(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මීතොටමුල්ල කුණ කන්ද නාය යාමෙන් පසු කොළඹ නගරයේ එකතුවන කුණු දිනකට මෙට්‍රික් ටොන් 350 බැගින් කරදියාන කසල අංගනයට බැහැර කිරීමට කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය කොළඹ මහ නගර සභාවට අවසර දුන්නේය.
කොළඹ මහ නගර සභාව අධිකරණයෙන් කළ ඉල්ලීමක් මත එම කසල බාරගන්නා ලෙස අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂවරයාට නියෝග කෙරිණි.
එහි සභාපතිනි රුවිනි ධර්මසිරි මහත්මිය විසින් එම කසල බාරගැනීමට අවශ්‍ය කටයුතු යොදන බව අධිකරණයට දන්වනු ලැබුවාය.






COMMENTS
තව අව්රුදු දෙක තුනකින් මීතොටමුල්ල 2 වේවි. ඉසේ අමාරුවට කොට්ටෙ මාරු කරනවා විතරයි, හරි හමන් විසඳුමක් නෑ.
මේ කුණු සමග අර 225 දෙනාවත් ඇරියනම් තමයි හොඳ .
කුණු ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍ර ලක්ෂ 300 ට ඉස්තරම්ම එකක් මිලදී ගන්න පුළුවන්. මන්ත්‍රී කෙනෙක්ගේ එක පර්මිට් එකක සල්ලි. මේ යන්ත්‍රයෙන් දිනකට කුණුවලින් ප්ලාස්ටික් , කඩදාසි , යකඩ ,ටින් කිලෝ ලක්ෂය 50ක් වෙන් කරගන්න පුළුවන්. මේ වෙන් කරගන්න ඒවා පැක් වශයෙන් සකස් කර විදේශ රටවල කර්මාන්තශාලා වලට ඉතා ඉහල මුදල් වලට විකුණා හොද අදායමක් ගන්නත් පුළුවන්. ඇයි මෙච්චර සරල දෙයක්වත් රටේ වෙන්නේ නැත්තේ කියන එක තමා ප්‍රශ්නේ ? අපේ රටේ හැමෝම බලාගෙන ඉන්නේ අගමැතිතුමා හැම ප්‍රශ්නයක්ම විසදනකල්. ඇමති මණ්ඩලයක් , මන්ත්‍රීවරු ඉන්නේ වාහන පර්මිට් ගන්න සුරසැප විදින්න විතරද?
රටේ දේශපාලුවෝ එකිනෙකාට ඇඟිල්ල දිග් කරලා හරි තමන්ගේ ඇඟ බේරගන්නයි දඟලන්නේ. මතුවුනු විරෝධතාවලට කඳුළු ගෑස් ගහන්න, බැටන් පොලුවලින් පහරදෙන්න උත්සුක වුණු අණ දීපු දේශපාලුවෝ කවුරුවත් තමන්ගේ වගකීම භාරගත්තේ නැහැ. අපේ රටේ දේශපාලුවෝ කියන්නේ.., " මොන ක්‍රමේකින් හරි බලය අරගන්නා, කිසිම මනුස්සකමක් නැති අමනුස්සයෝ කොටසකුයි " කියලයි රටට වගේම මුළුමහත් ලෝකෙටම ප්‍රදර්ශනය කළේ. ඔය උදවියගේ සැබෑ නිරුවත ලෝකෙටම පෙන්නුම් කල මොහොතක හැටියටයි මම මේ සිදුවීම දකින්නේ.
දැන් ඉතින් කරදියාන ගමේ කට්ටිය පාරට බැහැල උද්ගෝෂණය කරයි
මේ පිළිබඳව මීට වඩා විසඳුමක් ගැන හිතන්න අපට දැනුමක් නැති බව දැන්වත් අපි නිහතමානීව පිළිගනිමු.
මේවා කොළඹින් පිට ඈත මිනිස් වාසයෙන් පිට පළාතකට ගෙනිහින් දාල ඉතා එක්මනින් ප්‍රතීචක්‍රීකරණයට භාජනය කරන්න බලන්න කරදියාන කුණුවල දුගඳ සහ ඒවායේ අහිතකර ප්‍රතිපල අත් විදින්නවෙන්නේ පොදූ වාහන වල තනි අන්ඩෙන් එල්ලිලා යන එන අයට සහ මේ අවට වාසය කරන ලංකාවේම ජන කොට්ටශයකට කියලා මනුශ්‍යත්වයේ නාමයට සිතන්න
මේ විදිහට පොලිතින් මලු වල දමාගෙන ගොස් කසල එක ගොඩකට විසි කරහම කුණු කදු ගොඩ ගැහෙන එක පුදුමයක් නෙවේ , දිරායන ශාක සහ සත්ව අපද්‍රව්‍ය වෙනමත් , කඩදාසි වෙනමත් , විදුරු වෙනමත් , ලෝහ වෙනමත් වර්ග කල යුතුය , එවිට ඒවා පහසුවෙන් ප්‍රති චක්‍රී කරණය කල හැක මෙම කුණුගොඩ සම්පතක් බවට පත් කරගන්න පුළුවන් , දැනුම තිබෙන නිලධාරීන් රටේ හිටියට කම්මැලි කම නිසා රට මෙම තත්වයට වැටිලා තිබෙනවා ,
රටේ සම්පත් අවභාවිත කලාට මමනම් කියන්නේ ඔය කුණු ගෙනිහින් දැමිය යුත්තේ මැද මුලන ඉඩමට කියලයි ...
කොළඹ වැනි අධික ජන ඝනත්වයක් ඇති ප්‍රදේශයක කුණු එකතු කොට ගොඩ ගසා තිබීම ප්‍රයෝගික විසදුමක් නොවේ. ප්‍රයෝගිකව කල යුතුව තිබෙන්නේ, නගරය තුල තවකාලික කුණු එකතු කරන ස්ථාන ඇතිකොට, වරින් වර ඒවා නගරයෙන් පිටත ස්ථිර ස්ථාන වලට ගෙන යාමයි. මගේ දැනුමට, මෙයට ඇති හොඳම විසදුම වන්නේ, පසු ගිය රජය යෝජනා කල කසල ජන ඝනත්වයෙන් අඩු මඩකලපුව ප්‍රදේශයේ ස්ථිරව තැන්පත් කිරීමයි. මෙයට සමහරුන් විරුද්ධ විය හැකි නමුත්, බොහෝ දෙනාගේ යහපත සඳහා මෙම අදහස ක්‍රියාවට නැඟිය යුතුයි.
ඩි සිල්වා ... ඔබ හරි ... ඔබ කියූ පරිදි තමයි ලෝකයේ බහුතරයක් මේ අපද්‍රව්‍ය බෙදා වෙන්කර ප්‍රතිචක්‍රීය කරණය කෙරෙන්නේ . කරුමෙට අපේ රටේ මේවා දැනුවත් කරදී මහජනයා එ්සදහා පෙළඹවීමට දේස පාලකයන් අසමත් වෙලා . දේසපාලකයන්ට සුඛෝපබෝගී වාහන වලට වෙන්කරන මුදල් රටේ අත්‍යවශ්‍ය ව්‍යාපෘතිය යෙදවීමට මොවුන් මැලිවන්නේ මන්ද ?
අනේ අපේ ගම.. .. සමහර රටවල් අනෙක් රටවල කුණු අරගෙන බල ශක්තිය හදනවා. kompost හදනවා. බලවතුන් ඒවා denadenath ඇස්පියාගෙන ඉදීම ප්‍රතිපල. මේ විදින්නේ. සුවිදනය හොඳට කසල කළමනාකරණ කරනවා. .
මේ දුප්පත් අහිංසක මිනිසුන්ගේ අදෝනාව ඈත ලෝකවලටත් ඇහෙන්නට ඇති...කුනුගොඩේ ඉපදී, කුණු ගොඩේම දන ගා , බහතෝරා හැදුන දරුවා, කුණුගොඩ අසලම තියෙන දුප්පතුන් සඳහාම තියෙන පාසලට යන්න ඇති, මැස්සොත් සමග හමාගෙන එන කුණු ගඳ මේ අයට හුරු වෙන්නත් ඇති, කුණු ගොඩ නිසාම ඒ අයට හරියකට කෑමක්වත් පිළියෙළ කර ගන්න බැරිවෙන්න ඇති...දරුවන් නිතරම ලෙඩ රෝග වලට ගොදුරුවෙන්නටත් ඇති...දරුවා ළමයෙක් වුනාට පස්සේ ...මේ කුණු කන්දෙන් යකඩ කැබලි , ප්ලාස්ටික් කැබලි ආදිය එකතුකොට විකුණා මුදල් කර සිය පවුල රැක ගන්න උරදෙන්නටත් ඇති...අවසානයේදී ඒ කුණු කන්දටම බිලිවී මියැදෙන්නට ඇති.......... උගත් බුද්ධිමත් මිනිස්සුනේ ඒ තමයි ශ්‍රී ලංකාව නමින් හඳුන්වන අඳුරු දුපතේ සිදුවුන ඒ වගේම සිදුවන හෙටත් අනිවාර්යයෙන්ම සිදුවේයැයි සිතිය හැකි අවාසනාවන්ත සිදුවීම් රැසක එක සිදුවීමක්.. දේශපාලුවනේ නිදහස ලැබුන දිනසිට වසර 70 ක්ම රට කෑවා හැර ඔබලා කරපු එකම එක වැදගත් වැඩක් වත් තියෙනවාද ... රටේ කුණු ටික හරියට ප්‍රයෝජනවත් විදිහට කළමනාකරණය කරගන්න බැරි දේශපාලුවන් කොහොමද රටේ ආර්ථිකය සාර්ථක විදිහට කළමනාකරණය කර රට වැටී තිබෙන මහත්වූ අගාධයෙන් ගොඩ ගන්නේ...? රටම අසරණයි...
සමන්ත කියන කතාවේ සත්‍යයක් තිබෙනවා , මම ජිවත් වන ජර්මනියේ ජනගහනය මිලියන 0.5 හෝ ඊට වැඩියෙන් ජිවත්වන විශාල නගර 10 කට වැඩිය තිබෙනවා , ඔවුන් සුඛෝපභෝගී ජිවිත ගතකරන නිසා නිපදවන කසල ප්‍රමාණය ලාංකිකයෙක්ට වැඩිය වැඩි , මේ හැම නගරයකම කුණු ප්‍රතිචක්‍රීකරණය කරන කර්මාන්තශාලා එකක් හෝ කිහිපයක් තිබෙනවා ඒවා ක්‍රියාත්මක කරන්නේ පුද්ගලික අංශය මගින් , ඔවුන් ලාභ උපයනවා , යන්ත්‍ර ගෙන එන්න මුදල් නොමැති නම් මෙම ක්‍රියාදාමය මිනිසුන්ට කරන්න පුළුවන් , ලංකාවේ ඉන්නවා රස්සා නැති මිනිස්සු ඕනේ තරම් , පොලිතින් බෑග් වල දමල කැලිකසල වගුරු බිම් වලට හැලීමෙන් එහි භූගත ජලය දුෂණය වෙලා , දැනට රජරට ප්‍රදේශයේ තිබෙන වකුගඩු රෝගය වැනි රෝග ඉදිරියට කොලබ අවට ජිවත්වන මිනිසුන්ට ඇති වෙන්න පුළුවන් , මේ වැනි ප්‍රශ්නවලට හරි නම් වගකියන්න ඕනේ රටේ පරිසර ඇමතිතුමා , ලෝකයේ දියුණු රටක නම් මෙවැනි තත්වයක් ඇති උනහම පරිසර ඇමති ඉල්ලලා අස්වෙනවා , කොටින්ම කියනව නම් ලංකාවේ පරිසර ඇමති කෙනක් ඉන්නවද ඒ කවුද කියලවත් හුඟ දෙනෙක් දන්නේ නැහැ
කුණු ප්‍රශ්නේට හොඳ විසදුමක් 2014 දි ගෝඨාභය ගෙනත් සල්ලිත් වෙන්කරා.
මේ වගේ ප්‍රශ්න වලට අමුඩ ගහන නුසුදුසු දේශපාලකයන් මේ රටට යහපතක් කරයි කියා සිතිය නොහැක රටේ නායකත්වයේ සිටම නුගත් කම පෙන්නුම් කිරීම පමණයි
විජේ... ඉතින් එම වෙන්කරපු සල්ලි වලට මොකද වුනේ ?