කොළඹ කලාප අධ්‍යාපන කාර්යාලයයේ විදුලි සෝපානය ප්‍රමිතියෙන් තොරවීම නිසා එය පාවිච්චිකරන්නන්ගේ ජීවිත සම්බන්ධයෙන් අවදානමක් ඇතැයි ලංකා ගුරු සංගමය බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම්ට ලිඛිතව දැනුම් දී ඇත.
පසුගිය දිනෙක මෙම විදුලි සෝපානයේ විනාඩි 45ක් පමණ එහි සිරවී සිටි විදුහල්පතිවරයකු එළියට ගැනීමට ගිනි නිවන ඒකකයෙන් පවා පැමිණි බවත්, දිනක් පමණ රෝහලේ ගත කිරීමට ඔහුට සිදුවූ බවත් ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පළාත් අධ්‍යාපන ලේකම්ට යැවූ ලිපියේ සඳහන් වේ.
මීට කාලයකට ඉහත හතර දෙනකු සෝපානයේ ගමන් කරද්දී සෝපානය කඩා වැටී අධ්‍යාපන කාර්යාලයයේ නිලධාරිනියක් තුවාල ලැබූ බව ද, මෙවැනි සිද්ධි කිහිපයක්ම පසුගිය කාලයේ වාර්තා වූ බව ද කියන ලංකා ගුරු සංගමය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍යයෙන් කෙනෙක් අනතුරකින් මැරෙනතුරු අපේ බලධාරීන් ඇස් අරින්නෙ නැහැ. අනික, අධ්‍යාපනය නම් කොහොමවත් ඇස් අරින්නේ නැහැ. (නි)
ශ්‍රී ලාංකිකයින්ට මර උගුලක් නොවූ අමාත්‍යාංශයක් වේද? (නි)
සෝපානය නැතුව පොඩ්ඩක් පඩිපෙළ පාවිච්චි කලා නම් සෞක්‍යටත් හොදයිනේ.(නදී)