(විනීතා එම් ගමගේ)
කොළඹ හා ආසන්න නගර සියල්ලකම රජයේ රෝහල් මෙන්ම පෞද්ගලික රෝහල් ද ඩෙංගු හා ඩෙංගු යැයි සැක කරන රෝගීන් ගෙන් පිරී ගොස් ඇතැයි ලංකාදීප කළ සොයා බැලීමකදී අනාවරණය විය.
කොළඹ නගරයේ පෞද්ගලික රෝහල් සියල්ලකම පාහේ අද වනවිට ඇඳක් ලබා ගැනීම අපහසු වූයේ උණ රෝගීන් ගෙන් පිරී ගොස් තිබිණි.
සෞඛ්‍ය අමාත්‍යංශය ඉකුත් 12 වනදා නිකුත් කළ වාර්තාවන්ට අනුව ඩෙංගු රෝගීන් 30000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී ඇති අතර 61 දෙනෙක් මිය ගොස් තිබේ.
ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරිමට වෙනම අධිසත්කාර ඒකක සහ වාට්ටු සංකීර්ණ ස්ථාපිත කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පසුගියදා සෞඛ්‍ය බලධාරින්ට උපදෙස් දුන් අතර එම ඒකක අධීක්ෂණය කිරීමට විශේෂඥ වෛද්‍යවරුන් වන ආනන්ද විජේවික්‍රම සහ ලක්කුමාර් ප්‍රනාන්දු යන මහත්වරුන් ට භාර දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකේ උඩින්ම තිබුණු ලංකාවේ සුව සේවාව නම් අද පහළටම ගිහින්. ඇමැතිලා තමන්ගේ සේවය කරනවා වෙනුවට ව්‍යවස්ථා හදන්න, බලය බෙදන්න ගිහින් නේ...
කොළඹ කුණු කන්ද අනුව ඩෙංගු රෝගීන් මිලියන හතරක් වුණත් පුදුම වෙන්න ඕන නැහැ...
රටේ ඩෙංගු නැති කරගන්න ඇමතිතුමා උපදෙසක් ගන්න පුතාව හොයනවලු. පුතා මේ දවස් වල ඩෙංගු කියන්නේ මොකක්ද? කියල ඉගෙන ගන්නවලු. ඉතින් කොහොමද? ඩෙංගු රටෙන් තුරන් කරන්නේ.
තනතුරු , ලංකාවේ ලංකාවේ සෞඛ්‍ය ඇමති සිදුවීම, සිංගපුරුවෙන් බෙහෙත් ගැනීම අපිට හිතෙන දේ අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ