බුලත්කොහුපිටිය කළුපහන කන්ද නායයාමෙන්  පණ පිටින් වැළලුණු තවත් පස් දෙනෙකුගේ සිරුරු අද (19) සොයා ගත් බව සහන සේවකයෝ කියති. පුංචි දැරියක හා  කාන්තාවන් සිව් දෙනෙකුගේ සිරුරු අද සොයා ගැනිණි. සොයාගත්  මුළු සිරුරු සංඛ්‍යාව දහයකි. මේ නාය යාමෙන් 16 දෙනෙකු අතුරුදන්  වී  යැයි  මුලින්  ලැබුණු  වාර්තා  වල සඳහන්  විය.