බුලත්කොහුපිටිය කළුපහණ කන්දේ මහා ගස්,ගල්පෙරලා ගෙන සැඩ වතුර පහරක් කිලෝමීටරයක් පමණ පහළට ගසා ගෙන ගොස් ඇති බව පෙනෙයි. තේ වගා කර තිබු එම වත්තේ නාය ගිය කොටසේ දැන් ඇත්තේ මහා මඩ වළකි. ලා රතු පැහැ පස් කන්දකි. එම පස් කන්දට ලයින් කාමර දහයක් පමණ යට වී ඇත. අද (18) කළුපහනවත්තේ වත්ත උඩින් කළු වළා එක් රැස් වෙමින් තිබිණි. උදේ සිට වරින් වර වැසි ද වැටේ.
පසුගිය 17 වැනි දා සිදු වු නායයෑමෙන් ලයින් කාමර 10 ක සිටි 16 දෙනෙකු අතුරුදන් වී ඇතැයි සහන සේවකයෝ කියති. ඔවුන් අතර පිරිමින් හයදෙනෙකු කාන්තාවන් නවදෙනෙකු ද හය මසක දරුවකු ද සිටි බව බුලත්කොහුපිටිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි.
බුලත්කොහුපිටිය ඛේදවාචකයෙන් මිය ගිය වැසියන්ගේ මරණ පරික්ෂණ සඳහා රුවන්වැල්ල මහේස්ත්‍රාත් ඩී.ජී.ජයතිලක මහතා කරවනැල්ල රෝහලේ දොස්තර හේරත් ද සමඟ එහි පැමිණියේය. එහෙත් මරණ පරික්ෂණය පැවැත්වීමට වැස්ස අවහිරයක් විය. එහෙයින් ගොඩගත් සිරුරු දෙකක සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය කරවනැල්ල රෝහලේ දී අද (18) සවස 3 ට පැවැත්වීමට නියමිතය. මහේස්ත්‍රාත් පරික්ෂණය හෙට (19) පැවැත්වීමට නියමිතය. එහි පැමිණියේය.
යුද හමුදාවේ 50ක පමණ බළ ඇණියක් ද පොලිසියේ 30 දෙනෙක් ද තවත් අයගේ සහයෙන් වැසි බර කාලගුණය මැද්දේ සිරුරු සොයති.
මෙම වත්තේ තවත් පැත්තක නාය යෑමේ තර්ජනයක් නිසා ගෙවල් 28 ක 100 දෙනෙක් පමණ ඉවත් කරනු ලැබ සිටිති.
ඔවුනට බුලත්කොහුපිටිය සීලානන්ද විදුහලේ නවතැන් සපයා ඇතැයි ප්‍රාදේශිය ලේකම් රම්‍යා ජයසුන්දර මහත්මිය කියන්නීය.
‘අපි නිදා ගෙන හිටියේ. රෑ 10 ට පමණ මහ හඬක් ඇහුණා.අපි එළියට පැන්නා. ලයින් කාමරයේ පැත්තක් යටවී තිබුණා.පස් කන්දක් වතුරට ගලා ගෙන එනවා දැක්කා. සීයයි,අච්චියි,මාමායි සිටි ලයින් ගේ පෙන්නවත් නෑ.’ මුරුගයියා රාජේන්ද්‍රන් සිය අත්දැකීම් මෙසේ විස්තර කළේය.
කළුපහණවත්ත මෙම පෙදෙසේ නාය යන ලකුණු ඇති හෙයින් එයින් ඉවත් වන ලෙස වසර දෙකකට පෙර නිවැසියන්ට දන්වා තිබිණි.
‘එහෙම කිව්වාට අපිට යන්න තැනක් නෑ . එකයි අපි මෙතෙනම හිටියේ. මුරුගයියා දිග සුසුමක් හෙළමින් කීවේය.’
නාය යෑම බලන්නට එන අයගෙන් අතුරුදන් වුවන් සෙවීමට බාධා ඇති වන බවත් කළ හැකි හොඳම දේ අවතැන් වී සිටින තැන් වලට ගොස් ඔවුනට උපකාර කිරිම බව සහන සේවකයෝ කියති.
බෙංගාල බොක්කේ අඩු පීඩනය පීඩන අවපාතයක් වී කන්කසන්තුරේට කිලෝමීටර 400 ක් උතුරින් ශ්‍රි ලංකාවෙන් ඈතට ගමන් කරන බවත් උතුරේ වැසි ද ඒ අනුව අඩු විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වලට ද තවත් ස්ථාන වලට අදත් වැසි ඇති විය හැකි බවත් මිලිමිටර 75 ක් දක්වා තරමක තද වැසි ද පවතිත විය හැකි බවත් කාලගුණ විද්‍යාඥයෝ කියති.
ජායාරූප - තරිඳු ජයවර්ධන
ජායාරූප- ළහිරු හර්ෂණ
ජායාරූප - කෞෂල්‍ය සමින්ද බණ්ඩාර
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
කළුපහණෙ ලොකු කෑල්ලක් පහළට වැටිලා
සරත් Wednesday, 18 May 2016 10:22 AM
විපතට පත් අයට කඩිනම් සහන සපයන්න පාට පක්ෂ නොබලා
බණ්ඩාර Wednesday, 18 May 2016 10:48 AM
මීට අවරුදු 30 කට විතර ඉහතදී කෑගල්ලේ බුලත් කොහුපිටිය සහ දොළොස්බාගේ බෙරවිල මේ වගේම විනාශයක් උනා මතක් වෙනවා. අසරණ මිනිස්සු ගැන කනගාටු වෙනවා. අදාළ නිලධාරින් හරියට ක්‍රියාත්මක වෙන්නේ නැති බව මේකෙන් හොඳට පැහැදිලිවෙනවා. (ර)
ශෂිකා Wednesday, 18 May 2016 10:57 AM
අනේ මේ අය කොපමණ අසරණද... ලයින් කාමරවල වාසය අනතුරු දායකයි කිව්වට ඒ මිනිස්සු කොහේ යන්නද..? ගෙවල් හදලා දුන්නනම් හරිනේ. (ර)
මංගල වේලාරත්න Wednesday, 18 May 2016 11:15 AM
සියලුම කදු බැවූම් වල නිවාස වෙනුවට සුරක්ෂිත නිවාස ලබා දීමට අවදානය යොමු කරන්න. (ර)
දීපාල් Wednesday, 18 May 2016 11:30 AM
මිය ගිය සීයලු දෙනාටම නිවන් සැප ලැබේව ! සියලුම සෙබළුන්ට අපගේ උත්තමාචාරය. (ර)
ගුණේ Wednesday, 18 May 2016 01:49 PM
ස්වභා ධර්මය සියල්ලට වඩා බලවත් , මේ මිනිස් ලොව අස්ථිර තැනක්, බුදු දහම ගුරුකොට ගනිමු , දුක් සෝ සුසුම් පිසදන්න එය මනා සළුවක් . (අ)
යසන්ත Wednesday, 18 May 2016 10:18 PM
විශාල ඛේදවාචකයක්. අපිට හරිම කණගාටුයි. (නි)