කළමනාකරණ සහකාර 111 වන පන්තියේ තරඟ විභාගය සමත් වූවන් අතුරින් 1000 කට වැඩි පිරිසකට පත්වීම් ලිපි අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රදානය කරන ලදි.
රට සීඝ්‍ර දියුණුවක් කරා ගෙනයාමට අවශ්‍ය ආර්ථික න්‍යාය පත්‍රයක් ඉදිරි වසර කිහිපයේ සකස් කිරීමට තමන් පියවර ගන්නා බව මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ජනාධිපතිතුමා සමඟ ද සාකච්ඡා කර මෙම න්‍යාය පත්‍රය සකස් කරන බව කී අග්‍රාමාත්‍යවරයා එහි අරමුණ 2030 - 2032 වන විට මේ රට වැඩි ආදායම් ආර්ථිකයක් ඇති රටක් බවට පත්කිරීම බව ද පැවසීය.
ප්‍රධාන පක්‍ෂ දෙක එක්වී ඇතිකළ ජාතික ආණ්ඩුව මගින් වෙනස් නොවන ජාතික ප්‍රතිපත්ති මාලාවක් ඇතිකරන බවද කී අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතා කවුරුන් බලයට ආවත් වෙනස් නොවන ප්‍රතිපත්තියක් ඇති එංගලන්තය, ඉන්දියාව වැනි රටවල තත්ත්වයට එක් පිම්මකින් ළංවීමේ හැකියාව ශ්‍රී ලංකාවට ලැබෙන බව ද සඳහන් කළේය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන්න බැරිවුණ අයගෙ ඊර්ෂ්‍යාවට කියන කතාත් මෙතන තියෙයි. මොනවා කරන්නද ඉතින්. (නි)
රජයේ පාසල්,රජයේ රෝහල්, රජයේ කාර්යාල, මේ ඔක්කොම නරකයිලු, ඒත් රජයේ රැකියා කිව්වම දුවලා එන්නේ ගන්න, ඒකත් තමන්ට නම් විතරයි. කොහොමත් රජයේ සේවකයින්ට කාර්යක්ෂමතා කඩයිම් තියෙනවා.පුහුණුවීම් තියෙනවා. ඒත් හැමෝම එක විදිහේ නෑනේ. (අ)
තිස්ස නියම ගණන මහින්ද බාරගන්නකොට තිබ්බේ 600000 ගානයි . මහින්ද යනකොට 14000000දක්වා වැඩි කර ඇත . රජය සේවයේ කාර්යක්ෂමතාවය ඉහල නැංවීම තමයි කලයුත්තේ . (අ)
මෙයාලගෙන් වැඩක් කරගන්න ගියාම තමා අමාරු. (අ)
අාසිරි කියලා තියන දේ නම් සහතික ඇත්ත (හේ)
1000 ක් නෙවෙයි හරියට වැඩකරන 10ක් පත්වීම් දීලා පටන් ගත්තා නම් හරි. මේ බහුතරයක් නොමිලේ උසස් අධ්‍යාපනය ලබලා ආණ්ඩුවේ රැකියාවල් අරගෙන මහජනයාට පාට් දාලා අයිස් ගහමින් පෙන්ෂන් එක අරන් ගෙදර නොගියොත් පුදුමයි. (හේ)
ජීවිතයම මහජන මුදලින් යෙපෙන ශරීර හොරු (අ)
කරුණාකරලා මේ අයට කාර්යාල කළමනාකරණය ගැන හොඳ පුහුණුවක් දෙන්න. එසේම ඒ පුහුණුවෙන් පසුව පරීක්ෂණයක් තියලා වාචික හා ප්‍රායෝගික පරීක්ෂණයක් අනිවාර්යෙන්ම තිබිය යුතුයි. සමත්වෙන අයට වැටුප් වර්ධක ලබාදිය යුතුයි. (නි)
රාජ්‍ය සේවය රටට දැන් බරකි. මහින්ද රට බාරගන්නකොට හිටියේ 900000 කි. මහින්ද යනකොට 1500000 දක්වා රටට ඔරොත්තු නොදෙන මට්ටමට වැඩිකරලා ගියේ. දැන් ආයෙත් රැකියා දෙන්න පටන් අරගෙන. (නි)