරි වසර දෙක තුළ එය ඉටුකරන බව ද කීවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැරිස් නගරයේ මොන තරම් කසල කළමනා කරන තැන් තියෙනවද? අඩුම ගණනේ මේ වගේ රටවලට ඇවිත් මේ ගැන විමසලා බලල කතා කලොත් නේද සුදුසු. මේ වගේ රටවලට ඇවිත් වෙන වෙන දේ වලට නේද යන්නේ. පුත්තලමට අරගෙන යන්නත් ලොරි වලට යන වියදම, පරිසරය දුෂණය විම,කාලය ගැනවත් හිතන්නේ නැතිවද මේවා කියන්නේ .
පසුගිය රජය යටතේ පුත්තලම හිරිගල් වලවල් වලට කසල දැමීමට කැබිනට් අණුමැතියක් ලබා දී තිබුණා නම් "පසුගිය රජය සියලූ කටයුතු සූදානම් කරතිබූ බවට ඇතැමුන් කරන ප්‍රචාර සම්පූර්ණයෙන් අසත්‍යක් " බව කියන්නෙ කොහොමද ?
පුත්තලමේ අරුවක්කාලූ ප්‍රදේශයම තවත් ස්ථානයකට කසල ගෙනයාමට තීරණය කොට, එය ක්‍රියාවට නැගීමට වසර දෙකෙකට අධික කාලයක් ගැනීම, ජනතාවගේ පැත්තෙන් සාධාරණ හේතුවක් නොවේ.
ඇයි දියවන්නාවට හරි පොල්ලොන්නරුවට යැවීම ඊටත් වඩා හොඳ පිලියමක් නොවන්නේ
ය දාන්න හිටපු තැන කුණු දැම්මා නම් අලිමිනිස් ගැටුමක් ඇති වෙන්න තිබ්බා, මොකද ඒ ආසන්නයේ වනාන්තරවලට 1 විතර දුරකින් කුණු දාන නිසා. අනික් පැත්තට ඒ දාන්න හිටපු හුණු ගල් හාරපු තැන් වල තියෙන අවසාදිත ස්ථර නිසා එතන පුරාවිද්‍යාත්මක පර්යේෂණවලට වැදගත් තැනක්. ඒක විනාශ වෙන්න තිබ්බා මේ වැඩෙන්.
සත්‍යය පිළිගැනීමට ඇති අකමැත්ත නිසා වෙන තැනක් පුත්තලමේ වෙනත් වලක් තෝරා ගන්නවා... කියමින් බයිලා කියනවා. මේ වැඩපිළිවෙල අලුත් රජයත් ඉදිරියට ගෙන ගියානම් අද මේ කරදරය නෑ. මේ සියල්ල දේශපාලන කුහක කමයි...
කොළඹ කුණු පුත්තලමට ගෙන යාම හොඳයි.... මොකද? පුත්තලමේ බූරුවෝ ඉන්න නිසා.
මැදමුලන හොඳ නැතිද ඕකට ? ...
කුණුද අනේ ඇමැතිතුමා අපි කුණු කන්නේ නැහැ... අපේ ළමෝ ලෙඩ වේවි... අපිට තණකොළ එවන්න කුණු එපා අපි වෙනුවෙන් කතා කරන්න ඕන තරම් පාර්ලිමේන්තුවේ ඉන්නවා නමුත් පිළිසරණක් නැහැ. අපි වෙනුවෙන් ඔය ඉන්න අැමතිලාගෙන් කෙනෙක් පත්කරන්න බැරිද ?
පරිසර කාරයන් ඕනෑම කෙනෙක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් හිටියා... ගත්ත පියවර පසු පසට නොගන්න කෙනෙක් මේ ඇමති තනතුර බාර ගත යුතුය. කුණු ඉවත් නොකළේ මෙහි ඇති සල්ලි උල්පතක් නිසාය. කැනඩාවේ මේ ගැන කසුකුසු ඇහෙනවා...
නොරොච්චෝලේ නැති කළෙත් මෙයා ඇමති කාලේ නේද?