(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

කොළඹ අපරාධ කොට්ඨාසයේ තවත් පොලිස් නිලධාරීන් 13 දෙනෙකුට කොරෝනා  වෛරසය ආසාදිත වී ඇතැයි  අද වෛද්‍ය වාර්තාවලින්  අනාවරණය  වූ බව  කොළඹ අපරාධ කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියයි.

මීට දින කිහිපයකට ඉහත දී මෙම කොට්ඨාසයේ භෝජනාගාර පාලක ලෙස කටයුතු කරන පොලිස් කොස්තාපල් වරයාට කොරෝනා වෛරසය  ආසාදනය වී තිබිණි. ඒ බව අනාවරණ වී ඇත්තේ රෝග ලක්ෂණ පහළ වීමෙන් පසු එම කොස්තාපල්වරයා විසින්ම  පෞද්ගලික රෝහලකින් සිදුකරගත්  පී.සී.ආර්. පරීක්ෂණයකින් බවද  පොලිස් නිලධාරියක් පැවැසීය .

ඉන් අනතුරුව ඔහු  සමග සමීපව කටයුතු කළ තවත් පුද්ගලයන් 20 දෙනෙකුගේ  පී.සී.ආර්. පරීක්ෂණ කිරීමෙන් අනතුරුව තවත් 13 දෙනෙකුට එම වෛරසය ආසාදිත වී ඇතැයි  අනාවරණය වූ බව එම  පොලිස් නිලධාරියා පැවැසීය

කොරෝනා අසාදිත භෝජනාගාර පාලක ලෙස කටයුතු කොට පොලිස් කොස්තාපල් වරයා පුනානි නිරෝධාන මධ්‍යස්ථානයේ  ප්‍රතිකාර ලබන බව පොලිස් නිළධාරියා වැඩිදුරටත් පැවසීය.